
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, 25 වන ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (National Sales Awards) සම්මාන 17 කින් පිදුම් ලැබීමට පසුගියදා සමත් විය. ශ්‍රී ලංකා විකුණුම් ආයතනය [Sri Lanka Institute of Marketing (SLIM)] මඟින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද අතර, එහිදී ප්‍රධාන සම්මාන කාණ්ඩ හතර වන Frontliner, Sales Executive, Sales Supervisor සහ Territory Manager යන කාණ්ඩ සියල්ලම යටතේ රන් සම්මාන දිනාගත් එකම දුරකථන සන්නිවේදන සමාගම බවට SLT-MOBITEL පත් විය.
ස්ථාවර දුරකථන සහ ජංගම දුරකථන යන සේවා අංශ දෙකම නියෝජනය කරමින් රන් සම්මාන 4 ක්, රිදී සම්මාන 3 ක්, ලෝකඩ සම්මාන 5 ක් සහ කුසලතා සම්මාන 5 ක් ඇතුළුව සම්මාන 17 ක් දිනාගැනීමට SLT-MOBITEL මෙහිදී සමත් විය. මෙය සමාගමේ විකුණුම් වෘත්තිකයන්ගේ දක්ෂතාව සහ කැපවීම මැනවින් පිළිබිඹු කරන ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකි වේ.
SLT-MOBITEL හි පාරිභෝගික විකුණුම් අංශයේ ඓතිහාසික ජයග්‍රහණයක් වන මෙය, එම අංශයේ විකුණුම් විශිෂ්ටත්වය යළිත් තහවුරු වූ අවස්ථාවක් විය. රන් සම්මාන 4 ට අමතරව රිදී සම්මානයක්, ලෝකඩ සම්මාන 3 ක් සහ කුසලතා සම්මාන 3 ක්ද දිනාගැනීමට එම අංශයට හැකියාව ලැබිණි.
අවසන් වටයට තේරුණු තරගකරුවන් දැඩි ඇගයීම් ක්‍රියාවලියකට මුහුණ දුන් අතර, ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදි. ශ්‍රී ලංකාවේ විකුණුම් ක්ෂේත්‍රයේ ප්‍රධානතම ඉසව්වක් වන මෙම සම්මාන උළෙල, SLT-MOBITEL හි පාරිභෝගික සම්බන්ධතා කණ්ඩායම්වලත් සහායක කණ්ඩායම්වලත් විශිෂ්ටත්වය සහ කැපවීම වෙනුවෙන් නිසි ඇගයීමක් හිමිවුණු අවස්ථාවක් ලෙස හැඳින්විය හැකි වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Mobitel (පුද්.) සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (පාරිභෝගික අලෙවි හා බෙදාහැරීම්) සුගත් අබේසිංහ මහතා මෙසේ පැවසීය:
“කණ්ඩායමක සාර්ථකත්වය කිසිවිටෙකත් අහඹුවක් වන්නේ නැහැ. එය අඛණ්ඩ කැපවීම, විනය, පොදු දැක්මක් සහිතව කටයුතු කිරීම සහ සාමූහිකත්වය වැනි සාධක රැසක ප්‍රතිඵලයක්. ඉහළ කාර්යසාධනයක් සහිතව පැහැදිලි ඉලක්ක හඹා යන මෙවැනි කණ්ඩායමකට නායකත්වය දීමට ලැබීම පිළිබඳව මා බෙහෙවින් සතුටු වෙනවා. ඔවුන්ගේ නිරවද්‍යතාව, ඉවසීම සහ කැපවීම විකුණුම් විශිෂ්ටත්වය සම්බන්ධයෙන් නව ආදර්ශ සනිටුහන් කර තිබෙනවා. ජාතික මට්ටමින් මෙවැනි ඉහළ ඇගයීමකට ලක්වීම අපගේ කණ්ඩායම සතු වාණිජමය හැකියාවන් පිළිබඳ ප්‍රබල සහතිකයක්. මෙම ජයග්‍රහණය පිටුපස ඇත්තේ අඛණ්ඩ උත්සාහයක සහ කාර්යසාධනය කෙරෙහි යොමු කළ නොසැලෙන අවධානයක ශක්තියයි. අපගේ නායකත්ව කණ්ඩායම වෙනුවෙන්, මෙම ජයග්‍රහණයේ කොටස්කරුවන් වූ සියලුම දෙනාට මගේ හෘදයාංගම සුබපැතුම් මෙසේ පිරිනමනවා.”
ශ්‍රී ලංකා විකුණුම් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන ජාතික විකුණුම් සම්මාන උළෙල, විකුණුම් ක්ෂේත්‍රයේ කාර්යසාධනය, නායකත්වය, නවෝත්පාදනය සහ ව්‍යාපාරික වර්ධනය යන අංශවල විශිෂ්ටයන් ඇගයීමට ලක්කරන ජාතික මට්ටමේ වේදිකාවක් ලෙස වසර 25 ක් පුරා ක්‍රියාත්මක වී තිබේ. එහි ප්‍රධානතම අරමුණ වන්නේ විකුණුම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් දිරිගන්වන අතරම එහි ප්‍රමිතිය සහ වෘත්තීයභාවය තවදුරටත් ශක්තිමත් කිරීමය.
අලෙවි විශිෂ්ටත්වය සම්බන්ධයෙන් දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයට නව ආදර්ශ හඳුන්වා දෙන අතරම විශිෂ්ට දක්ෂතා සහිත වෘත්තිකයන් බිහිකිරීම සහ ඉහළ කාර්යසාධනයක් සහිත ආයතනික සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම SLT-MOBITEL හි අරමුණයි. ඒ ඔස්සේ සේවා ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නංවමින්, පාරිභෝගිකයන්ට සහ රටට ඉහළම ප්‍රතිලාභ පිරිනැමීමට සමාගම අඛණ්ඩව කැප වී සිටී.


