
සුවිසල් තිරයක් තිබූ පමණින් සෑම රූපවාහිනී යන්ත්රයක්ම හොඳ රූපවාහිනී යන්ත්රයක් ලෙස හැඳින්විය නොහැකිය. මන්ද අද වන විට Samsung Sri Lanka විසින් නවීන තාක්ෂණයෙන් සුසැදි නවතම Mini LED රූපවාහිනී පෙල මෙරට වෙළෙඳපොලට හඳුන්වා දී ඇති බැවිනි. කුඩා තිරයකින් සමන්විත වුවද විශිෂ්ට තිර තාක්ෂණයකින් හා AI තාක්ෂණයෙන් බල ගැන්වෙන ශ්රී ලාංකේය පාරිභෝගිකයා මෙතෙක් අත් නොවිඳි අසමසම විශේෂාංග රැසක් හඳුන්වා දීමට මේ සමඟ Samsung Sri Lanka සමාගම සමත්ව සිටියි.
සාමාන්ය LED රූපවාහිනීවලට වඩා බෙහෙවින් කුඩා LED බල්බ භාවිත කරමින් Mini LED රූපවාහිනී නිෂ්පාදනය කර ඇත. මේ හේතුවෙන්, රූපවාහිනී තිරය පුරා විහිදෙන ආලෝකය ඉතා පහසුවෙන් පාලනය කිරීමට රූපවාහිනියට හැකියාව ලැබෙන අතර, එහි ප්රතිඵලයක් ලෙස වඩාත් තියුණු වර්ණ විවිධත්වයක් සහ ඉහළ පැහැදිලිභාවයකින් යුත් රූප දැක ගැනීමට හැකියාව උදා වනු ඇත.
ඉතා දීප්තිමත් මෙන්ම ඉතා අඳුරු ප්රදේශ සහිත දර්ශන නැරඹීමේදී මෙම වෙනස වඩාත් පැහැදිලිව අත්විඳිය හැකිය. Mini LED HDR තාක්ෂණය මගින් රූපයේ ඉතා දීප්තිමත් කොටස්වල ආලෝකය ඒ අයුරින්ම පවත්වා ගන්නා අතරම, අඳුරු කොටස්වල ඇති සියුම් විස්තරද එලෙසින්ම තිරය මත රඳවා තබා ගනී. මෙම තාක්ෂණය තුලින් රූපයක් වඩාත් පැහැදිලිව තිරය වෙත ගෙන ඒමට හැකි වේ. එමෙන්ම එමගින් තිරය මත ආලෝකය විහිදුවන ආකාරය පිළිබඳව රූපවාහිනියට වඩාත් ඉහළ සහ නිවැරදි පාලන බලයක් ලබා දෙනු ඇත.
ඉහළ phosphor තාක්ෂණය සහිත Pure Spectrum Color තාක්ෂණය මගින්, Natural looking Images සඳහා More Accurate colors ලබා දෙමින් වඩාත් පුළුල් වර්ණ පරාසයක් නිපදවීම Mini LED හි විශේෂත්වයකි. එහි එන Color Booster විශේෂාංගය මගින් රූප තවදුරටත් වැඩි දියුණු කරන අතර, දර්ශනයේ සියලු විස්තර එලෙසින්ම පවත්වා ගනිමින් වර්ණ වඩාත් කැපී පෙනෙන ලෙස ඉස්මතු කිරීමට උපකාරී වේ.
මෙහිදී අදහස් දැක්වූ Samsung Electronics හි ශ්රී ලංකාවේ සහ මාලදිවයිනේ පාරිභෝගික ඉලෙක්ට්රොනික අංශයේ අධ්යක්ෂ/ප්රධානී Sabry Ansar මහතා “එදිනෙදා විනෝදාස්වාදය තුළ තාක්ෂණය මඟින් ඇති කළ හැකි සුවිශේෂී වෙනස අපගේ පාරිභෝගිකයින් වෙත ලබා දීමට අපි කටයුතු කර තිබෙනවා. අපගේ නවතම Mini LED රූපවාහිනී නිෂ්පාදන පෙළ හරහා, ඉතා ඉහළ රූප ගුණාත්මකභාවයක්, AI-විශේෂාංග සහ වඩාත් සුපැහැදිලි දර්ශන නැරඹීමේ හැකියාව ලබා දීමට අපට හැකි වී තිබෙනවා. එමගින් පාරිභෝගිකයා ආකර්ෂණය කර ගනිමින් ඉතා පහසුවෙන් රසවිඳිය හැකි අසමසම අත්දැකීමක් ලබා දීමට හැකි වන අතරම මෙම නව නිපැයුම් ශ්රී ලාංකික පාරිභෝගිකයන් වෙත රැගෙන ඒමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.” යනුවෙන් පැවසීය.

මෙහිදී බොහෝ ක්රියාවලීන් ස්වයංක්රීයව සිදුවන බැවින් නරඹන්නන්ට කිසිදු සැකසුමක් වෙනස් කිරීමට අවශ්ය නොවේ. Samsung හි NQ4 AI Gen2 ප්රොසෙසරය මගින් තිරය මත ධාවනය වන දර්ශන සජීවීව විශ්ලේෂණය කරනු ලබන අතර, රූපවල වර්ණ වෙනස, වර්ණ ගැන්වීම් සහ පැහැදිලිභාවය ස්වයංක්රීයවම සකස් කර දෙයි.
මෙහි ඇති Vision AI Companion විශේෂාංගය මගින් රූපවාහිනිය සමඟ කටයුතු කිරීමේ තවත් නවතම අත්දැකීමක් පාරිභෝගිකයින් වෙත ලබා දී ඇති Mini LED නරඹන්නන්ට තමන් කැමති ප්රශ්න ඇසීමට, තොරතුරු සෙවීමට හෝ තිරය මත නරඹමින් සිටින දේ පිළිබඳ වැඩිදුර විස්තර සෘජුවම ලබා ගැනීමටද අවස්ථාව උදා කර දී ඇත. මේ නිසා, රූපවාහිනිය හුදෙක් දර්ශන පමණක් පෙන්වන උපකරණයක සිට නරඹන්නාගේ අවශ්යතාවලට සජීවීව ප්රතිචාර දැක්විය හැකි බුද්ධිමත් මෙවලමක් බවට නිරායාසයෙන් පරිවර්තනය වනු ඇත.
පාපන්දු ලෝලීන් වෙනුවෙන්ම සැකසූ Soccer Mode විශේෂාංගය, ක්රීඩා පිටියේ ඇති ප්රධාන තොරතුරු, වර්ණ සහ පැහැදිලි බව ඉහළ නැංවීම මගින් තරඟ වඩාත් ආකර්ෂණීය ලෙස නැරඹීමට උපකාරී වේ. විශේෂයෙන්ම තරඟයේ පන්දුව සහ ක්රීඩකයන් ඉතා වේගයෙන් පිටියේ එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ගමන් කරන තීරණාත්මක මොහොතවලදී වුවද, දර්ශන ඉතා පැහැදිලිව දැක ගැනීමට නරඹන්නාට මෙයින් පහසුව සැලසේ.
රූපවලට පමණක් නොව ශබ්ද රටාවන් සඳහාද මෙම සුවිශේෂී තාක්ෂණය හඳුන්වා දී ඇති අතර AI Sound Controller මගින් තිරය මත සිදුවන දේ අනුව ශබ්දය ස්වයංක්රීයව වෙනස් වීම සිදුවේ. විවිධ කොටස් නිසි ලෙස සමබර කිරීමට හැකි එහි soundtrack තුලින් චිත්රපටයක සුපැහැදිලි දෙබස් ගෙන ඒමට මෙන්ම සජීවී ක්රීඩා තරඟයකදී පසුබිමෙන් ඇසෙන ඝෝෂාව ඉවත් කර නිවේදකයන්ගේ විස්තර විචාරය ඇසීමේ අවස්ථාව උදා කර දෙයි.
පාරිභෝගිකයෙකු රූපවාහිනියක් තුලින් බලාපොරොත්තු වන දේ අද වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බව මේ තුලින් මනාව අවබෝධ කර ගත හැකි අතර තිරයේ විශාලත්වයට වඩා ඒ පිටුපස ඇති දත්ත සැකසුම් බලය, ශබ්දයේ ගුණාත්මකභාවය සහ කෘත්රිම බුද්ධිය ඉතා වැදගත් බවද අවධාරණය කරයි.


