SLT-MOBITEL Enterprise ව්‍යවසාය නවෝත්පාදනයේ මීළඟ යුගය වෙනුවෙන් Nutanix තාක්ෂණයෙන් බලගැන්වෙන Enterprise Premium Cloud හඳුන්වා දෙයි

Nutanix (1) (LBN)

Sri Lanka Telecom PLC සමාගමේ ව්‍යවසාය සේවා අංශය වන SLT-MOBITEL Enterprise විසින් මෑතකදී Nutanix තාක්ෂණයෙන් බලගැන්වෙන SLT-MOBITEL Enterprise Premium Cloud හඳුන්වා දෙන ලදි. පසුගියදා කොළඹ ITC Ratnadipa හිදී පැවති Lanka Tech Summit 2026 හිදී මෙම හඳුන්වාදීම සිදුකෙරිණි.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමට සහය වීමේ අරමුණින් Premium Cloud නිර්මාණය කර ඇත. එය මෙරට ව්‍යාපාරවලට තම තොරතුරු තාක්ෂණ පහසුකම් වැඩිදියුණු කරගැනීමටත්, ව්‍යාපාරයේ වඩාත්ම තීරණාත්මක මෙහෙයුම් කටයුතු ශක්තිමත් කරගැනීමටත්, විශ්වාසයෙන් යුතුව AI තාක්ෂණික විසඳුම් භාවිතයට ගැනීමටත් අවස්ථාව සලසා දෙයි. මෙම සේවාව Hybrid multi-cloud පසුබිමක් තුළ ව්‍යාපාරයක නම්‍යශීලීතාවත්, ව්‍යාපාරික කාර්යසාධනයත් එක්තැන් කරයි. එමඟින් ව්‍යාපාරවලට වඩාත් කාර්යක්ෂම ලෙස ආපදා ප්‍රතිසාධනය (disaster recovery) සිදු කිරීමටත්, බාධාවකින් තොරව තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමටත් හැකියාව ලැබේ.




මෙය SLT-MOBITEL Enterprise හඳුන්වා දී ඇති multi-cloud සේවාවන්හි තවත් වැදගත් සන්ධිස්ථානයකි. මෙරට ව්‍යාපාරවලට දිනෙන් දින ඩිජිටල්කරණය වන ආර්ථිකයක් තුළ තරගකාරීව ඉදිරියට යාමට උපකාරී වන නවීන, සුරක්ෂිත සහ අනාගත අභියෝගවලට ගැළපෙන විසඳුම් හඳුන්වා දීම සඳහා SLT-MOBITEL Enterprise දක්වන උනන්දුව හා කැපවීම මෙමඟින් මැනැවින් පිළිබිඹු වේ.

මෙම හඳුන්වාදීමේ තවත් එක් විශේෂත්වයක් වන්නේ, මෙම කලාපයේ Nutanix Elevate Service Provider Program (NESPP) වෙත සම්බන්ධ වන ප්‍රථම සේවා සපයන්නා SLT-MOBITEL Enterprise වීමය. මෙය ජාත්‍යන්තරව පිළිගත් cloud තාක්ෂණයන් සහ විශිෂ්ටතම ක්‍රමවේදයන් මෙරටට හඳුන්වා දීම සඳහා  SLT-MOBITEL Enterprise දරන උත්සාහයේ තවත් සාර්ථක ප්‍රතිඵලයකි.

Hybrid multicloud computing ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන Nutanix හි තාක්ෂණයෙන් බලගැන්වෙන මෙම සේවාව, යටිතල පහසුකම් කළමනාකරණය සරල කරන ඒකාබද්ධ cloud වේදිකාවක් මත ගොඩනංවා ඇති අතර, ව්‍යාපාර ස්ථාන, පොදු cloud පහසුකම් edge locations අතර යෙදුම් සහ දත්ත බාධාවකින් තොරව මාරු කිරීමට අවස්ථාව ලබාදෙයි. මෙය ජාත්‍යන්තර cloud තාක්ෂණික නවෝත්පාදන දේශීය විශේෂඥ දැනුම හා සහාය සමඟ ඒකාබද්ධ කරමින් SLT-MOBITEL Enterprise හි multi-cloud සේවා එකතුව තවදුරටත් ශක්තිමත් කරන පියවරකි. එමඟින් ව්‍යාපාරවලට වඩාත් ශක්තිමත්, ආරක්ෂිත සහ ඉහළ කාර්යසාධනයකින් යුත් cloud තාක්ෂණික පහසුකම් හිමි වේ.

SLT-MOBITEL හි Tier III data centre යටිතල පහසුකම් තුළ ස්ථාපිත කර ඇති Premium Cloud, ඉහළම තලයේ ආරක්ෂාවක්, විශ්වාසනීයත්වයක් සහ නම්‍යශීලීතාවක් සහතික කරමින්, ව්‍යාපාරවලට මුහුණ දීමට සිදුවන තොරතුරු තාක්ෂණික බාධා සහ අභියෝග අවම කරයි. එමෙන්ම ව්‍යාපාරය දියුණු වීමට සමගාමීව මෙම පහසුකම් තවදුරටත් පුළුල් කිරීමේ හැකියාව ඇත. ආරක්ෂාව සහ අනුකූලතාව අඛණ්ඩව පවත්වාගනිමින් තොරතුරු තාක්ෂණ මෙහෙයුම් තවදුරටත් දියුණු කිරීමටත්, ව්‍යාපාරයේ විවිධ අංශවල කාර්යසාධනය වැඩිදියුණු කිරීමටත්, ඩිජිටල් නවෝත්පාදනය වේගවත් කිරීමටත් ව්‍යාපාරවලට සහාය වීම සඳහාම මෙය නිර්මාණය කර ඇත.

Lanka Tech Summit 2026 සඳහා ප්‍රධාන තාක්ෂණ සහ තොරතුරු තාක්ෂණ නිලධාරීන්, තාක්ෂණික ක්ෂේත්‍රයේ පුරෝගාමීන් සහ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් රැසක් සහභාගී වූ අතර, එහිදී hybrid multi-cloud භාවිතය සහ ඩිජිටල් පරිවර්තනයේ නවතම ප්‍රවණතා සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරිණි. SLT-MOBITEL Enterprise Premium Cloud හඳුන්වාදීමේ අවස්ථාවට විවිධ මාතෘකා ඔස්සේ සිදු කළ  දේශන, විධායක මට්ටමේ අදහස් දැක්වීම් සහ සජීවී තාක්ෂණික ප්‍රදර්ශන ඇතුළත් වූ අතර, hybrid multi-cloud භාවිතයෙන් වැඩි ව්‍යාපාරික නම්‍යශීලීතාවක් සහ දීර්ඝකාලීන වර්ධනයක් අත්කර ගත හැකි ආකාරයද එහිදී පෙන්වා දෙන ලදී. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් වීමේ ප්‍රවණතාව සහ එහි අනාගතය වෙනුවෙන් ගොඩනැංවෙමින් පවතින සහයෝගීත්වයන්හි ස්වභාවය මැනැවින් පිළිබිඹු කළේය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව