KOKO සහ සෙලින්කෝ ඉන්ෂුවරන්ස් එක්ව KOKO පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙයි

Image - KOKO and Ceylinco Insurance Introduce Sri Lanka’s First Medical Insurance (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ‘මිලදී ගෙන පසුව ගෙවීමේ’ (BNPL) ඩිජිටල් වෙළෙඳපොලක් වන KOKO, සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ එක්වෙමින් සුවිශේෂී වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. KOKO පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් විශේෂයෙන් සැලසුම් කර ඇති එය ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය රක්ෂණ ක්‍රමයද වේ.

ශ්‍රී ලංකාවේ මුල්‍ය තාක්ෂණ (fintech) සහ රක්ෂණ ක්ෂේත්‍රයන්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම හවුල්කාරීත්වය සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතනය සතු දශක ගණනාවක සෞඛ්‍ය රක්ෂණ පළපුරුද්ද සහ KOKO සමාගම සතු පාරිභෝගික ප්‍රජාව පිළිබඳ අවබෝධයේ එකතුවකි. ඒ අනුව KOKO පරිශීලකයන්ගේ ඩිජිටල් පුරුදු සහ මූල්‍ය අවශ්‍යතාවලටම ගැලපෙන සුවිශේෂී වෛද්‍ය ආරක්ෂණ විසඳුමක් ලබා දීමට ඔවුන් කටයුතු කර ඇත.




සාමාන්‍ය සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් වෙනුවට KOKO පාරිභෝගිකයන් වෙනුවෙන්ම විශේෂයෙන් සැලසුම් කළ වටිනා සහන පැකේජයක් වන මෙම රක්ෂණ ක්‍රමය පාරිභෝගිකයින් විසින් දැනටමත් භාවිත කරන ඩිජිටල් අවකාශය තුළින්ම ඉතා පහසුවෙන්, අඩු පිරිවැයකින් සහ ඉක්මනින් සක්‍රිය කර ගත හැකි වීමද විශේෂත්වයකි. මේ තුලින් රෝහල්ගත වීම්, ප්‍රතිකාර වියදම් සහ ප්‍රධාන වෛද්‍ය අවශ්‍යතා වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 40,000 දක්වා වූ ඉහළ වෛද්‍ය රක්ෂණ ආවරණයක් සපයනු ලබයි.

‘සෙලින්කෝ සුව සම්පත’ ලෙස හඳුන්වා දී ඇති මෙම සුවිශේෂී රක්ෂණ සැලසුම මඟින් KOKO පාරිභෝගිකයන් වෙත පිළිගත් රෝහල්ගතවීම් සහ ශල්‍යකර්ම රක්ෂණ පහසුකම් හිමිකර ගැනීමටද හැකි වේ. පුළුල් රෝහල් ජාලය, රෝහල් වෙත සෘජුවම මුදල් ගෙවීමේ පහසුකම් හා පෞද්ගලික මෙන්ම රජයේ රෝහල් සඳහා සුදුසු රෝහල්ගතවීම් සහ ශල්‍යකර්ම වියදම් නැවත ගෙවීම වෙනුවෙන් “සුව සම්පත” රක්ෂණ ක්‍රමය වඩාත් පිළිගැනීමට ලක්ව ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ KOKO හි කලාප ප්‍රධාන විධායක නිලධාරී Michael Sathasivam මහතා සඳහන් කර සිටියේ “KOKO සෑමවිටම පාරිභෝගිකයන්ගේ එදිනෙදා අවශ්‍යතා හඳුනාගනිමින් ඔවුන්ගේ ජීවිත වඩාත් සරල සහ පහසු කරන විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. පුද්ගලයෙකුගේ මූල්‍ය ස්ථාවරත්වයට සෞඛ්‍ය රක්ෂණය ඉතා වැදගත් වනවා. එහෙත් සාම්ප්‍රදායික රක්ෂණ ක්‍රමයන් බොහෝ විට සංකීර්ණ හෝ අවශ්‍යතාවට නොගැලපෙන බැවින් ඒවා ලබා ගැනීමට පාරිභෝගිකයින් උනන්දුවක් දක්වන්නේ නැහැ. සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය හරහා, KOKO පාරිභෝගිකයන් වෙනුවෙන්ම විශේෂයෙන් සැලසුම් කළ වෛද්‍ය රක්ෂණයක් නිර්මාණය කිරීමට අපි කටයුතු කළේ ඒ නිසයි. එමඟින් විශ්වාසවන්ත රක්ෂණ සේවාවක ඇති පළපුරුද්ද සහ අපගේ ඩිජිටල් පද්ධතියේ ඇති පහසුව තුලින් පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවලට ගැලපෙන වටිනා විසඳුම් ලබා දීමට අපට හැකියාව උදා වනවා.” යනුවෙනි.

මෙම හවුල්කාරීත්වය ඩිජිටල්කරණය උපයෝගී කරගනිමින් ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් තවදුරටත් සමීප කිරීමේ තවත් එක් ඉදිරි පියවරක් ලෙසද සඳහන් කළ හැකිය. මුදල් ගෙවීමේ ක්‍රම පහසු කිරීම සහ පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමේදී වැඩි නම්‍යශීලී බවක් ලබාදීම වෙනුවෙන් තම ඩිජිටල් අවකාශය නිර්මාණය කළ KOKO දැන් පාරිභෝගිකයන් වෙත විශ්වාසවන්ත වෛද්‍ය රක්ෂණ විසඳුමක් ලබා දීමට කටයුතු කර ඇත්තේ මූල්‍ය හැකියාවෙන් ඔවුන් ශක්තිමත් කරමිනි.

ශ්‍රී ලංකාව පුරා මිලියන තුනකට ආසන්න app ඩවුන්ලෝඩ්ස් ප්‍රමාණයක් සහ දහස් සංඛ්‍යාත වෙළෙඳ හවුල්කරුවන් ජාලයක් සතු KOKO ඩිජිටල් තාක්ෂණය භාවිතා කරන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ හැසිරීම් පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන සිටියි. මෙම මනා අවබෝධය නිසාම වර්තමානයේ තම පාරිභෝගිකයන් මූල්‍ය සේවාවන් ලබාගන්නා සහ කළමනාකරණය කරන නවීන ඩිජිටල් ක්‍රමවේදයන්ටම ගැළපෙන සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් සකස් කිරීමට සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් ආයතනය සමඟ එක්ව කටයුතු කිරීමට හැකි ව් තිබේ.

අද වන විට භාවිත කරනු ලබන ඩිජිටල් අවකාශයන් තුලින් සරල හා පහසු මූල්‍ය විසඳුම් පාරිභෝගිකයින් බලාපොරොත්තු වේ. මෙම හවුල්කාරීත්වය මඟින් වර්තමාන පාරිභෝගිකයන්ගේ එම වෙනස් වන අරමුණු KOKO මැනවින් නිරූපණය කරනු ලබයි. ඒ අනුව, මෙම වෛද්‍ය රක්ෂණ සැලසුම, KOKO වෙත ඇතුළත් කිරීම හේතුවෙන් පාරිභෝගිකයන්ට හුරුපුරුදු ඩිජිටල් අත්දැකීමක් හරහාම ඉතා පහසුවෙන් සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබාගැනීමට අවස්ථාව උදා වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුරන්ස්හි අධ්‍යක්ෂ රොෂාන් රණසිංහ මහතා “මූල්‍ය සහ රක්ෂණ විසඳුම් ලබාගැනීමේදී පාරිභෝගිකයින් වර්තමානයේදී වැඩි පහසුවක් සහ නම්‍යශීලී බවක් බලාපෙරොත්තු වනවා. ඒ නිසාම මේ ආකාරයේ හවුල්කාරීත්වයක් තුලින් උසස් තත්ත්වයේ රක්ෂණ ආවරණයක් ඔවුන් වෙත ලබා දීමට හැකි වීම පිළිබඳව ඉතාමත් සතුටට පත්වනවා. KOKO සමඟ ඇති කරගත් අපගේ මෙම සබඳතාවය හරහා සෙලින්කෝ සමාගම සතු ශක්තිය සහ විශ්වාසය, ඩිජිටල් ගෙවීම් පද්ධතියක ඇති පහසුව සමඟ එකට එකතු වෙනවා. එමඟින් පාරිභෝගිකයන්ට ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය රක්ෂණ ආරක්ෂාවක් පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාව උදාවනවා” යනුවෙන් පැවසීය.

සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ශක්තිමත් ශාඛා ජාලයක් සමඟින් වෛද්‍ය රක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ ඉහළ විශේෂඥ දැනුමකින් යුත් සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2025 වසරේ පැවති SLIM-Kantar People’s Awards හිදී අඛණ්ඩව 19 වන වරටත් ‘වසරේ ජනප්‍රියම සාමාන්‍ය රක්ෂණ සන්නාමය‘ (People’s General Insurance Brand of the Year)  ලෙස සම්මාන දිනා ගැනීමටද සමත් විය.

KOKO හි ඩිජිටල් තාක්ෂණය සහ සෙලින්කෝ ජෙනරල් ඉන්ෂුවරන්ස් හි සෞඛ්‍ය රක්ෂණ විශේෂඥතාවය තුලින් වෛද්‍ය රක්ෂණයක් ලබාගත හැකි අලුත්ම ක්‍රමයක් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වෙත හඳුන්වා දීමට මේ සමඟ හැකියාව උදා විය. මුදල් ගෙවීමේ පහසුකම් සැපයීම පමණක් නොව පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතාවලට ගැලපෙන වටිනා විසඳුම් සපයන පුළුල් මූල්‍ය පද්ධතියක් බවට ඩිජිටල් යෙදුම් තවදුරටත් වර්ධනය විය හැකි ආකාරය මේ තුලින් මනාව ප්‍රදර්ශනය වේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව