
අමානා බැංකුව රට පුරා ජනතාවට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් සිය 46 වන ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය බලංගොඩ ප්‍රදේශයේදී විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේය. අමානා බැංකුව රත්නපුර දිස්ත්‍රික්කයේ විවෘත කළ ප්‍රථම ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය මෙයයි.
කාටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වන, අංක 321A, රත්නපුර පාර, බලගහමුල්ල, බලංගොඩ යන ස්ථානයේ මෙම නව මධ්‍යස්ථානය පිහිටා තිබේ. සෑම දිනකම පැය 24 පුරා විවෘත මෙම මධ්‍යස්ථානය වෙතින් මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ලබාගැනීම සහ චෙක්පත් තැන්පත් කිරීම ඇතුළු සේවාවන් රැසක් ලබාගත හැක. මෙය ප්‍රදේශවාසී ජනතාවට මෙන්ම ව්‍යාපාරවලටද සුවිශාල පහසුවක් වනු නිසැකය.
මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට බලංගොඩ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්. ඩී. කේ. සී. නවරත්න මහතා සහ බලංගොඩ මහා ජුම්මා මස්ජිද් දේවස්ථානයේ ප්‍රධාන ඉමාම් අෂ් ෂෙයික් රෂාඩ් සමාන් රහ්මානි ඇතුළු සම්භාවනීය ආරාධිතයන් මෙන්ම ප්‍රදේශයේ ප්‍රජා නායකයින්, ව්‍යාපාර නියෝජිතයින් සහ ගනුදෙනුකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ. අමානා බැංකුව නියෝජනය කරමින් එහි සහකාර උප සභාපති (කලාප අංක 02) අසාම් අමීර් මහතා සහ රත්නපුර ශාඛාවේ ශාඛා කළමනාකරු අසීස් ජුනයිඩීන් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
“අපගේ බැංකු ජාලය බලංගොඩ දක්වා ව්‍යාප්ත කිරීමට හැකි වීම සහ රත්නපුර දිස්ත්‍රික්කයේ අපගේ පළමු ස්වයං බැංකුකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමට ලැබීම අපට විශාල සතුටක්. මෙමඟින් බලංගොඩ ප්‍රදේශවාසීන්ගේ මූල්‍ය සේවා අවශ්‍යතා සපුරාලන අතරම නවීන බැංකුකරණ විසඳුම් හරහා ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු වනවා.” අමානා බැංකුවේ සහකාර උප සභාපති අසාම් අමීර් මහතා පැවසීය.
මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමට සමගාමීව අමානා බැංකුව විසින් සිය ආයතනික සමාජ වගකීම් සහ ප්‍රජා සංවර්ධන මෙහෙවරේ කොටසක් වශයෙන් ප්‍රදේශයේ දුෂ්කර පාසල් කිහිපයකට ලිපිද්‍රව්‍ය බෙදාදීමක්ද සිදුකරන ලදි.
අමානා බෑන්ක් පීඑල්සී යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී, කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි සමාගමකි. එහි ප්‍රධාන කොටස්කරු වන IsDB සමූහය යනු ‘AAA’ ශ්‍රේණිය හිමි, රටවල් 57 ක සාමාජිකත්වයන් සහිත බහුපාර්ශ්වීය සංවර්ධන මූල්‍ය ආයතනයකි. පොලී රහිත බැංකුකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ආයතනයක් ලෙස සිය ස්ථාවරය සනාථ කරමින් අමානා බැංකුව ආසියානු බැංකුකරුවන්ගේ ආයතනය වෙතින් ලොව ප්‍රබලතම ඉස්ලාමීය බැංකු 50 අතරින් එකක් ලෙස අඛණ්ඩව පිළිගැනීමට ලක් වී ඇත.
අමානා බැංකුව සතුව වෙනත් උප සමාගම්, හවුල්කාර සමාගම් හෝ අනුබද්ධ සමාගම් නොමැති අතර, එය OrphanCare භාරයේ ආරම්භක අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි


