
ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය විසින් පසුගිය දින පවත්වනු ලැබූ ‘Aberdeen Chairman’s Awards 2026’ සම්මාන උලෙළේ දී විශිෂ්ට ව්‍යාපාරික කාර්යසාධනය, නවෝත්පාදනය සහ නායකත්වය ඇගයීමට ලක් කෙරුණි. ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ මෙන්ම ක්ෂේත්‍ර රැසකට විවිධාංගීකරණය වූ සමුහ ව්‍යාපාරයක් වන ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය, විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ ෂැංග්‍රි-ලා (Shangri-La Ballroom) පරිශ්‍රයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.
ඇබර්ඩීන් සමූහයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම සඳහා අඛණ්ඩව දායකත්වය සපයන සමාගම් සහ පුද්ගලයින් ඇගයීමට ලක් කිරීමේ අරමුණින් පැවැති මෙම සම්මාන උලෙළ සඳහා සමූහයේ නායකයින් සහ විවිධ සමාගම් නියෝජනය කරන කණ්ඩායම් සාමාජිකයෝ එක්ව තිබුණි. සමූහයේ වසර 30ක අභිමානවත් ගමන්මඟේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම සම්මාන උලෙළ, ජයග්‍රහණ, අනාගත අභිලාෂයන් සහ දිගුකාලීන සාර්ථකත්වය උදෙසා සාමූහිකව සිදු කරන ලද කැපවීම ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් වෙන් විය.
ඒ අනුව මෙම සම්මානනීය රාත්‍රියේ දී පිරිනමන ලද ඉහළම ආයතනික ගෞරව සම්මානය වන Chairman’s Award for Best Company, Expo Commodities Global (ECG) සමාගම වෙත හිමි විය. මෙහිදී සමාගමේ මූල්‍ය ශක්තිය, මෙහෙයුම් කාර්යක්ෂමතාව, වෙළඳපොළ සංවර්ධනය, නවෝත්පාදනය, තිරසාරභාවය, යහපාලනය සහ සේවක සහභාගීත්වය ඇතුළු සියලු ක්ෂේත්රයන්හි පෙන්නුම් කළ විශිෂ්ට කාර්යසාධනය අගයමින් මෙම සම්මානය පිරිනමන ලදී. රටවල් 12 කට අධික සංඛ්‍යාවක ව්‍යාප්ත වී ඇති, බහුජාතික කෘෂි- වෙළෙඳ භාණ්ඩ ව්‍යාපාරයක් වන Expo Commodities Global (ECG) සමාගම කුළුබඩු, සගන්ධ තෙල් සහ පොල් නිෂ්පාදන හරහා සිය ගෝලීය ව්‍යාපාරික ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කර ඇති අතර මෙම සම්මානය මගින් එහි කැපී පෙනෙන වර්ධනය, ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රගතිය වෙනුවෙන් ලබාදුන් සුවිශේෂී දායකත්වය සහ අඛණ්ඩව විශිෂ්ටත්වය කරා ගමන් කිරීම සඳහා දක්වන කැපවීම ඇගයීමට ලක් කෙරුණි.
මෙම සම්මාන උලෙළේ දී නැගී එන විශිෂ්ටතම ව්‍යාපාරික ආයතනය සඳහා වන Chairman’s Award for Best Emerging Entity සම්මානය Damn Fine Coffee සමාගම වෙත හිමි වූ අතර, එහි අනුශූරතාව රුහුණු ෆාම්ස් සමාගම විසින් දිනා ගන්නා ලදී. ව්‍යාපාරික ක්ෂේත්රය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගනිමින්, කාර්යක්ෂම කළමනාකරණයක් සහ දිගුකාලීන තිරසාර පැවැත්මක් තහවුරු කිරීමේ හැකියාව පෙන්නුම් කරන ආයතන මෙම සම්මානය සඳහා ඇගයීමට පාත්‍ර විය. උසස් තත්ත්වයේ කෝපි සහ නවෝත්පාදන විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ කෝපි සංස්කෘතිය ඉහළ නැංවීමේ අරමුණින්, Damn Fine Coffee සමාගම මෙම ක්ෂේත්රය තුළ සිය පැවැත්ම තහවුරු කර ගැනීමට සමත්ව විය. සිය මෙහෙයුම් අඛණ්ඩව පුළුල් කරමින්, උසස් තත්ත්වයේ නිෂ්පාදන සැපයීම සහ වගකීම්සහගත ගොවිතැන් ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් රුහුණු ෆාම්ස් සමාගම කුකුළු පාලන නිෂ්පාදන ක්ෂේත්රය තුළ සිය ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ. ඒ අනුව, මෙම ජයග්‍රහණ ද්විත්වය මගින් ඇබර්ඩීන් සමූහයේ වර්ධනය වෙමින් පවතින ව්‍යාපාරික ජාලය තුළ පවතින ව්‍යවසායකත්ව දැක්ම, කැපවීම සහ ඉදිරි වර්ධනය සඳහා ඇති හැකියාව මැනවින් පිළිබිඹු කරයි.
එමෙන්ම, Expo Commodities Global හි ප්‍රධාන විධායක නිලධාරී (CEO) ෆාසිල් ෆවුසි (Fazil Fowzi) මහතාගේ දූරදර්ශී නායකත්වය සහ සමාගමේ වර්ධනය වෙනුවෙන් ඔහු ලබා දුන් උපායමාර්ගික දායකත්වය අගයමින් Chairman’s Visionary Award සම්මානය ඔහු වෙත පිරිනැමුණි. මෙම සම්මානය මගින් නව අවස්ථා හඳුනාගනිමින්, විශ්වාසය ගොඩනඟමින් සහ සිය දැක්ම සමාගමට මෙන්ම සමස්ත සමූහයට ද සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන නායකයින් ඇගයීමට ලක් කිරීම විශේෂත්වයකි.
මෙම සම්මාන උලෙළ පිළිබඳව අදහස් දක්වමින් ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් හි සභාපති සත්තාර් කාසිම් (Sattar Kassim) මහතා මහතා මෙසේ පැවසීය:
“Aberdeen Chairman’s Awards 2026 සම්මාන උලෙළ, අපගේ 30 වසරක ගමන්මඟේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා. අපගේ ව්‍යාපාර දිනෙන් දින ඉදිරියට ගෙන යන පිරිසගේ කැපවීම, ධෛර්යය සහ අභිලාෂයන් මෙම සම්මාන තුළින් ඇගයීමට ලක් වෙනවා. මේ වසරේ ජයග්‍රහණ සමරන අතරම, වඩාත් ඉහළ ප්රමිතීන්, නව අවස්ථා සහ අප සැම එක්ව ගොඩනඟන සාර්ථකත්වය වෙතත් අපි අවධානය යොමු කරනවා.”
එදින සන්ධ්‍යාවේ දී ඇබර්ඩීන් සමූහය ශක්තිමත් කිරීමට දායක වූ පුද්ගලයන් ද ඇගයීමට ලක් කෙරුණි. ඒ අනුව ආදර්ශමත් නායකත්වයක් ලබා දෙන, සහෝදර සේවකයන්ට සහාය වන සහ සිය දෛනික කාර්යභාරයන් තුළින් සමූහයේ වටිනාකම් ප්‍රායෝගිකව පිළිබිඹු කරන පුද්ගලයින් මෙහිදී ඇගයීමට පාත්‍ර විය.
Spirit of Aberdeen සහ Aberdeen Leadership Excellence යන සම්මාන කාණ්ඩ යටතේ, සිය කැපවීම, කණ්ඩායම් හැඟීම, මූලිකත්වය ගෙන කටයුතු කිරීම සහ නායකත්වය තුළින් සමූහය පුරා අර්ථවත් වෙනසක් ඇති කරන පුද්ගලයින්ට ගෞරවය පිරිනැමිණි.
මීට අමතරව, Production Excellence, Service Delivery Excellence, People Architect, Brand Catalyst Recognition, Business Development & Sales Excellence, Innovation, Sustainability & Social Impact, Digitalisation & Transformation සහ Financial Excellence යන කාර්යසාධන කාණ්ඩ නවය යටතේ ද සම්මාන පිරිනැමිණි.
ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් සමූහය පුරා මෙහෙයුම් ප්රමිතීන් ඉහළ නැංවීම, ව්‍යාපාරික වර්ධනය, නවෝත්පාදනය සහ දිගුකාලීන වටිනාකම් නිර්මාණය කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරන කණ්ඩායම් සහ පුද්ගලයින් මෙලෙස ඇගයීමට පාත්‍ර කොට තිබුණි.
විශේෂයෙන්ම, මෙහිදී Decades of Dedication සම්මාන කාණ්ඩය යටතේ වසර ගණනාවක් පුරා ඇබර්ඩීන් සමූහයේ මෙහෙයුම් කටයුතු සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් දීර්ඝ කාලීන සේවකයින්ගේ විශ්වාසවන්තභාවය සහ අඛණ්ඩ කැපවීම අගයමින් ඔවුන්ට ද උපහාර පිරිනමන ලදී.
විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයන්ගෙන් සමන්විත ස්වාධීන විනිශ්චය මණ්ඩලයක මඟපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම Aberdeen Chairman’s Awards 2026 සම්මාන උලෙළ, විශ්වසනීයත්වයෙන් සහ පැහැදිලි අරමුණකින් යුතුව විශිෂ්ටත්වය ඇගයීම සඳහා ඇබර්ඩීන් හෝල්ඩින්ග්ස් දක්වන කැපවීම පිළිබිඹු කළේය.සිය විවිධාංගීකරණය වූ ව්‍යාපාර ක්ෂේත්‍ර ඔස්සේ තවදුරටත් වර්ධනය වන සමූහය, ඉහළ කාර්යසාධනයක් දක්වන ව්‍යාපාර ශක්තිමත් කිරීම, වර්ධන හැකියාව සහිත නව ව්‍යාපාරවලට සහාය වීම සහ අනාගතය වෙනුවෙන් තිරසාර වටිනාකමක් නිර්මාණය කිරීම කෙරෙහි අඛණ්ඩව අවධානය යොමු කරයි.


