
ශ්‍රී ලංකාවේ පළිබෝධ හා මදුරු කළමනාකරණ ක්ෂේත්රයේ ප්රමුඛ ආයතනයක් වන Exterminators PLC සහ එක්සත් රාජධානිය පදනම් කර ගත් Sentario UK Limited එක් වී කෘතිම බුද්ධිය (AI) මත පදනම් වූ MACCP X™ Mosquito Intelligence Platform හඳුන්වා දී තිබේ. මදුරු ව්‍යාප්තිය, රෝග අවදානම්, පරිසර වෙනස්කම් සහ භූගෝලීය දත්ත විශ්ලේෂණය කරමින් රෝග ව්‍යාප්තියට පෙර අවදානම හඳුනා ගැනීම මෙම නව වේදිකාවේ ප්‍රධාන අරමුණ වේ. Exterminators PLC සහ Sentario UK Limited නිර්මාතෘ හා කළමනාකරණ අධ්යක්ෂ මාලන් ෆෙරේරා මෙම වේදිකාව සංවර්ධනය කර ඇති අතර 2018දී හඳුන්වා දුන් MACCP 2000™ (Mosquito Analysis Critical Control Points) සංකල්පයේ නවතම හා දියුණු කළ සංස්කරණය ලෙස මෙය සැළැකේ.
ශ්‍රී ලංකාවේ සියලුම පළාත් සහ දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම AI for Social Good වැඩසටහන යටතේ MACCP X™ මගින් මදුරු ව්‍යාප්තිය හා මදුරුවන්ගෙන් බෝවන රෝග පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කිරීමට හැකි වේ. එමගින් මහජන සෞඛ්‍ය බලධාරීන්, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ ප්‍රජාව වෙත විද්‍යාත්මක දත්ත මත පදනම් වූ තීරණ ගැනීමේ හැකියාව දෙනු ඇත. මෙම වේදිකාව රෝග නිරීක්ෂණය, පරිසර අධීක්ෂණය, භූගෝලීය අවදානම් සිතියම්කරණය, පූර්ව අනාවැකි විශ්ලේෂණය සහ ඉලක්කගත මදුරු කළමනාකරණ තීරණ ගැනීමට සහාය දීම වැනි නවීන පහසුකම් රැසකින් සමන්විත වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මදුරුවන්ගෙන් බෝ වන රෝග හේතුවෙන් වාර්ෂිකව මිලියන 700කට අධික ජනතාවක් පීඩාවට පත් වන අතර ලක්ෂ 7කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙති. දේශගුණික විපර්යාස, නාගරීකරණය සහ ජනගහණ වර්ධනය හේතුවෙන් මෙම අවදානම තව දුරටත් ඉහළ යයි. “ප්‍රතිකාරයට වඩා වැළැක්වීම වටිනාකමින් ඉහළයි. MACCP X™ මගින් අපගේ දශක තුනකට වැඩි ක්ෂේත්‍ර අත්දැකීම් සහ කෘතිම බුද්ධියේ හැකියාව ඒකාබද්ධ කර අවදානම් කල් තියා හඳුනා ගන්නවා.” මාලන් ෆෙරේරා පැවසීය. වගකීම් සහගත AI භාවිතය පිළිබඳ මූලධර්මවලට අනුකූලව සංවර්ධනය කර ඇති MACCP X™ වේදිකාව මිනිස් විශේෂඥ දැනුම ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නොව එය ශක්තිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති බව ආයතනය අවධාරණය කරයි.


