HUTCH, SLIM Digis 2.5 හිදී සම්මාන 6ක් හිමි කර ගනිමින් විදුලි සංදේශ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා බවට පත්වෙයි.

Image - HUTCH, The Only Telecom Brand to Triumph at SLIM Premier Digital Awards (LBN)

HUTCH ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණයෙහි ප්‍රමුඛයා බව යළිත් තහවුරු කරමින්, SLIM Digis 2.5 හීදී සම්මාන හයක් දිනා ගැනීමට සමත් විය. මෙවර ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් සන්නාම අතරට HUTCH එක් වූ අතර, විදුලි සංදේශ ක්ෂේත්‍රයෙන් සම්මානයන් දිනාගත් එකම සන්නාමය වීමද විශේෂත්වයක් වනවා.

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සංවිධානය කරනු ලබන SLIM Digis 2.5 යනු, නවෝත්පාදනයන් සහ ඩිජිටල් විශිෂ්ටත්වය ඇගයීම සඳහා මෙරට පවතින ප්‍රමුඛතම වේදිකාවයි. HUTCH සමාගම සිය පාරිභෝගිකයන්ගේ දෛනික අවශ්‍යතා සමඟ සමීපව සම්බන්ධ වෙමින් නිර්මාණශීලීත්වය, මැනිය හැකි ප්‍රතිඵල සමඟ ඒකාබද්ධ කිරීමට ඇති හැකියාව සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රමිතීන් ස්ථාපිත කිරීම මෙම සම්මාන මගින් පිළිබිඹු කරයි. HUTCH, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම් (data-driven decision-making) මගින් මෙහෙයවනු ලබන සහ නව්‍ය නිර්මාණශීලීත්වයෙන් බල ගැන්වෙන, වෙනස් වන ඩිජිටල් පරිසරය තුළ ඉදිරියෙන් සිටී.

 



 

විදුලි සංදේශ අංශයේ ‘Best Use of Digital’ කාණ්ඩය යටතේ, හොඳම ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් HUTCH, සිය ‘There’s Always an Option’ ප්‍රචාරණ ව්‍යාපාරය වෙනුවෙන් සම්මානයක් දිනා ගත්තේය. මෙම ප්‍රචාරණ ව්‍යාපාරය HUTCH හි නවීකරණය වූ සන්නාම ගමන අර්ථ දක්වයි. පුරෝගාමී 2X සේවාව වෙනුවෙන් HUTCH සම්මානයට පාත්‍ර විය. එය home broadband සහ ජංගම දත්ත (mobile data) එක් සැලසුමකට ඒකාබද්ධ කරයි.තවද, මැතිවරණ සමයේදී ක්‍රියාත්මක වූ “රටටම HUTCH” නම් වූ ව්‍යාපාරය වෙනුවෙන්ද HUTCH ඇගයීමට ලක් විය. ‘Best Performance Marketing’ කාණ්ඩය යටතේ, භෞතික සිම්පත් නොමැතිව සම්බන්ධතාවය යළි අර්ථකථනය කරන eSIM සේවාව වෙනුවෙන් සහ දත්ත මත පදනම්වූ ප්‍රශස්තකරණය හරහා විදේශීය සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඇගයීමට ලක් වූ Roaming ප්‍රචාරක ව්‍යාපාරය සඳහාද HUTCH සම්මාන දිනා ගත්තේය.

HUTCH ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන අලෙවිකරණ නිලධාරී, හම්දි හසන් මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. “මෙම සම්මාන මගින් ඩිජිටල් යුගයේදී, මෙරට ප්‍රේක්ෂකයන් අතරට යන විශිෂ්ට නිර්මාණ කිරීමට අපගේ කණ්ඩායම්වල කැපවීම පිළිබිඹු වෙනවා. වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් සන්නාම අතරට සහ මෙවර සම්මාන ලැබූ එකම විදුලි සංදේශ සමාගම බවට පත්වීම අපට මහත් ගෞරවයක්. අපගේ පාරිභෝගිකයන්ට සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයට සැබෑ වටිනාකමක් ලබා දීමට අප දරන උත්සාහයන් මෙම ඇගයීමෙන් පිළිබිඹු වන බැවින්, මෙම ඇගයීම ලැබිය යුතු පිළිගැනීමක් බව අපි විශ්වාස කරමු.”

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව