නවතම Abans ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් Xiaomi 17T ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙයි

Image I (LBN)

සිය සන්නාමයේ දේශීය ගමන සනිටුහන් කරමින් Xiaomi Sri Lanka සමාගමේ නවතම Xiaomi 17T ස්මාර්ට් ජංගම දුරකතනය වෙළෙඳපොළට හඳුන්වා දීම සහ Abans දායකත්වයෙන් One Galle Face Mall හි පහළ මාලයේදී නවතම Xiaomi ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම පසුගියදා සිදු විය.

මෙරට තුළ සිය සන්නාමයේ වර්ධනය සහ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් දියුණු තාක්ෂණය මෙන්ම අන්තර්ජාලය හරහා සම්බන්ධ කළ හැකි උපාංග සහ විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් Xiaomi සිදු කරන කැපවීම මේ තුලින් මනාව පිළිඹිබු වේ.

‘’Step into a smarter world with Xiaomi’’ තේමාව යටතේ පැවති මෙම සුවිශේෂී උත්සවය සඳහා මාධ්‍යවේදීන්, ව්‍යාපාරික හවුල්කරුවන්, තාක්ෂණ ලෝලීන් සහ පාරිභෝගිකයින් රැසක් එක්ව සිටියහ. එදින One Galle Face Mall හිදී විවෘත කරනු ලැබූ නව ප්‍රදර්ශනාගාරය තුලින් පාරිභෝගිකයින්ට Xiaomi ස්මාර්ට් ජංගම දුරකතන, smart home නිෂ්පාදන, එදිනෙදා තාක්ෂණය සහ සම්බන්ධතා උපාංග පිළිබඳ අත්දැකීමක් ලබා දීමට අපේක්ෂා කරනු ලබයි. Abans සතු සුවිසල් අලෙවි ජාලය හා විශිෂ්ට පාරිභෝගික සේවාව ඊට ඉමහත් ශක්තියක් එක් කරනු ඇත.



සුපැහැදිලි ඡායාරූප, කාර්යක්ෂමතාව සහ දවස පුරා විශ්වාසයෙන් යුතුව භාවිත කළ හැකි හොඳම ස්මාර්ට් ජංගම දුරකතනයක් සොයන ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මෙම නවතම Xiaomi 17T, “The Telephoto Master,” ලෙසද හඳුන්වනු ලබයි. ඒ එහි ඇති 50MP Leica ප්‍රධාන කැමරාව, 50MP Leica 5x periscope ටෙලිෆොටෝ කැමරාව සහ 12MP ultra-wide කැමරාව නිසාය. මීට අමතරව එහි ඇති 120x AI Ultra Zoom, Leica Live Moment සහ Leica Summilux optical lens වැනි සුවිශේෂී තාක්ෂණයන් නිසා මිනිසුන්ගේ මුහුණු, පරිසර සුන්දරත්වය සහ විශේෂ ගමන් බිමන් වල මතකයන් ඉතා පැහැදිලිව සහ නිර්මාණශීලීව ඡායාරූපගත කිරීමට හැකියාව උදා කර දෙනු ඇත.

Xiaomi 17T සතු MediaTek Dimensity 8500-Ultra ප්‍රොසෙසරය හේතුවෙන් එකවර වැඩ කිහිපයක් කිරීම, ක්‍රීඩා කිරීම (gaming) සහ වීඩියෝ නිර්මාණය කිරීම ඉතා පහසුවෙන් සහ වේගයෙන් කළ හැකිය. මෙහි ඇති අඟල් 6.59 ක 1.5K 120Hz ඇස්වලට ආරක්ෂාව සලසන තිරය දෑස්වලට වෙහෙසක් නොමැතිව ඉතා පැහැදිලි දර්ශන නැරඹීමේ හැකියාව උදා කරන අතරම 6500mAh විශාල බැටරිය සහ 67W වේගවත් චාජරය හේතුවෙන් දවස පුරා එක දිගට දුරකථනය භාවිතා කිරීමටද හැකියාව උදා වේ.

මෙම සුවිශේෂී අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Xiaomi Sri Lanka හි ශ්‍රී ලංකා ප්‍රධානී, Kain Wang මහතා “ජුනි 17 වනදා ශ්‍රී ලංකාවේ ඞස්දපස අපට ඉතා වැදගත් දිනයක්. එදින අපි වැදගත් සන්ධිස්ථාන දෙකක් සනිටුහන් කිරීමට සමත් වුණා. ඒ ඞස්දපස 17ඔ දුරකථනය හඳුන්වා දීම සහ One Galle Face Mall හි Abans අනුග්‍රහයෙන් අපගේ නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමයි. ශ්‍රී ලංකාව තුළ Xiaomi සන්නාමයේ ශක්තිමත් ගමන සහ දේශීය පාරිභෝගිකයන්ට නවීන තාක්ෂණය, ඉහළ කාර්යසාධනය සහ වඩාත් සුවපහසු ජීවිතයක් උරුමකර දීමට අප තුළ ඇති අඛණ්ඩ කැපවීම මේ තුලින් මනාව ප්‍රදර්ශනය වනවා. දුරකථනයෙන් වැඩි යමක් කිරීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන් වෙත අපි උසස් Leica කැමරා පද්ධතියක්, ඉහළ කාර්යසාධනයක් සහ දීර්ඝ බැටරි ආයු කාලයක් ලබා දීමට Xiaomi 17T සමත් වනවා. ඒ වගේම, අපගේ නව ප්‍රදර්ශනාගාරය හරහා පාරිභෝගිකයන්ට Xiaomi නිෂ්පාදන වඩාත් හොඳින් අත්හදා බැලීමේ විශේෂ අවස්ථාවක් උදාවනවා” යනුවෙන් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ Abans සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන අලෙවි නිලධාරී ආචාර්ය චතුර ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ “ශ්‍රී ලංකාවේ Xiaomi හි පාරිභෝගික අලෙවි හවුල්කරු ලෙස, One Galle Face Mall හි පිහිටි මෙම නව Xiaomi ප්‍රර්ශනාගාරය සඳහා ආයෝජනය කිරීමට සහ පාරිභෝගිකයන්ට Xiaomi හි නවතම තාක්ෂණය අත්හදා බැලිය හැකි විශේෂිත ස්ථානයක් නිර්මාණය කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ ශක්තිමත් වෙළෙඳ ජාලය, විශිෂ්ට සේවාව සහ මනා පාරිභෝගික අත්දැකීමක් හරහා ලොව විශ්වාසදායක නවෝත්පාදනයන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වෙත සමීප කිරීමට අප තුළ ඇති අඛණ්ඩ කැපවීම මෙම හවුල්කාරිත්වයෙන් පිළිබිඹු වෙනවා. ශ්‍රී ලංකාව තුළ ඞස්දපස හි මෙම නව පරිච්ඡේදයට සහයෝගය දැක්වීමට ලැබීම ගැන අප සතුටු වන අතර, වඩාත් යහපත් ජීවන රටාවක් සඳහා ඉහළ යන ඉල්ලුම මෙම හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීම මඟින් ශ්‍රී ලංකාව පුරා Xiaomi සන්නාමයේ වෙළෙඳ ජාලය තවදුරටත් ශක්තිමත් වන අතර, පාරිභෝගිකයන්ට ඔවුන්ගේ පුළුල් වන නිෂ්පාදන එකතුව නැරඹීමට විශේෂිත අවස්ථාවක් උදා වේ. ස්මාර්ට් දුරකථනවල සිට දෛනික ජීවිතයට අවශ්‍ය ස්මාර්ට් උපාංග දක්වා, නවීන තාක්ෂණය සැමටම පහසුවෙන් ලබාදීමේ Xiaomi අරමුණ ඉටුකිරීම සඳහා මෙම ප්‍රදර්ශනාගාරය නිර්මාණය කර ඇත.

Xiaomi 17T හඳුන්වා දීම සහ Abans අනුග්‍රහයෙන් යුත් නව Xiaomi ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමඟ, ජුනි 17 වනදා මෙරට Xiaomi ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. මෙයින් පැහැදිලි වන කරුණක් වන්නේ වඩාත් බුද්ධිමත්, විශ්වාසවන්ත සහ අනාගතයට ගැළපෙන තාක්ෂණය සමඟ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් වැඩි පිරිසක් සන්නද්ධ කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව බවයි.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen − 13 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව