
වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගම විසින් 2026 ලෝක පරිසර දිනය නිමිත්තෙන් අතුරුගිරිය, පෝරේ පුරාණ ශ්‍රී මහා විහාරස්ථානයේ සීලවිමල දහම් පාසලේදී ලෝක පරිසර දින වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙහිදී දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පරිසර සංරක්ෂණය, තිරසාර ප්ලාස්ටික් භාවිතය සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ අනාගත පුරවැසින් ලෙස ඇති වැදගත්ක ම හා ඒ අනුසාරයෙන් ඔවුන්ගේ ආකල්ප වර්ධනය ප්‍රධාන අරමුණ විය.
“අද ගන්නා ක්‍රියාමාර්ග තුළින් ආරක්ෂිත, හරිත සහ තිරසාර හෙටක් ගොඩනඟමු” යන තේමාව යටතේ මෙම වැඩසටහන පැවැත්වූ අතර, එය සමාගමේ පරිසර තිරසාරභාවය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රජා සහභාගීත්වය පිළිබඳ දිගුකාලීන කැපවීම නිරූපණය කරයි.
මෙම වැඩසටහනේදී තිරසාර ප්ලාස්ටික් භාවිතය, ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණයේ වැදගත්කම පිළිබඳ දැනුවත් කිරීමේ සැසි පැවැත්වුණි. පරිසර දූෂණය අවම කිරීම සහ චක්‍රීය ආර්ථික සංකල්පය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස වෙන් කිරීම සහ එකතු කිරීම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි. එමෙන්ම, සිසුන්ගේ නිර්මාණශීලීත්වය දිරිගැන්වීම සඳහා පරිසර සංරක්ෂණය, ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය සහ වගකීම් සහගත අපද්‍රව්‍ය කළමනාකරණය යන කරුණු මූලික කරගනිමින් චිත්‍ර තරගයක්ද සංවිධානය කරන ලදී. තවද රුක් රෝපණ වැඩසටහනක්ද ක්‍රියාත්මක විය ද ක්‍රියාත්මක විය.
මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ පරිසර නියාමන රාමුව යටතේ හඳුන්වාදීමට නියමිත ව්‍යාප්ත නිෂ්පාදක වගකීම හෙවත් Extended Producer Responsibility (EPR) සංකල්පයටද අනුකූල වේ. EPR මඟින් වෙළඳපොළට නිකුත් කරන ඇසුරුම් ද්‍රව්‍ය පසුභාවිත අවස්ථාවේදී එකතු කිරීම, නැවත ලබා ගැනීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් නිෂ්පාදකයින්ට වැඩි වගකීමක් ලබා දීම අරමුණු කරයි. එබැවින් PET බෝතල් එකතු කිරීම, ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ දැනුවත් කිරීම සහ පාසල් මට්ටමින් සිදු කරන මෙවැනි වැඩසටහන්, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීමට සහ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කිරීමට වැදගත් දායකත්වයක් සපයයි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ වරුන් බෙවරේජස් ලංකා පුද්ගලික සමාගමේ නීති අනුකූලතා සහ තිරසාරභාවය පිළිබඳ ප්‍රධානී නීතිඥ එරේෂා කුඹුරුලන්ද මහත්මිය සඳහන් කළේ, සමාගම PET ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා කැපවී කටයුතු කරන බවත් පරිසර ආරක්‍ෂා කිරීමෙන් ලස්සන ස්වභාවික සම්පත් පිරුණු ශ්‍රී ලංකාවක් අනාගත පරපුරට නිර්මාණය කර දීමත් තම සමාගමේ මූලික අභිප්‍රාය බවයි.

“වරුන් බෙවරේජස් ලංකා සමාගම ලෙස අපි PET ප්ලාස්ටික් වගකීම් සහගතව කළමනාකරණය කළ යුතු වටිනා සම්පතක් ලෙස හඳුනාගෙන සිටිමු. ‘Clean Green Sri Lanka’ වැනි වැඩසටහන් හරහා දහම් පාසල් ඇතුළු ප්‍රජා ආයතන PET බෝතල් එකතු කිරීම සහ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට සක්‍රීයව සම්බන්ධ කර ගැනීම අපගේ අරමුණයි. මෙම වැඩසටහන යටතේ විවිධ දිස්ත්‍රික්කවල සිසුන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයින් සම්බන්ධ කරමින් PET එකතු කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරනු ලබයි. එකතු කිරීමේ පහසුකම් වැඩිදියුණු කිරීම සහ දැනුවත්භාවය ඉහළ නැංවීම හරහා ප්‍රතිචක්‍රීකරණ අනුපාත සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට අපි බලාපොරොත්තු වෙමු. මෙවැනි ප්‍රවේශයක් පරිසර තිරසාරභාවයට සහාය දෙන අතර, අපගේ අනාගත භාරකරුවන් වන තරුණ පරපුර අතර වගකීම් සහගත සංස්කෘතියක් ගොඩනැඟීමටද දායක වේ,” යනුවෙන් ඇය පැවසුවාය.
වැඩසටහනේ කොටසක් ලෙස විහාරස්ථාන පරිශ්‍රය තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වෙන් කිරීම සහ එකතු කිරීම පහසු කිරීම සඳහා නව බඳුන් ස්ථාපනය කරන ලදී. PET එකතු කිරීමේ තරගය හඳුන්වාදීම මඟින් සිසුන් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාකාරකම්වලට සක්‍රීයව සම්බන්ධ කර ගැනීම සහ කුඩා වයසේ සිටම තිරසාර පුරුදු වර්ධනය කිරීම අරමුණු කෙරිණි. ඊට අමතරව, විහාරස්ථාන පරිශ්‍රය තුළ රුක් රෝපණ වැඩසටහනක්ද සංවිධානය කරමින් වැඩසටහනේ පරිසර වටිනාකම තවදුරටත් ශක්තිමත් කරන ලදී.
සීලවිමල දහම් පාසලේදී පැවැත්වූ මෙම ලෝක පරිසර දින සැමරුම, පරිසර අධ්‍යාපනය, තිරසාර ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය, PET එකතු කිරීම සහ ප්‍රජා බලගැන්වීම පිළිබඳ වරුන් බෙවරේජස් ලංකා සමාගමේ අඛණ්ඩ කැපවීම ප්‍රකාශ කරන වැදගත් අවස්ථාවක් විය. මෙවැනි වැඩසටහන් හරහා සමාගම ශ්‍රී ලංකාව පිරිසිදු, හරිත සහ වගකීම් සහගත අනාගතයක් කරා ගෙන යාමට තම දායකත්වය ලබා දෙයි.


