Mark and Comm ආයතනයේ මාධ්‍ය සහ උපදේශන පිළිබඳ නව උපදේශක අධ්‍යක්ෂ ලෙස තිළිණ සමරසිංහ මහතා පත් කෙරේ

Mark and Comm appoints Ruwan Thilina Samarasinghe as Consulting Director for Media & Advocacy

කොළඹ කේන්ද්‍ර කරගත්  උපායමාර්ගික සන්නිවේදන සහ මහජන සබඳතා නියෝජිත ආයතනයක් වන Mark and Comm (Pvt) Ltd ආයතනයේ, 2026 ඔක්තෝම්බර් 12 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මාධ්‍ය සහ උපදේශන පිළිබඳ උපදේශක අධ්‍යක්ෂ (Consulting Director, Media & Advocacy) තනතුර සඳහා  රුවන් තිළිණ සමරසිංහ මහතා පත් කර ඇති බව නිවේදනය කොට තිබේ.




මාධ්‍යවේදය, මාධ්‍ය සබඳතා සහ උපායමාර්ගික සන්නිවේදනය යන ක්ෂේත්‍රයන්හි දශක තුනකට ආසන්න කාලයක වෘත්තීය අත්දැකීම් සමඟ සමරසිංහ මහතා මෙම තනතුරට සඳහා පත්විය. ඔහු මීට පෙර Adfactors Public Relations Lanka ආයතනයේ මාධ්‍ය සබඳතා, උපායමාර්ගික සන්නිවේදනය සහ අර්බුද කළමනාකරණ සන්නිවේදනය පිළිබඳ සමූහ ප්‍රධානී ලෙස කටයුතු කළ අතර එම තනතුරේ දී, දිවයිනේ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතන සහ සමාගම් රැසක් වෙනුවෙන් උපදේශන, ප්‍රතිපත්ති සහ අර්බුද කළමනාකරණ මෙහෙයුම් සඳහා ඔහු නායකත්වය ලබා දුනි.

ඔහුගේ වෘත්තීය ජීවිතය ආරම්භ වූයේ පුවත්පත් කලාවෙනි. වසර දහයකට වැඩි කාලයක් ‘රාවය’ සතිපතා පුවත්පතේ සේවය කළ ඔහු, එහි ව්‍යාපාරික කර්තෘ ධුරය  දක්වා උසස්වීම් ලැබීය. තවද, කර්තෘ සංසදයේ විශිෂ්ටතා සම්මාන උළෙලේදී (Editors’ Guild Journalism Awards for Excellence) 2005, 2006 සහ 2012 යන වසරවල දී තෙවරක්ම සිංහල මාධ්‍යයෙන් වසරේ හොඳම ව්‍යාපාරික අංශයේ මාධ්‍යවේදියා ලෙස සම්මානයට පාත්‍ර විය. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලේඛකත්වය සහ සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධි රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ පාඨමාලාව හදාරා ඇති අතර, දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික හා මහජන සේවා ප්‍රතිපත්ති අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් සිටී.

Mark and Comm ආයතනයේ දී ඔහු එහි මාධ්‍ය සබඳතා කණ්ඩායම සමඟ එකට එක්ව කටයුතු කරනු ඇති අතර, ප්‍රතිපත්ති, ආර්ථික සහ කර්මාන්ත මට්ටමේ සංවාද මෙහෙයවන පාරිභෝගිකයින් සඳහා වන උපදේශන සහ උපායමාර්ගික සන්නිවේදන අංශයට සමීපව උපදේශකත්වය ද ලබා දෙනු ඇත.

Mark and Comm ආයතනය තාක්ෂණය, ගුවන් සේවය, මුල්‍ය සේවා, ආගන්තුක සත්කාර, FMCG, කාර්මික, කෘෂිකාර්මික, සංවර්ධන, සෞඛ්‍ය සහ තිරසාරභාවය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර ගණනාවක් පුරා කටයුතු කරයි. GlobalCom PR Network හි සාමාජිකයෙකු සහ PRCA APAC හි ආයතනික සාමාජිකයෙකු වන මෙම නියෝජිත ආයතනය, Campaign Asia-Pacific Agency of the Year Awards 2025 හිදී ‘දකුණු ආසියාවේ හොඳම මහජන සබඳතා නියෝජිත ආයතනය’ ලෙස රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. එමෙන්ම  15 වන ACEF Global Customer Engagement Awards 2026 හිදී ‘වසරේ හොඳම මහජන සබඳතා නියෝජිත ආයතනය’ සඳහා වන Grand Prix සම්මානය ඇතුළුව රන් සම්මාන දෙකක් දිනා ගැනීමට සමත් විය.

Mark and Comm Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ තාන්සිල් තාජුඩීන් මහතා ප්‍රකාශ කර සිටියේ තිලිණ යනු මාධ්‍ය ක්ෂේත්‍රයේ කර්තෘත්වය සහ මාධ්‍යවේදය යන දෙඅංශයෙන්ම සිය වෘත්තීය අත්දැකීම් ගොඩනඟාගත් අයෙකු බවයි. ඒ එකතුව හරිම දුර්ලභ බවත් ඒ වගේම සිය පාරිභෝගිකයින්ට ප්‍රතිපත්ති, උපදේශන සහ අර්බුද කළමනාකරණ සන්නිවේදනයේ දී වඩාත්ම අවශ්‍ය වන්නේ එවැනි අත්දැකීම් සමුදායක් බවත් ඔහු පෙන්වා දෙයි. සමරසිංහ මහතා අදහස් දක්වමින් සඳහන් කර සිටියේ, සංකීර්ණ ප්‍රතිපත්ති සහ ආර්ථිකමය මාතෘකා මහජනතාවට සරලව තේරුම් කර දීමට ඔහුගේ වෘත්තීය ජීවිතය පුරාම ඔහු උත්සාහ කළ බවයි. ආයතනයකට හිමි නම්‍යශීලී බව සහ කාර්යක්ෂමතාව සුරකිමින්, ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම සම්බන්ධයෙන් Mark & Comm ආයතනය සුවිශේෂී කීර්තියක් දිනාගෙන තිබෙනව බව පෙන්වා දුන් ඔහු එවැනි වෘත්තීය පරිසරයකට එක්වී, ආයතනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට සිය අත්දැකීම් සහ දායකත්වය ලබා දීමට ඔහුට අවශ්‍ය වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව