Uber Eats ශ්‍රී ලංකාවට පැමිණ වසර දෙකයි; ඇණවුම් මිලියන 10 සීමාව ඉක්මවයි

IMG_1902 (1)

2020 දෙසැම්බර් 02, කොළඹ: Uber Eats ශ්‍රී ලංකාව තුළ තම සේවාවන් ආරම්භ කර වසර 2 ක කාලයක් සම්පූර්ණ වී තිබේ. මේ වනවිට එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන් ලබා දී ඇණවුම් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇත. ප්‍රථම වර්ෂය තුළ ඇණවුම් ප්‍රමාණය මිලියන 3 ක් වූ අතර, දෙවන වර්ෂය තුළ එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ යාම විශේෂත්වයකි.

වර්ධනයට සමගාමීව එහි ප්‍රතිඵල සාමූහිකව භුක්ති විඳීමට අවස්ථාව තිබිය යුතු බව Uber Eats විශ්වාස කරයි. තම පාරිභෝගිකයන්ට ප්‍රණීත ආහාරපාන පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන අතරම, ආපනශාලා වලටත්, ආහාරපාන ගෙනගොස් භාරදීම සඳහා තමන් සමග අත්වැල් බැඳගෙන සිටින කුරියර් සේවා හවුල්කරුවන්ටත් දියුණුවේ මංපෙත් විවර කරදීම සඳහා Uber Eats කවදත් කටයුතු කරනුයේ එබැවිනි.

සියලුම තරාතිරම් වලට අයත් පුද්ගලයන්ට තමන් කැමති ආකාරයට ආහාරපාන තෝරාගෙන රසවිඳීමේ අවස්ථාව ලබාදීමට Uber Eats සමත් වී ඇත. එමෙන්ම පසුගිය වසර  ක කාලය තුළ 8000 කට අධික කුරියර් සේවා හවුල්කරුවන් පිරිසක් Uber Eats සමග එක්වී සිටිති. මේ වනවිට Uber Eats සේවාව කොළඹ, මහනුවර, මීගමුව සහ තදාසන්න ප්‍රදේශ වල ක්‍රියාත්මක වේ.

මෙම සන්ධිස්ථානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Uber Eats Sri Lanka ප්‍රධානී භාව්නා දද්ලානි මහත්මිය මෙසේ පැවසුවා ය. “මෙය අපට සුවිශේෂී වසර දෙකක් වුණා. මේ කාලය තුළ ආහාරපාන සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී වූ අවශ්‍යතා මොනවාද යන්න අප හොඳින් තේරුම් ගත්තා. රටේ ජනතාවගේ සහ ආර්ථිකයේ යහපත වෙනුවෙන් අප දක්වන උනන්දුවේ කිසිදු වෙනසක් නැහැ. අපගේ සාර්ථකත්වය සමරන අතරම, අප වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් ආපනශාලා, කුරියර් සේවා හවුල්කරුවන් සහ පාරිභෝගිකයන් ඇතුළු සියලුම දෙනාට අපගේ ස්තූතිය පළකිරීමට මා කැමතියි. අප තවමත් සිටින්නේ අපගේ සේවාවේ මුල් අවධියේ. ඉදිරියේදී තවත් බොහෝ සුවිශේෂී අංග මීට එක්වේවි.”

 

 




 

පසුගිය වසර 2 ක කාලය තුළ, වැඩිම ඩිලිවරි සේවා ප්‍රමාණයක් සැපයූ Uber Eats කුරියර් සේවා හවුල්කරු ඇණවුම් 11,500 කට වැඩි සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇත. සියලුම Uber Eats ඇණවුම් සාමාන්‍යයෙන් විනාඩි 30 ක කාලයක් තුළ පාරිභෝගිකයන් වෙත ගෙනගොස් භාරදීම සිදුවේ.

විශේෂයෙන්ම COVID-19 රෝග ව්‍යාප්තිය නිසා ඇඳිරි නීතිය පැනවීම සිදුවූ අවස්ථා ඇතුළුව, ශ්‍රී ලාංකිකයන්ට සහය අවශ්‍ය වන බොහෝ අවස්ථා වලදී එම සහය ලබාදීමට ඉදිරිපත් වීමට Uber Eats කටයුතු කර ඇත. තම කුරියර් සේවා හවුල්කරුවන්ට අතිරේක ආදායමක් උපයමින් එම මුදලින් තම පවුල්වල යහපත සැලසීමට හැකිවන ආකාරයට, ඔවුන්ට සන්තෝසම් මුදලක් ලබාදිය හැකි ක්‍රමයක් හඳුන්වා දීමටද Uber Eats පියවර ගෙන තිබේ.  එමෙන්ම රටටම ඇඳිරි නීතිය පනවා ඇති තත්ත්වය හමුවේ පවා රජය සමග එක්ව, බරපතළ දුෂ්කරතා වලට මුහුණ දී සිටි ජනතාව වෙනුවෙන් රු. මිලියන 8.5 කට අධික වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමටද Uber Eats කටයුතු කළේ ය. වගකීම්සහගත සමාගමක් වශයෙන්, හැකි සෑම විටම සමාජය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට Uber Eats පියවර ගනියි.

පාරිභෝගිකයන්ට තමන් කැමති තැනක සිට, ඉතාමත් පහසුවෙන්, තම රුචිකත්වය අනුව ආහාරපාන තෝරාගැනීමට අවස්ථාව සලසා දෙමින්, ආහාරපාන ගැනීම කිසිදු වෙහෙසක් නොදැරිය යුතු සුවිශේෂී අත්දැකීමක් බවට පත්කිරීමට Uber Eats සමත් වී ඇත.

Uber Eats පිළිබඳව

Uber Eats යනු පාරිභෝගිකයන්ට කැමති ආපනශාලාවකින් කැමති ආහාරපාන වර්ග ක්ෂණිකව ඇණවුම් කිරීමේ අවස්ථාව සලසා දෙන සේවාවකි. එලෙස ඇණවුම් කරනු ලබන ආහාරපාන ඉතාමත් ඉක්මනින් එම පාරිභෝගිකයන් වෙත ගෙනැවිත් භාරදීම සිදුවේ. ලොව ප‍්‍රථම වරට මෙම සේවාව හඳුන්වා දෙන ලද්දේ මීට වසර තුනහමාරකට පමණ පෙර වන අතර එදා පටන් ලොව පුරා නගර 6000 කට අධික සංඛ්‍යාවක පිහිටි ආපනශාලා Uber සතු තාක්ෂණික හා ප‍්‍රවාහන ශක්තිය භාවිතා කරමින් පාරිභෝගිකයන් වෙත සුවිශේෂී සේවාවක් තිළිණ කරමින් සිටී.

 

 

 

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව