පොළොන්නරුවේ පැවැති Fin-Lit Expo 2026 හිදී DFCC බැංකුව මූල්‍ය සාක්ෂරතාව නැංවීමට සහාය වෙයි

FIN LIT Expo 2 (LBN)

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 ඔක්තෝබර් 19 වන දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සංවිධානය කරන ලද Fin-Lit Expo 2026 ප්‍රදර්ශනය සඳහා DFCC බැංකුව සහභාගී විය.

මූල්‍ය දැනුවත්භාවය සහ මූල්‍ය අන්තර්ග්‍රහණය (Financial Inclusion) ප්‍රවර්ධනය කිරීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩසටහන් මාලාවක අංගයක් ලෙස පැවැත්වුණු මෙම ප්‍රදර්ශනය, නිවැරදි මූල්‍ය තීරණ ගැනීම සහ ඩිජිටල් බැංකුකරණය භාවිතය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමට මනා වේදිකාවක් විය.

මෙම වැඩසටහනට සහභාගී වීම තුළින් මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමට සහ මූල්‍යමය වශයෙන් විශ්වාසදායක, ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු සමාජයක් ගොඩනැගීමට DFCC බැංකුව දක්වන කැපවීම නැවතත් තහවුරු කෙරිණි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + 8 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව