ශ්‍රී ලාංකික මගීන්ට සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් ලබා දෙමින් Uber Black මෙරටට

Image -.jpg (LBN)

Uber Moto සහ Tuk වැනි දැරිය හැකි ගමන් සේවාවල සිට ඉහළම මට්ටමේ (Premium) ගමන් අත්දැකීම් දක්වා, Uber සිය සේවා පරාසය තවදුරටත් පුළුල් කරයි.

Uber සිය ප්‍රමුඛතම ගමන් අත්දැකීම වන Uber Black සේවාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව අද නිවේදනය කළේය. වැඩි පහසුවක්, උසස් ගුණාත්මකභාවයක් සහ ප්‍රිමියම් ගමන් අත්දැකීමක් අපේක්ෂා කරන මගීන් සඳහා නිර්මාණය කර ඇති Uber Black හරහා, “Business Class” මට්ටමේ පසුපස අසුනක සුවපහසුව, සුඛෝපභෝගී රථවාහන සහ ඉහළ ඇගයීම් ලත් රියදුරු හවුල්කරුවන්ගේ සේවාව එකම අත්දැකීමක් ලෙස ලබාගත හැකිය.




ශ්‍රී ලංකාව පුරා උසස් තත්ත්වයේ නිෂ්පාදන සහ සේවාවන් සඳහා වන ඉල්ලුම වර්ධනය වන පසුබිමක, පාරිභෝගිකයින් ද සිය එදිනෙදා අත්දැකීම් තුළ වැඩි තේරීමක් සහ උසස් ගුණාත්මකභාවයක් අපේක්ෂා කරයි. ගුවන්තොටුපළ ගමනක්, වැදගත් ව්‍යාපාරික හමුවක්, විශේෂ අවස්ථාවක් හෝ වඩාත් සුවපහසුවෙන් ගමන් කිරීමට අවශ්‍ය ඕනෑම මොහොතක, ක්ෂණික ගමන්වාර (on-demand mobility) සඳහා ප්‍රිමියම් තේරීමක් ලෙස Uber Black හඳුන්වා දී ඇත.

Uber Black හඳුන්වාදීමත් සමඟ, ශ්‍රී ලාංකිකයින්ගේ විවිධ ප්‍රවාහන අවශ්‍යතා සපුරාලන පුළුල් සේවා පරාසයක් ලබාදීමට Uber සමත්ව සිටී. Uber Moto සහ Tuk වැනි දැරිය හැකි එදිනෙදා ගමන් සේවාවන්ගේ සිට, දෛනික මෝටර් රථ ගමන් සහ Uber Black හරහා ලබාදෙන Ultra-Premium ගමන් අත්දැකීම් දක්වා Uber හි සේවා පරාසය දැන් තවදුරටත් පුළුල් වී ඇත. ඒ අනුව, මගීන්ට තම අවශ්‍යතාව, අවස්ථාව සහ අයවැයට ගැළපෙන ප්‍රවාහන විකල්පය එකම Uber App එක හරහා පහසුවෙන් තෝරා ගැනීමට අවස්ථාව ලැබේ.

Uber Black සේවාව Premium Compact SUV සහ SUV රථ රැසකින් සමන්විත වන අතර, ඉහළ ඇගයීම් ලත් තෝරාගත් රියදුරු හවුල්කරුවන්ගේ සේවාවද මගීන්ට ලබා දෙයි. ගමන ආරම්භ කිරීමට පෙරම සිය ගමන් අත්දැකීම පෞද්ගලික රුචිකත්වයට අනුව සකස් කරගැනීමේ (Ride Preferences) විශේෂ පහසුකම ද මගීන්ට හිමිවේ. ඒ අනුව, වාහනය තුළ තමන්ට අවශ්‍ය උෂ්ණත්වය (Temperature Control) තෝරාගැනීම, ගමන් මලු සඳහා සහාය ඉල්ලීම හෝ නිහඬ ගමන් වාරයක් (Quiet Mode) තෝරාගැනීම වැනි පහසුකම් රැසක් මීට ඇතුළත් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Uber ශ්‍රී ලංකා හි Mobility අංශයේ ශ්‍රී ලංකා මෙහෙයුම් භාර කළමනාකාරිනී කෞශල්‍යා ගුණරත්න මහත්මිය මෙසේ පැවසුවාය. “දශකයකට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව තුළ අපගේ අවධානය යොමු වී තිබුණේ විවිධ මිල මට්ටම් යටතේ වැඩි පිරිසකට විශ්වාසනීය ප්‍රවාහන සේවාවක් ලබාදීම කෙරෙහිය. වෙළෙඳපොළ වෙනස් වෙමින් ඉදිරියට යන මේ අවස්ථාවේ, අපගේ මීළඟ පියවර වන්නේ මගීන්ගේ ජීවිතයේ විවිධ අවස්ථාවන්ට ගැළපෙන වඩාත් සුවිශේෂී ගමන් අත්දැකීම් ලබාදීමයි. Uber Black එම ගමනේ වැදගත් පියවරක් වන අතර, ශ්‍රී ලංකාවේ on-demand ප්‍රවාහන සේවාවන් පිළිබඳ මගීන්ගේ අපේක්ෂාවන් තවදුරටත් ඉහළ නැංවීමට අපගේ කැපවීම එයින් පෙන්නුම් කරනවා.”



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව