12 වැනි සංවත්සරය සමරමින් Treinetic මාලඹේදී The Legends Lounge විවෘත කරයි

E (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන Treinetic පෞද්ගලික සමාගම සිය 12 වැනි සංවත්සරයට සමගාමීව The Legends Lounge පසුගිය 9 වැනිදා මාලඹේදී විවෘත කළේය. මෙම විවෘත කිරීම Treinetic සමාගම තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඔබ්බට සිය ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය. ආහාර, කෝපි, සුවතාව, වැඩ කටයුතු සහ විවේකය එකම ස්ථානයක ඒකාබද්ධ කරමින් The Legends Lounge නිර්මාණය කර තිබේ. ගුණාත්මක අමුද්‍රව්‍ය යොදා සකස් කරන ආහාර පාන වර්ග, සෞඛ්‍යය පිළිබඳ සැළැකිලිමත් වන පාරිභෝගිකයන් සඳහා වූ විකල්ප සහ සුවිශේෂ පාන වර්ග මෙහි පිරිනැමේ. වැඩ කිරීමට, අධ්‍යයන කටයුතුවල නිරත වීමට, සමාජශීලීව කාලය ගත කිරීමට හෝ විවේක ගැනීමට සුදුසු සුව පහසු පරිසරයක් එහි සළසා ඇත.

විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් Treinetic නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී ඉමාල් හසරංග පෙරේරා මහතා පැවසුවේ, “සෞඛ්‍යය පිළිබඳ සැළැකිලිමත් වන පාරිභෝගිකයන්ට ගුණාත්මක අමුද්‍රව්‍යවලින් සකස් කළ ආහාර විශ්වාසයෙන් යුතුව භුක්ති විඳිය හැකි ස්ථානයක් පිළිබඳ පෞද්ගලික අවශ්‍යතාවකින් මෙම අදහස බිහි වුණා. පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් භුක්ති විඳිය හැකි ආහාර සහ පාන වර්ග පිරිනමමින් ඔවුන් නැවත පැමිණීමට කැමැත්තක් ඇති කරන අත්දැකීමක් නිර්මාණය කිරීම අපගේ අරමුණයි.” යනුවෙනි. මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු ක්ෂේත්‍රයේ වසර 12ක වර්ධන ගමන සමරන Treinetic සමාගමේ නවෝත්පාදන සහ අත්හදා බැලීම් කේන්ද්‍ර කර ගත් ව්‍යාපාර සංස්කෘතිය මෙම නව ව්‍යාපෘතිය මඟින් පිළිබිඹු වේ. The Legends Lounge හරහා සමාගම සිය ව්‍යාපාර ගමනේ නව පරිච්ඡේදයක් ආරම්භ කර තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව