ගම්පහ ජනතාව සමඟ අතවැල් බැඳගනිමින් ශ්‍රී ලංකාවේ ගමනාගමනය සවිබල ගන්වන ටොයොටා ලංකා

Image 1 (LBN)

ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම ගමනාගමන සහ ප්‍රවාහන විසඳුම් සම්පාදකයා වන ටොයොටා ලංකා සමාගම, සිය ශාඛා ජාලය පුළුල් කරමින් ටොයොටාහි විශ්වාසනීය නිෂ්පාදන සහ සේවාවන් ජනතාව වෙත තව තවත් සමීප කිරීමට කටයුතු කරයි. උසස් තත්ත්වය, කල්පැවැත්ම, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව යන මූලිකාංග කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට විශ්වාසනීය ගමනාගමන විසඳුම් සහ විශිෂ්ට සේවා අත්දැකීමක් ලබා දීමට ටොයොටා ලංකා නිරන්තරයෙන් කැපවී සිටියි.

2008 වසරේදී ගම්පහ ප්‍රදේශයේ ස්ථාපිත කළ ටොයොටා ලංකා අමතර කොටස් ශාඛාව හරහා ටොයොටා ලංකා සමාගම ගම්පහ සහ ඒ අවට ප්‍රදේශවල පාරිභෝගිකයන්ට සිය සේවාවන් ලබා දීම ආරම්භ කළේය. එතැන් පටන් ප්‍රදේශයේ ජනතාව සමඟ ගොඩනගාගත් අඛණ්ඩ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින්, නවීන යටිතල පහසුකම් සහ පාරිභෝගික පහසුකම් රැසක් සමඟින් මෙම පරිශ්‍රය මේ වන විට නව අදියරකට පා තබා ඇත.




2026 අගෝස්තු 06 වන දින නිල වශයෙන් විවෘත කරන ලද මෙම ටොයොටා ලංකා ගම්පහ ශාඛාව හරහා, නවතම ටොයොටා රථවාහන මිලදී ගැනීම, ටොයොටා අමතර කොටස් සහ ‘Tyre Zone by Toyota Lanka’ යන සියලු සේවාවන් එකම වහලක් යටින් ලබා ගැනීමට පාරිභෝගිකයන්ට දැන් අවස්ථාව හිමි වේ. මෙමඟින් ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට ඉතා පහසුවෙන් ටොයොටා ලංකාහි විවිධ නිෂ්පාදන සහ ගමනාගමන විසඳුම් ලබා ගැනීමට පහසුකම් සැලසෙයි.

මෙම උත්සව අවස්ථාව ටොයොටා ලංකා සමාගමේ සභාපති Mr. Masaaki Kawabata සහ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට ගම්පහ ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ ගෞරවනීය අමුත්තන්, ව්‍යාපාරික හා මූල්‍ය හවුල්කරුවන්, පාරිභෝගිකයන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මනෝහර අතුකෝරල මහතා සඳහන් කළේ, ටොයොටා ලංකා සමාගම පාරිභෝගිකයන් සමඟ ගොඩනඟා ගන්නා සබඳතාවය හුදෙක් වාහනයක් අලෙවි කිරීමට පමණක් සීමා නොවන්නක් බවයි. ටොයොටා හි අරමුණ හුදෙක් වාහන අලෙවියෙන් ඔබ්බට ගොස් පාරිභෝගිකයා සමඟ ජීවිත කාලය පුරා පවතින ශක්තිමත් බැඳීමක් ගොඩනඟා ගැනීම බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. ගම්පහ ශාඛාව පුළුල් කිරීම, ගම්පහ ජනතාව වෙත තව තවත් සමීප වීමටත්, ඔවුන්ගේ ගමනාගමන අවශ්‍යතාවයන්හිදී අඛණ්ඩව සහාය වීමටත් තැබූ තවත් වැදගත් පියවරක් බවද ඒ මහතා සඳහන් කළේය.

පාරිභෝගික විශ්වාසය සහ සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් ටොයොටා ලංකා දක්වන කැපවීම ජාතික මට්ටමින්ද ඇගයීමට ලක්ව තිබේ. LMD සඟරාව මඟින් 2025 වසරේ අංක 01 නිෂ්පාදන සන්නාමය සහ අංක 01 මෝටර් රථ සන්නාමය ලෙස ටොයොටා ලංකා සම්මානයට පාත්‍ර වූ අතර, එමඟින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් ටොයොටා කෙරෙහි තබා ඇති නොසැලෙන විශ්වාසය මනාව විදහා දක්වයි. මීට අමතරව, ලංකා සේවායෝජක සංගමය විසින් පවත්වන ලද EFC National Best Employer Awards 2025 හිදී, ශ්‍රී ලංකාවේ හොඳම සේවායෝජකයන් 10 දෙනා අතරට තේරී පත්වීමට ද ටොයොටා ලංකා සමත් විය. එමඟින් පාරිභෝගිකයන්ට පමණක් නොව, තම සේවකයන් වෙනුවෙන්ද යහපත් සේවා පරිසරයක් නිර්මාණය කිරීමට සමාගම දක්වන කැපවීම පැහැදිලි වේ.

සිය ශාඛා ජාලය පුළුල් කිරීමට අමතරව, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීමට ද ටොයොටා ලංකා කටයුතු කරයි. ‘Toyota Lanka Auto Academy’ හරහා, ක්ෂේත්‍රයට අදාළ දැනුම, ප්‍රායෝගික පුහුණුව සහ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික කුසලතාවලින් තරුණ තාක්ෂණික වෘත්තිකයන් බලගැන්වීම ද සමාගම සිදු කරයි. මෙම වැඩසටහන මඟින් දේශීය වශයෙන් ඉහළ ඉල්ලුමක් සහිත මෝටර් රථ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් බිහි කෙරෙන අතරම, ශ්‍රී ලාංකික තාක්ෂණික දක්ෂතාවන්ට ජාත්‍යන්තර අවස්ථාවන් වෙත පා තැබීමට ද මග පාදනු ඇත.

ටොයොටා ලංකාහි සියලු ක්‍රියාකාරකම් පිටුපස පවතින්නේ පක්ෂපාතීත්වය (Loyalty), අවංකභාවය (Integrity), සාධාරණත්වය (Fairness) සහ සදාචාරය (Ethicality) යන ‘Toyota LIFE’ දර්ශනයයි. පාරිභෝගිකයන්, හවුල්කරුවන් සහ ප්‍රජාව සමඟ අර්ථවත් මෙන්ම කල්පවතින සබඳතා ගොඩනැගීමට සමාගම මෙහෙයවනු ලබන්නේ මෙම මූලධර්ම විසිනි. පාරිභෝගිකයන්ට සේවය කිරීමේදී සහ සෑම සේවා අවස්ථාවකදීම මෙම වටිනාකම් පෙරදැරිව කටයුතු කිරීමට ටොයොටා ලංකා සැමවිටම බැඳී සිටියි.

පුළුල් කරන ලද මෙම ගම්පහ ශාඛාව, දිවයින පුරා පිහිටි සිය ශාඛා ජාලය සවිමත් කරමින් පාරිභෝගිකයන් වෙත තව තවත් සමීප වීමට ටොයොටා ලංකා ගෙන යන අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයකි. 2026 මූල්‍ය වර්ෂය අවසන් වන විට සිය ශාඛා ජාලය පරිශ්‍ර 30ක් දක්වා පුළුල් කිරීමට සමාගම සැලසුම් කර ඇති අතර, එමඟින් දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට ටොයොටා නිෂ්පාදන, සේවාවන් සහ ගමනාගමන විසඳුම් ලබා ගැනීමේ හැකියාව තවදුරටත් පහසු කරනු ඇත. මෙම අඛණ්ඩ ව්‍යාපෘති හරහා පාරිභෝගික පහසුව ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකාව පුරා විශ්වාසනීය ගමනාගමන විසඳුම් ලබා දීමටත් ටොයොටා ලංකා කැපවී සිටියි.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + 7 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව