28 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල

image 01 (LBN)

28 වන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල සැප්තැම්බර් 25 වන සිකුරාදා සවස මොනාර්ක් ඉම්පීරියල් හිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ගරු ආචාර්ය හරිනි අමරසූරිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ගරු ඉංජිනේරු එරංග වීරරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙල යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම කීර්තිමත් ICT සම්මාන රාත්‍රිය වන අතර එයින් ආසියා පැසිෆික් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සන්ධාන (Asia Pacific ICT Alliance – APICTA) සම්මාන සඳහා නාමයෝජනා ද තෝරා ගනු ලැබේ.

මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ රටේ සියලුම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගම් වලින් සමන්විත ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන භාරය (National ICT Awards Trust) විසිනි. BCS වරලත් තොරතුරු තාක්ෂණ ආයතනයේ ශ්‍රී ලංකා අංශය මූලිකත්වය ගෙන කටයුතු කරයි.



මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සහ අග්‍රාමාත්‍ය ලේකම් ඇතුලු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ව්‍යාපාර ප්‍රධානීන්, ICT කර්මාන්තයේ ජ්‍යෙෂ්ඨයන්, ශාස්ත්‍රාලිකයින් සහ සම්මානලාභීන් ඇතුළු 600 කට අධික පිරිසක් සහභාගී වූහ. තෘතියික සහ පශ්චාත් උපාධි සිසුන්, රජයේ සහ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ සංවිධාන ඔවුන්ගේ උසස් තත්ත්වයේ ICT නිෂ්පාදන සහ නවෝත්පාදන සඳහා කාණ්ඩ 43 කට අධික සංඛ්‍යාවක් යටතේ සම්මාන 127 ක් ප්‍රදානය කරන ලදී. මෙම ජයග්‍රාහකයින් අතරින්, මෙම වසරේ ආසියා පැසිෆික් ICT සන්ධාන සම්මාන (APICTA) සඳහා නම් කරන ලද නිෂ්පාදන සහ නවෝත්පාදනයන් ද සම්මාන රාත්‍රියේදී ප්‍රකාශයට පත් කරන ලදී.

1978 සිට ශ්‍රී ලංකා ICT කර්මාන්තයට නව සහ නව්‍ය තාක්ෂණයන් හඳුන්වාදීම, විදේශීය සහ දේශීය ආදායම් උත්පාදනය සහ රැකියා නිර්මාණය සඳහා ඔහු දැක්වූ අතිමහත් දායකත්වය වෙනුවෙන් DMS සමූහයේ සභාපති රුවන් රත්නතුංග මහතාට ICT Life Time Achievement සම්මානය පිරිනමන ලදී.

ICT කර්මාන්තය සහ ජාතික ICT සම්මාන සඳහා වසර ගණනාවක් පුරා ඔහු කළ කැපී පෙනෙන කාර්යභාරය වෙනුවෙන් ගීතප්‍රිය තිලකරත්න මහතාට Distinguished ICT Stewardship විශේෂ සම්මානය පිරිනමන ලදී.

මෙවර ජාතික ICT සම්මාන උළෙල සංවිධාන කටයුතු ඉසුරු සිරිනිමල් මහතා විසින් මෙහෙයවන ලද අතර මහාචාර්ය ලසිත් ගුණවර්ධන ජාතික ICT සම්මාන කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරණලදී. මෙම වසරේ විනිශ්චය කමිටුව විනිසුරුවන් 66 දෙනෙකුගෙන් සමන්විත වූ අතර, රන්සිත් ප්‍රනාන්දු මහතා විනිශ්චය කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

රැස්වීම අමතමින් ඉංජිනේරු වීරරත්න මහතා අවධාරණය කළේ ඩිජිටල් ආර්ථිකයක මෙහෙවර සැබවින්ම ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා ICT කර්මාන්තය ශ්‍රී ලංකාවෙන් පිටතට ළඟා වීමට අපගේ නිෂ්පාදන සහ නවෝත්පාදන පරිමාණය කළ යුතු බවත්, මෙම පුළුල් කිරීම් සඳහා සහාය වීම සඳහා රජය දැනටමත් ඩිජිටල් යටිතල පහසුකම් නංවාලීමට පියවර ගෙන ඇති බවත්ය.

ගරු අග්‍රාමාත්‍යතුමියගේ පණිවිඩයේ, නවෝත්පාදනයන් දිරිගැන්වීම, විශිෂ්ටත්වය හඳුනා ගැනීම සහ අපගේ ICT වෘත්තිකයන්ට, ව්‍යවසායකයින්ට සහ නවෝත්පාදකයින්ට රටේ ඩිජිටල් ආර්ථිකයට දායක වීමට වැඩි අවස්ථාවන් නිර්මාණය කිරීම සඳහා ජාතික ICT සම්මාන වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇති බවත්, ඉදිරි වසරවලදීත් උත්ප්‍රේරකයක් ලෙස ජාතික ICT සම්මාන එම කාර්යභාරය දිගටම ඉටු කරනු ඇතැයි එතුමිය බලාපොරොත්තු වන බවත්ය.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 9 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව