Sun Siyam Pasikudah සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා නැගෙනහිර වෙරළ හෝටල් සංගමයේ සභාපති ධූරයට පත්වෙයි  

Arshed Refai GM Sun Siyam Pasikudah

ශ්‍රී ලංකා නැගෙනහිර වෙරළ හෝටල් සංගමයේ සභාපති ධූරයට Sun Siyam Pasikudah හෝටලයේ සාමාන්‍යාධිකාරී අර්ෂඩ් රෙෆායි මහතා පසුගියදා පත්විය.         ඒ ඉකුත් අප්‍රේල් 10 වැනිදා Sun Siyam Pasikudah හෝටල් පරිශ්‍රයේ පැවැති විශේෂ හමුවකදී ය.

පාසිකුඩා වෙරළතීරය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම, සාමාජික හෝටල් අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම, නැගෙනහිර කලාපයේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් වූ ක්‍රියාකාරී සමූහයක් ගොඩනැඟීම ආදිය නැගෙනහිර වෙරළ හෝටල් සංගමයේ ප්‍රධාන අරමුණු අතර වේ. අර්ෂඩ් රෙෆායි මහතාගේ පත්වීමට අමතරව, සංගමයේ සෙසු නිලධාරීහු ද මෙහිදී පත්වීම් ලදහ.



සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව සාමාජිකයින් අමතමින් රෙෆායි මහතා ප්‍රකාශකළේ, පාසිකුඩා සහ අවට ප්‍රදේශය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තය බවට වැඩිදියුණුකිරීම තම අපේක්ෂාව බව ය. එමෙන්ම එහිදී තිරසරභාවයට හිමිවන වැදගත් ස්ථානය ගැන ද සඳහන් කළ ඔහු අපද්‍රව්‍ය අවමකිරීම සහ බලශක්ති සංරක්ෂණය පිළිබඳව ද අවධාරණය කළේය.

″මෙම එකමුතුව තුළින් අපිට වැඩි ශක්තියක් හිමිවෙනවා. පාසිකුඩා ප්‍රදේශයේ සුවිශේෂී ස්වභාව සෞන්දර්යයක්, උණුසුම් ආගන්තුක සත්කාරයක් ඇතුළු විශාල විභවතාවක් පවතිනවා. මෙම එකමුතුව හරහා අපිට පාසිකුඩා ප්‍රදේශයට ඇති සංචාරක ආකර්ෂණය වැඩිකිරීමටත්, සංචාරකයින් නැවත නැවතත් අත්විඳීමට රිසි ආකාරයේ සංචාරක අත්දැකීම් සැපයීමටත් අවස්ථාව උදාවනවා. වගකීම් සහගත සංචාරක කර්මාන්තය, අපේ කර්මාන්තයේ අනාගතයයි″, යනුවෙන් අර්ෂඩ් රෙෆායි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

දිගුකාලයක් පටන් ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළ ආකර්ෂණයේ කේන්ද්‍රය බවට පත්වූයේ දකුණු සහ බස්නාහිර වෙරළතීරයයි. නමුත් මේ වනවිට නැගෙනහිර වෙරළට ඇති සංචාරක ආකර්ෂණය වේගයෙන් ඉහළ යමින් පවතී. පාසිකුඩා වෙරළේ ඇති නිශ්චලබව සහ ස්වභාව සෞන්දර්යය එම ආකර්ෂණයට ප්‍රධාන හේතු වී තිබේ. එවන් පසුබිමක් තුළ නැගෙනහිර වෙරළ හෝටල් සංගමය හරහා ප්‍රදේශයට ඇති අවධානය තවදුරටත් වැඩිකරගැනීමට හැකියාව ලැබේ.

 

Sun Siyam Pasikudah යනු මාලදිවයින කේන්ද්‍රකරගත් Sun Siyam හෝටල් ජාලයේ Privé හෝටල් එකතුවේ සාමාජිකයෙකි. පැවිලියන් මාදිලියේ කාමර ඒකක 34කින් සමන්විත හෝටලය අවට මනස්කාන්ත කොරල්පරයක් ද, යුනෙස්කෝ උරුම ස්ථාන ද ඇතුළු සංචාරක ආකර්ෂණ රැසක් විසිරී පවතී. තව ද හෝටලය මගින් ආයුර්වේද සම්බාහන සේවාවක් ද සලසන අතර, මීටර 30ක infinity පිහිනුම් තටාකයක් ද හෝටලය සතු ය.

www.sunsiyam.com/sun-siyam-pasikudah වෙබ් අඩවිය හෝ +94 65 205 5555 දුරකථන අංකය හරහා හෝටලය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැක.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 19 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව