බැතිමතුන්ට පොසොන් අසිරිය 5G තාක්ෂණයෙන් විඳගැනීමට අවස්ථාව උදා කර දුන් SLT-MOBITEL ‘සදහම් සබැඳියාව’ සාර්ථක ලෙස නිමාව දකී

Image - Mobitel - Poson

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ජාතික විසඳුම් සම්පාදකයා වන SLT-MOBITEL සමූහය විසින්, ශ්‍රී ලාංකේය ආගමික හා සංස්කෘතික වටිනාකම් අතිනවීන තාක්ෂණය සමඟ මුසු කරමින් සංවිධානය කළ උදාර පොසොන් සදහම් සත්කාරය වූ ‘සදහම් සබැඳියාව’ පොසොන් කලාපය ඓතිහාසික අනුරාධපුර පුරවරයේ බසවක්කුලම වැව් පරිශ්‍රයේදී උත්කර්ෂවත් ලෙස ජූනි 29, ජුනි 30 සහ ජුලි 1 යන දිනවල පැවැත්විණි. මෙම සුවිශේෂී පොසොන් කලාපය විවෘත කරන ලද්දේ SLT-MOBITEL සමූහයේ ගරු සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා ප්‍රමුඛ SLT-MOBITEL ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් යුක්තවය.



මෙවර බසවක්කුලම වැව අසබඩ නිර්මාණය වූ SLT-MOBITEL පොසොන් කලාපයේ ප්‍රධානතම ආකර්ෂණය වූයේ SLT-MOBITEL විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද, ජාතක කතා වස්තූන් රැගත් ජල තොරණ (Water Pandol) සහ 5G තාක්ෂණයෙන් බලගැන්වුණු ත්‍රිමාණ ඩිජිටල් උමගයි. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට දේවානම්පියතිස්ස මහ රජු ඇතුළු ලක්වැසියන්ට බුදු දහම දායාද කළ ඒ අසිරිමත් ඓතිහාසික සිදුවීම, අති නවීන LED තාක්ෂණය උපයෝගී කරගනිමින් ජල තලය මත ප්‍රක්ෂේපණය කරමින් මෙම ජල තොරණ මඟින් ලක්දිවට බුදුදහම ගෙන ඒම ඉතාමත් මනරම් ලෙසින් ප්‍රතිනිර්මාණය කර තිබිණි.

මීට අමතරව එහි පැමිණි ජනතාවට අතීත සුබපැතුම් පත් අත්දැකීම ඩිජිටල් මුහුණුවරකින් විඳගත හැකි සුවිශේෂී QR කේත පොසොන් සුබපැතුම් ක්‍රමවේදයක්ද හඳුන්වා දී තිබිණි. පොසොන් කලාපයට පැමිණි බැතිමතුන්ට එහි ඇති QR කේතය ස්කෑන් කිරීම මඟින්, තමන්ගේම ඡායාරූපයක්ද ඇතුළත් කරමින් පොසොන් සුබපැතුමක් නිර්මාණය කොට, තම නෑදෑ හිතමිතුරන් සහ ආදරණීයයන් වෙත එම ඩිජිටල් පොසොන් සුබපැතුම් පත යැවීමට අවස්ථාව ලබාදෙන ලදි. එමෙන්ම එම සුබපැතුම් පත් පොසොන් කලාපයේ දැවැන්ත ඩිජිටල් තිරය (Digital Wall) මත සජීවීව දර්ශනය කරවීමටද කටයුතු යොදා තිබිණි.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව