SLT-MOBITEL mGuide සේවාව දැන් Hutch පාරිභෝගිකයන්ටත්

Picture1 (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ලබාදෙන mGuide සේවාව ලබාගැනීමේ අවස්ථාව දැන් Hutch පාරිභෝගිකයන්ටද හිමි වී තිබේ. මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL සහ Hutch විසින් පසුගියදා අත්සන් තබන ලදි.

mGuide යනු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී, නිර්මාණශීලී සේවාවකි. හඬ සේවාවක් ලෙස ක්‍රියාත්මක වන මෙය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය සහ එම උරුමය හා බැඳුණු වැදගත් ස්ථාන පිළිබඳව වටිනා තොරතුරු ජනතාව වෙත පිරිනමයි. එමෙන්ම මේ ඔස්සේ පුරාවිද්‍යාවට අදාළ පුවත් සහ උත්සව ආදිය පිළිබඳ තොරතුරුද ලබාගත හැකි වේ.

මෙම වටිනා සේවාව වැඩි පිරිසක් වෙත සමීප කරවීමේ අරමුණින් SLT-MOBITEL මේ ආකාරයට Hutch සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමට කටයුතු කළේ ය. මෙය ශිෂ්‍යයන් හා සංචාරකයන් ඇතුළුව, පොදුවේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමය පිළිබඳව උනන්දු වන කාටත් අතිශයින් වැදගත් වනු ඇත. 888 කෙටි අංකය ඇමතීම මගින් HUTCH පාරිභෝගිකයන්ට දැන් SLT-MOBITEL mGuide සේවාව ලබාගත හැකි වේ.

පසුගිය කාලය තුළ mGuide සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට SLT-MOBITEL පියවර ගත් අතර, ඒ අනුව දැන් භාෂා 10 කට අධික සංඛ්‍යාවකින්, ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථාන 300 කට අධික සංඛ්‍යාවක් පිළිබඳ තොරතුරු SLT-MOBITEL mGuide සේවාව ඔස්සේ ලබාගත හැකි වේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව