SLT-MOBITEL Fibre සමගින් Cool Planet නවතම ප්‍රදර්ශනාගාරය බලගැන්වේ

Picture1 (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් හා විලාසිතා අලෙවිසැල් ජාලයක් වන Cool Planet අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තැබිණි. මේ යටතේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති නවතම Cool Planet ප්‍රදර්ශනාගාරය SLT-MOBITEL Fibre තාක්ෂණයෙන් බලගැන්වෙනු ඇත.

මෙම ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට SLT සමාගමේ සාමාන්‍යාධිකාරී (Consumer Business Support) පුෂ්පකුමාර සමරසිංහ සහ Cool Planet (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරී රිස්වි තාහා යන මහත්වරුන් ඇතුළුව දෙපාර්ශවය නියෝජනය කරමින් පිරිස් එක්වූහ.

නුගේගොඩ ප්‍රදේශයේ විවෘත කරන ලද නවතම Cool Planet ප්‍රදර්ශනාගාරය, මහල් තුනකින් සහ වර්ග අඩි 51,000 කින් යුක්තය. ඇඳුම් පැළඳුම්, රූපලාවණ්‍ය භාණ්ඩ, ලිපිද්‍රව්‍ය සහ ගෙදරදොර භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග රාශියක් මෙහිදී සහනදායී මිලගණන් යටතේ ලබාගත හැකිය. Cool Planet යනු කවදත් පාරිභෝගිකයන්ට උසස් තත්වයේ භාණ්ඩ සහන මිලට ලබාදීමට කැපවුණු සමාගමකි. තම පාරිභෝගිකයන්ට වඩාත් තෘප්තිමත් අත්දැකීමක් ලබාදීම සඳහා එම සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් නුගේගොඩ ප්‍රදේශයේ මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කරන ලදි.

SLT-MOBITEL Fibre තාක්ෂණය නිසා, Cool Planet නව ප්‍රදර්ශනාගාරය වෙත පැමිණෙන සියලුම දෙනාට නවීනතම සන්නිවේදන තාක්ෂණය අත්විඳීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම තාක්ෂණයේ අධිවේගී සම්බන්ධතා හැකියාව ඔවුන්ට සුවිශේෂී අත්දැකීමක් වනු නො-අනුමාන ය. එමෙන්ම භාණ්ඩ අලෙවිය, තොග කළමනාකරණය සහ සන්නිවේදනය පමණක් නොව ආරක්ෂාව ඇතුළු බොහෝ අංශ වැඩිදියුණු කිරීමට SLT-MOBITEL Fibre තාක්ෂණය භාවිතා කිරීමට Cool Planet සමාගමට අවස්ථාව ලැබේ.

SLT-MOBITEL Fibre විසඳුම් සමගින් පාරිභෝගිකයන්ටත් කාර්ය මණ්ඩලවලටත් නවීන තාක්ෂණයේ විශිෂ්ටත්වය සිත් සේ අත්විඳීමට දිගින් දිගටම අවස්ථාව සලසා දීම SLT-MOBITEL හි අරමුණයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + twelve =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව