SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 සාර්ථක ලෙස නිමාව දකී

hack 1 (LBN Fill)

 



 

 

ජයග්‍රාහකයන් වෙතින් තිරසාර දිවියකට මහෝපකාරී වන නවෝත්පාදන පෙළක්

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මගින් බලගැන්වුණු Hack:AI 2021 Hackathon වැඩසටහන පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. තිරසාර ජීවන රටාවක් සඳහා මහෝපකාරී වන සුවිශේෂී හා පුරෝගාමී නවෝත්පාදන රාශියක් එහිදී එළිදැක්විණි.

කොළඹ ගේට්වේ පාසලේ ‘Calori’ කණ්ඩායම තරගයේ පාසල් කාණ්ඩයේ ජයග්‍රහණය හිමිකරගත් අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ ‘Prostasia’ කණ්ඩායමට විශ්ව විද්‍යාල කාණ්ඩයේ ජයග්‍රහණය හිමි විය.

“Hack:AI 2021 Hackathon තරගකරුවන්ට ලැබුණු ප්‍රධාන අභියෝගය වූයේ සැබෑ ලෝකයේ ගැටලු ආමන්ත්‍රණය කරන තිරසාර නවෝත්පාදන හඳුන්වා දීමයි. මෙම තරගය ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමටත්, සුවපත් ලෝකයක් නිර්මාණය කිරීමටත් ඉතා හොඳ දායකත්වයක් ලබාදුන් බව අප විශ්වාස කරනවා. Machine Learning සහ Artificial Intelligence වැනි තාක්ෂණයන් ඔස්සේ නවෝත්පාදන ඉදිරිපත් කිරීමට මෙම තරගකරුවන් හා කණ්ඩායම් සමත් වූ ආකාරය අපට මහත් සතුටක්. මේ සියලුම කණ්ඩායම්වලට විශේෂ ඇගයීම් හිමි විය යුතුයි. ඔවුන්ගේ දායකත්වය හා කැපවීම වෙනුවෙන් අප ඔවුන්ට ස්තූතිවන්ත වනවා.” SLT ප්‍රධාන අලෙවි නිලධාරී ප්‍රභාත් දහනායක මහතා පැවසී ය.

“මෙම තරගය ඔස්සේ, Machine Learning සහ Artificial Intelligence වැනි නවීන තාක්ෂණයන් භාවිතා කරමින් සැබෑ ලෝකයේ ගැටලු විසඳීමට විශ්ව විද්‍යාල සහ පාසල් සිසුන් යොමුකරවීමට අපට අවශ්‍ය වුණා. එමෙන්ම තිරසාරත්වයට මුල්තැන දීම සහ, ඒ ඔස්සේ නව ව්‍යාපාර හා තාක්ෂණයන් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අනාගත පරපුරට පැහැදිලි අවබෝධයක් ලබාදීමටත් මෙම වැඩසටහන වැදගත් වේවි.” STEMUP Educational Foundation හි අධ්‍යක්ෂ ප්‍රභාත් මාන්නප්පෙරුම මහතා පැවසී ය.

පාසල් සහ විශ්ව විද්‍යාල කාණ්ඩ යටතේ තරගයට ඉදිරිපත් වූ කණ්ඩායම් වලට, සෞඛ්‍ය හා යහපැවැත්ම, ගුණාත්මක අධ්‍යාපනය, තිරසාර නගර හා ප්‍රජාවන්, කර්මාන්ත, නවෝත්පාදන හා යටිතල පහසුකම, සහ වගකීම්සහගත පරිභෝජනය හා නිෂ්පාදනය වැනි තිරසාර සංවර්ධන ඉලක්ක (SGDs) ඉලක්ක පදනම් කරගත් නවෝත්පාදන සිදුකිරීමට අවස්ථාව ලබාදෙන ලදි. මෙම තරගය තරුණ නවෝත්පාදකයින්ට නවීන තාක්ෂණය භාවිතයෙන්, තෝරාගත් තිරසාර සංවර්ධන ඉලක්කවලට අදාළ ඇතැම් අභියෝගවලට මුහුණ දීම සඳහා ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීමට ලැබුණු අගනා අවස්ථාවක් විය.

විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත අංශයන් සම්බන්ධ දැනුම සහ වෘත්තීන් වෙත සිසුන් යොමුකරවීම ඉලක්ක කරගත්, ආයතනයක් වන STEMUP Educational Foundation, ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) එක්ව Hack:AI 2021 Hackathon වැඩසටහන සංවිධානය කරන ලදි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව