SLT-MOBITEL අනුග්‍රහයෙන් බලගැන්වුණු 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලිය සාර්ථක ලෙස නිමාව දකී

Picture1 (LBN)

 



 

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අනුග්‍රහයෙන් පැවැත්වුණු 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් දීර්ඝකාලයක පටන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටින SLT-MOBITEL මෙම තරගාවලියේ එකම දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය.

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේ දින දෙකේදී ලකුණු 157 ක් රැස්කරගත් කුසල් ජෝන්පිල්ලේ එහි ශූරතාව දිනාගැනීමට සමත් විය. තවත් ප්‍රවීණ ගොල්ෆ් ක්‍රීඩකයෙකු වන සුහයිබ් සංගානි ලකුණු 164 ක් සමගින් එහි අනුශූරතාව දිනාගත් අතර, පළමු දිනයේදී Best Gross score සඳහා පිරිනැමෙන වාර්ෂික රන් පදක්කම දිනාගන්නා ලද්දේ කුසල් ජෝන්පිල්ලේ විසිනි.

තරගකරුවන් 80 කට අධික පිරිසක් මෙවර තරගාවලිය එක්වී සිටි අතර සංගානි (A), ජෝන්පිල්ලේ (B), රොහාන් අමීර්තයියා (C) සහ ආචාර්ය ඒ. අමුණුගම (Masters) Nett ඉසව් වලදී තම කාණ්ඩ වල ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත් වූහ. දින තුනක් පුරා පැවති මෙම තරගාවලිය ග්‍රැහැම් සින්ක්ලෙයාර් කුසලානය සමගින් ආරම්භ වූ අතර, ඉන් අනතුරුව වාර්ෂික රන් සම්මාන තරගද, අවසානයේදී ප්‍රධාන ශූරතා තරගාවලියද පැවැත්විණි.

ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ උත්සාහය යටතේ ගොල්ෆ් ක්‍රීඩාවේ උන්නතියට දායක වීමේ මෙහෙවරෙහි එක් පියවරක් වශයෙන් SLT-MOBITEL විසින් මේ ආකාරයට 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදෙන ලදි. මෙම වසරේ මීට පෙර ප්‍රථම වරට පැවැත්වුණු Eagles’ Quadrangle Cup ගොල්ෆ් කුසලාන තරගාවලියට අනුග්‍රහය ලබාදීමටද SLT-MOBITEL කටයුතු කළේ ය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව