SLFFA නව නිලධාරි මණ්ඩලය පත්වෙයි කොළඹ කලාපීය භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට අවධානය

new office bearers

ශ්‍රී ලංකා කාර්ය උපාය සහ නැව්ගත කරන්නන්ගේ සංගමයේ (SLFFA) නව නිලධාරී මණ්ඩලය පත් කරගැනීමේ  45 වැනි වාර්ෂික මහ සභා රැස්වීම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. එහිදී MAC Supply Chain Solutions (Pvt) Ltd, ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි ප්‍රනාන්දු මහතා 2026/2027 ධුරකාලය සඳහා සභාපතිවරයා ලෙස තේරී පත්විය. සංගමයේ උපසභාපතිවරයා ලෙස Foreway Logistics ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ශවින්ද්‍ර ඩයස් මහතා පත්වූ අතර, Scanwell Logistics Colombo ආයතනයේ අධ්‍යක්ෂ ප්‍රියාන් සීල්මන් මහතා භාණ්ඩගාරික ධුරයට පත්විය.




වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති අනුර කරුණාතිලක ප්‍රධාන ආරාධිත ලෙසත්, එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල මහතා ගෞරවනීය ආරාධිත ලෙසත් සහභාගි වූ ශ්‍රී ලංකා කාර්ය උපාය සහ නැව්ගත කරන්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී එම සංගමයේ විධායක කමිටුව සඳහා මෙරට ප්‍රමුඛතම කාර්ය උපාය හා නැව්ගත කිරීමේ සමාගම් වන Aitken Spence Cargo (Pvt) Ltd,David Pieris Logistics (Pvt) Ltd,Expolanka Freight (Pvt) Ltd,Famous Pacific Shipping Lanka (Pvt) Ltd,Freight Links International (Pvt) Ltd, GAC Logistics Ltd, Hellmann Worldwide Logistics (Pvt) Ltd, Speedmark Transportation සහ Salota International (Pvt) Ltd සමාගම්වල නියෝජිතයෝ තේරී පත්වූහ.

සභාව අමතමින් ශ්‍රී ලංකා කාර්ය උපාය සහ නැව්ගත කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළේ සම්ප්‍රදායික ප්‍රතිඅපනයන සේවාවන්ගෙන් ඔබ්බට ගොස් පූර්ණ ඒකාබද්ධ කලාපීය භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ‘කොළඹ මීළඟ භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු වේගවත් කිරීම‘ නමින් උපාය මාර්ගික මාර්ග සිතියමක් ඉලක්ක කර ඇති බවය. ඒ අනුව දැනට පවතින ජාත්‍යන්තර මධ්‍යස්ථාන සමඟ තරග කිරීම සඳහා පැය 24 සිට 48 දක්වා කාලසීමාවක් ඇතුළත සම්බන්ධ විය හැකි Sea-Air multimodal bonded corridors කොරිඩෝවක් සංවර්ධනය කිරීමට ද යෝජනා වී තිබේ.

තේරී පත්වූ නව නිලධාරි මණ්ඩලය සහ විධායක කමිටුව ශ්‍රී ලංකාවේ කාර්ය උපාය සහ නැව්ගත කිරීමේ කර්මාන්තය ශක්තිමත් කිරිමට සහ ක්ෂේත්‍රයේ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරිමටත්, එම සංගමයේ සාමාජිකයන්ගේ අයිතිවාසිකම් හා අභිලාෂයන් ඉදිරියට ගෙන යෑම සඳහා අඛණ්ඩව කටයුතු කරනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව