ශෂෙල් ලංකා මෑන්පවර් ප්ලැටිනම් එක්ස්සලන්ස් සම්මාන දිනයි

Shashel Lanka (LBN)

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ (SLBFE) බලපත්‍ර අංක 3283 යටතේ ලියාපදිංචි  විදේශ රැකියා නියෝජිත ආයතනයක් වන ශෂෙල් ලංකා මෑනපවර් ආයතනය 2026 ප්ලැටිනම් එක්ස්සලන්ස් සම්මාන උළෙලේදී “Ethical Overseas Recruitment & Workforce Solutions” අංශය යටතේ සම්මානයෙන් පිදුම් ලැබීය. කොළඹ Cinnamon Life – City of Dreamsහිදී පැවති මෙම සම්මාන උළෙලේදී ආචාර ධර්ම පදනම් කර ගත් විදේශ රැකියා බඳවා ගැනීම් හා ගුණාත්මක ශ්‍රම බලකා විසඳුම් සැපැයීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන ලදී.

මීගමුව කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ශෂෙල් ලංකා මෑන්පවර් ආයතන යුරෝපීය රටවල් ඇතුළු විදේශ රැකියා වෙළෙඳපොළට ශ්‍රී ලාංකික පුහුණු, අර්ධ පුහුණු හා නුපුහුණු ශ්‍රමිකයන් යොමු කිරීමේ ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් ලෙස ස්ථාපිත වී ඇත. ඉදි කිරීම් හා ඉංජිනේරු, හෝටල් හා ආහාර පාන, සෞඛ්‍ය හා වැඩිහිටි සත්කාර, ආරක්ෂක සේවා, නිෂ්පාදන, කෘෂිකර්ම, ඇගැලුම්, මෝටර් රථ හා වායුසමීකරණ සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසකට සේවකයන් සැපැයීම ආයතනය විසින් සිදු කරනු ලබයි. මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් බලපත්‍රලාභී ෂෙහානි සෙව්වන්දි හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලාංකිකයන්ට විශ්වාසනීය හා ආරක්ෂිත විදේශ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සහ ජාත්‍යන්තර හවුල්කාරිත්ව ශක්තිමත් කිරීම තම ආයතනයේ ප්‍රධාන අරමුණ බවයි. ප්‍රධාන විධායක නිලධාරිනී සහ ජාත්‍යන්තර සබඳතා නිලධාරිනී අනීතා නෝනිස් මහත්මිය පැවැසුවේ සුදුසු අපේක්ෂකයන් තෝරා ගැනීම, ලේඛණ කටයුතු, පුහුණු කිරීම් සහ සේවයට පසු සම්බන්ධීකරණය ඇතුළු සම්පූර්ණ ක්‍රියාවලිය ඉහළ වෘත්තීයමය ප්‍රමිතිවලට අනුව සිදු කරන බවයි. ශෂෙල් ලංකා මෑන්පර් ආයතනය ඉදිරියේදී ජාත්‍යන්තර ජාලය තව දුරටත් පුළුල් කරමින් විදේශ රැකියා ක්ෂේත්‍රයේ සදාචාරාත්මක හා වෘත්තීයමය සේවා සැපැයීමේ ප්‍රමුඛ ආයතනයක් ලෙස සිය මෙහෙවර ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 14 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව