
සෙලාන් බැංකුව සිය රන් ණය සහ උකස් සේවාවන් සඳහා මාර්ගගත (Online) ක්‍රමයට පොලිය සහ ණය වාරික ගෙවීමේ පහසුකම (Online Interest and Part Payment Facility) හඳුන්වා දී තිබේ. මෙමඟින් ගනුදෙනුකරුවන්ට දවසේ ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක සිට ඩිජිටල් ක්‍රමයට රන් ණය හා උකස් සේවාවන් සම්බන්ධ ගෙවීම් සිදුකිරීමට අවස්ථාව හිමි වී ඇත.
මින් ඉදිරියට රන් ණය සම්බන්ධ පොලිය සහ වාරික ගෙවීම සඳහා ගනුදෙනුකරුවන් බැංකු ශාඛා වෙත පැමිණීම හෝ පෝලිම්වල රැඳී සිටීම අවශ්‍ය නොවේ. සිය ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් සලසන අතරම බැංකුකරණයේ නව ඩිජිටල් තාක්ෂණික ප්‍රවණතාවන්ට අනුගත වීමේ අරමුණින් සෙලාන් බැංකුව විසින් මෙම පියවර ගන්නා ලදී.
සෙලාන් රන් ණය සේවාව මඟින් ගනුදෙනුකරුවන්ට කඩිනම් සේවාවක් සමඟ තරගකාරී අත්තිකාරම් මුදල් සහ ආකර්ෂණීය පොලී අනුපාත හිමි වේ. මාර්ගගත ක්‍රමයට පොලිය සහ ණය වාරික ගෙවීමේ පහසුකම හිමි වීම මඟින් එම සේවාවෙහි වටිනාකම තවදුරටත් ඉහළ යනු ඇත. මෙම නව පහසුකම හඳුන්වා දීම මඟින් ගනුදෙනුකරුවන්ට සුපුරුදු වේගවත් හා විශ්වාසනීය සේවාවට අමතරව තම ගෙවීම් තමන්ට කැමති හා පහසු පරිදි සිදුකිරීමට අවස්ථාවද හිමි වී තිබේ.
“ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා බැංකු සේවා අවශ්‍යතා හැකිතාක් සරල කිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. මෙම නව පහසුකම ඊට තවත් හොඳ උදාහරණයක්. රන් ණය සඳහා පොලිය සහ ණය වාරික මාර්ගගත ක්‍රමයට ගෙවීමට හැකි වීම නිසා ගනුදෙනුකරුවන් තවදුරටත් බැංකු ශාඛා වෙත පැමිණීම අවශ්‍ය නැහැ. ඔවුන්ට කැමති පරිදි කැමති තැනක සිට එම අවශ්‍යතාව ඉටුකර ගැනීමට පුළුවන්.” සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පාරිභෝගික බැංකුකරණ) යූජින් සෙනෙවිරත්න මහතා පැවසීය.
තම මුදල් වඩාත් හොඳින් කළමනාකරණය කරගැනීමට අපේක්ෂා කරන ව්‍යාපාර හිමියන්, කාර්යබහුල රැකියාවල නියුතු පුද්ගලයන්, ප්‍රතිලාභ බලාපොරොත්තු වන ආයෝජකයන් සහ හදිසි මුදල් අවශ්‍යතා සඳහා ණය ලබාගන්නා සාමාන්‍ය ජනතාව ඇතුළුව, රන් ණය හා උකස් සේවා සම්බන්ධ ගෙවීම් සඳහා සරල හා විශ්වාසනීය ක්‍රමයක් සොයන ඕනෑම කෙනෙකුට මෙම නව සේවාව සුවිශාල පිටිවහලක් වනු නිසැකය.
රන් ණය හා උකස් සේවාවන් සඳහා මාර්ගගත ක්‍රමයට පොලිය හා ණය වාරික ගෙවීමේ පහසුකම දැන් සෙලාන් බැංකුවේ ඩිජිටල් බැංකු නාලිකා හරහා ලබාගත හැක. වැඩිදුර තොරතුරු සඳහා ළඟම පිහිටි සෙලාන් බැංකු ශාඛාව වෙත පියනගන්න. නැතිනම් 011 2 008 888 අමතන්න.


