සෙනාරෝ මෝටර්ස් ‘Premier Center’ ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් RR250 යතුරුපැදිය එළි දක්වයි

D (LBN)

වසර 23ක ඉතිහාසයකට හිමිකම් කියන 100%ක් දේශීය සමාගමක් වන සෙනාරෝ මෝටර්ස් සිය නවතම ‘SENARO PREMIER CENTER’ ප්‍රදර්ශනාගාරය ජුබිලිකණුව මංසන්ධියේදී විවෘත කරමින් සෙනාරෝ සන්නාමය යටතේ හඳුන්වා දෙන නවතම යතුරුපැදි මාදිලිය වන SENARO RR250 වෙළෙඳපොළට හඳුන්වා දුන්නේය. නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් වන සනත් ජයසූරිය සහ උපුල් තරංග සහභාගී වූහ. ශ්‍රී ලාංකේය යතුරුපැදි පාරිභෝගිකයන්ට වඩාත් උසස් සහ පුළුල් පාරිභෝගික අත්දැකීමක් සැපැයීමේ අරමුණෙන් මෙම නව Premier Center සංකල්පය හඳුන්වා දී තිබේ. සෙනාරෝ මෝටර්ස් SENARO GN 125, SENARO CLICK 150i සහ BOXTER 125 ඇතුළු යතුරුපැදි මාදිලි රැසක් ශ්‍රී ලංකාව තුළ එකලස් කරයි. එම යතුරුපැදි සඳහා 35%කට වැඩි දේශීය අගය එකතු කිරීමක් සිදු කෙරෙන අතර ඒ හරහා මෙරට නිෂ්පාදන හා එකලස් කිරීමේ හැකියාව ශක්තිමත් කිරීමට සමාගම දායක වෙයි. වසර ගණනාවක් පුරා සිය වෙළෙඳපොළ මෙහෙයුම් පුළුල් කර ඇති සෙනාරෝ මෝටර්ස් දිවයිනේ සියලු පළාත් සහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පුළුල් අලෙවි හා බෙදා හැරීමේ ජාලයක් ස්ථාපිත කර තිබේ. එම ජාලය හරහා සෙනාරෝ යතුරුපැදි මෙන්ම නියම අමතර කොටස් දිවයින පුරා පාරිභෝගිකයන් වෙත කඩිනමින් සැපැයීමේ හැකියාව ශක්තිමත් කර ඇත.




නව SENARO PREMIER CENTER සාම්ප්‍රදායික යතුරුපැදි ප්‍රදර්ශනාගාර සංකල්පයෙන් ඔබ්බට ගිය පුළුල් පාරිභෝගික සේවා අත්දැකීමක් සැපැයීම සඳහා නිර්මාණය කර තිබේ. නවතම සෙනාරෝ යතුරුපැදි මාදිලි පිළිබඳව දැනුවත් වීමට, ඒවා අත්විඳීමට සහ මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට මෙහිදී අවස්ථාව හිමි වේ. එමෙන්ම සිය යතුරුපැදි වැඩි දියුණු කිරීමට සහ වෙනස්කම් සිදු කර ගැනීමට අපේක්ෂා කරන යතුරුපැදි ලෝලීන් සඳහා අවශ්‍ය සේවා විශ්වාසනීයව සහ නිසි ප්‍රමිතිවලට අනුකූලව සැපැයීමට මෙම මධ්‍යස්ථානය පහසුකම් සළසයි. විවෘත කිරීමේ උත්සවයේ තවත් ප්‍රධාන අංගයක් වූයේ සෙනාරෝ සන්නාමයේ නවතම යතුරුපැදි මාදිලිය වන SENARO RR250 එළි දැක්වීමයි. මෙම නව මාදිලිය එක් වීමත් සමඟ සෙනාරෝ මෝටර්ස් සිය යතුරුපැදි නිෂ්පාදන පෙළ තව දුරටත් පුළුල් කරමින් මෙරට පාරිභෝගිකයන්ගේ වෙනස් වන අවශ්‍යතා සහ රුචිකත්වවලට ගැළැපෙන විකල්ප සැපැයීමට අපේක්ෂා කරයි. නව Premier Center සංකල්පය හරහා යතුරුපැදි අලෙවිය, නියම අමතර කොටස්, වැඩි දියුණු කිරීම් සහ පාරිභෝගික සේවා එකම ස්ථානයකින් ලැබෙන ඒකාබද්ධ සේවා අත්දැකීමක් ගොඩ නැගීමට සෙනාරෝ මෝටර්ස් පියවර ගෙන තිබේ. දේශීයව එකලස් කරන යතුරුපැදි නිෂ්පාදන පෙළ, දිවයින පුරා විහිදුණු අලෙවි ජාලය සහ අලෙවියෙන් පසු සේවා තව දුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ යතුරුපැදි කර්මාන්තයට සිය දේශීය දායකත්වය පුළුල් කිරීම සමාගමේ ඉදිරි අරමුණයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − eleven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව