6 වන LPL තරඟාවලිය වෙනුවෙන් SC Jaffna Kings කණ්ඩායමෙන් ශක්තිමත් සංචිතයක්

LPL SC Jaffna Kings

භානුක රාජපක්ෂ, ශකිබ් අල් හසන්, දුනිත් වෙල්ලාලගේ සහ තස්කින් අහමඩ් Jaffna Kings ප්‍රමුඛයින් බවට පත්වෙති

තවත් නොබෝ දිනකින් ආරම්භ වීමට නියමිත 6 වන LPL තරඟාවලිය වෙනුවෙන් ශක්තිමත් හා සමබර කණ්ඩායමක් ගොඩනැගීමට SC Jaffna Kings කණ්ඩායම සමත් වී ඇත. මේ සඳහා ඔවුන් දක්ෂ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්, ජාත්‍යන්තර අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඇතුලු දක්ෂතාවන් සපිරි සාමාජික රටවල ක්‍රීඩකයින් එක්කර ගැනීමට කටයුතු කර තිබේ.

Jaffna Kings කණ්ඩායම මෙවර තරඟ වාරයට පිවිසෙන්නේ භානුක රාජපක්ෂ සිය දේශීය සලකුණ ලෙස තෝරාගනිමිනි.  එමඟින් පීඩනය හමුවේ සාර්ථකව ක්‍රීඩා කළ හැකි, ප්‍රබල වමත් පිතිකරුවෙකුගේ ශක්තිය කණ්ඩායමට හිමි වේ. විස්සයි-20 ඉනිමක වේගය ක්ෂණිකව වෙනස් කිරීමට ඇති හැකියාව නිසා ප්‍රසිද්ධ භානුක, කණ්ඩායමේ පිතිකරණ උපායමාර්ග හැඩගැස්වීමේ ප්‍රධානතම භූමිකාවක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.



කණ්ඩායමේ විදේශීය නායකත්වය සහ ශක්තිය සනිටුහන් කරමින් බංග්ලාදේශයේ ශකිබ් අල් හසන් විදේශීය සුපිරි ක්‍රීඩකයා ලෙස නම් කර ඇත. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වඩාත්ම පළපුරුදු තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ශකිබ්, පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද කණ්ඩායමට විශාල ශක්තියක් එක් කරනු ඇත. ජාත්‍යන්තර මෙන්ම ලොව පුරා විවිධ ලීග් තරඟාවලීන්හි ක්‍රීඩා කර ලබා ඇති අත්දැකීම්, Jaffna Kings කණ්ඩායමේ සමබරතාවයට, උපායමාර්ගික පරිණතභාවයට සහ තරඟ ජයග්‍රහණය කරවීමේ හැකියාවට සුවිසල් අස්වැසිල්ලක් වනු නිසැකය.

Jaffna Kings කණ්ඩායම සිය දේශීය තරුව ලෙස දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එක්කර ගෙන ඇති අතර, එමඟින් සංචිතයේ තුන්ඉරියව් ශක්තිය තවදුරටත් ඉහළ නැංවීමට ඔවුන් කටයුතු කර ඇත. වෙල්ලාලගේ සතු වමත් දඟපන්දු යැවීමේ හැකියාව, පිතිකරණ දක්ෂතාවය සහ දිනෙන් දින ඉහළ යන ජාත්‍යන්තර අත්දැකීම් නිසා ඔහු මෙවර තරඟාවලියේ සිටින වටිනාම තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු බවට පත්වේ. ඔහුට අමතරව, කණ්ඩායමේ විදේශීය තරුව වන තස්කින් අහමඩ්, වේග පන්දු යැවීමේ බලඇණියට වේගය, ආක්‍රමණශීලී බව සහ කඩුලු ලබාගැනීමේ සුවිශේෂී හැකියාව එක් කරනු ඇත.

අවිශ්ක ප්‍රනාන්දු, David Wiese සහ Dipendra Singh Airee යන ක්‍රීඩකයින්ගේ එක්වීමෙන් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරණය, අවසාන පන්දු වාරවල වේගය, ජාත්‍යන්තර අත්දැකීම් සහ තුන් ඉරියව් ශක්තිය ඉහළ නංවමින් සංචිතය තවදුරටත් ශක්තිමත් වී ඇත. මෙම ක්‍රීඩකයින් දේශීය ප්ලැටිනම්, විදේශීය ප්ලැටිනම් සහ සහකාර රටවල තරුව ලෙස පිළිවෙළින් කණ්ඩායමට එක් වනු ඇත.

කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින් අතරට නිශාන් මධුෂ්ක, නුවනිඳු ප්‍රනාන්දු, දිල්ෂාන් මධුශංක, කමිල් මිෂාර සහ චමිඳු වික්‍රමසිංහ වැනි දක්ෂ දේශීය ක්‍රීඩකයින් රැසක් ඇතුළත් වේ. එමඟින්  SC Jaffna Kings කණ්ඩායමට ශක්තිමත් පිතිකරණ බලඇණියක්, වමත් වේග පන්දු යැවීමේ හැකියාවක්, නැඟී එන තරුණ දක්ෂතාවලින් පිරි සහ ඕනෑම අවස්ථාවකට ගැළපෙන මැදපෙළ පිතිකරණ විකල්ප රැසක් සහිත හොඳ සංකලනයක් ලැබී තිබේ.

IPG සමාගමේ නිර්මාතෘ සහ සභාපති අනිල් මෝහන් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “Jaffna Kings කණ්ඩායමේ ඇති ගුණාත්මකභාවය හේතුවෙන් LPL තරඟාවලිය ජාත්‍යන්තර මට්ටමේ සාර්ථක ලීග් ක්‍රිකට් වේදිකාවක් ලෙස ඉදිරියට යන බව මනාව ප්‍රදර්ශනය වනවා. පළපුරුදු ජාත්‍යන්තර ක්‍රීඩකයින්, ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ නැඟී එන තරුණ දක්ෂයින්ගේ හොඳ සංකලනයක් සමඟින් Jaffna කණ්ඩායම මෙවර ප්‍රේක්ෂකයින් වගේම වාණිජමය හවුල්කරුවන් අතර ලොකු උනන්දුවක් ඇති කළ හැකි ශක්තිමත් සංචිතයක් ගොඩනඟා තිබෙනවා.” යනුවෙනි.

ඒ අනුව, ඉදිරි තරඟ වාරයේදී කැපී පෙනෙනම කණ්ඩායමක් බවට පත්වීමේ අරමුණ ඇතිව, ශක්තිමත් පිතිකරණ බලඇණියක්, තුන්ඉරියව් ක්‍රීඩකයින්ගේ හැකියාවන් සහ විවිධත්වයෙන් යුත් පන්දු යැවීමේ බලකායක් වැනි සමබර මූලික ශක්තීන් වටා සිය ජයග්‍රාහී ගමන් මඟ ගොඩනැඟීමට SC Jaffna Kings කණ්ඩායම බලාපොරොත්තු වේ.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 + 16 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව