සණස ලයිෆ් හදුන්වාදෙන නවතම  රක්ෂණ සැලසුම වන  “Wealth Unlimited”  සමඟ දිවයින පුරා දැවැන්ත ජනතා දැනුවත් කිරීමේ වැඩසටහනක්

logo pdf

ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය අනාගතය සුරක්ෂිත කිරීමත්, ආයෝජනය සහ ජීවිත ආරක්ෂාව එකම සැලසුමක් තුළින් ලබාදීමත් අරමුණු කරගනිමින් සණස ලයිෆ් රක්ෂණ සමාගම “Wealth Unlimited” නමින් නවතම ආයෝජනමය ජීවිත රක්ෂණ සැලසුම හඳුන්වා දී තිබේ.

නව පරපුරේ ආයෝජන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් නිර්මාණය කර ඇති Wealth Unlimited සැලසුම, නිවැරදි ආයෝජනයකින් ලැබෙන ප්‍රතිලාභ සහ ජීවිත රක්ෂණ ආරක්ෂාව එකම සැලසුමක් තුළින් ලබාදෙන සුවිශේෂී මූල්‍ය විසඳුමකි. එමඟින් ආයෝජකයින්ට තම ප්‍රාග්ධනය වර්ධනය කරගැනීමේ අවස්ථාව පමණක් නොව, ආයෝජන කාලය පුරා ජීවිත ආරක්ෂාව ද හිමිවන බැවින් ද්විත්ව ප්‍රතිලාභයක් අත්කර ගැනීමට හැකියාව ලැබේ.




මෙම ආයෝජන සැලසුමේ ප්‍රධානතම විශේෂත්වය නම් ආයෝජනය සිදුකරන කාලසීමාව තුළ ආයෝජකයාට ජීවිත රක්ෂණාවරණයක් හිමිවීමයි. තවද, ආයෝජන කාලය අවසානයේදී ආයෝජනයෙන් හිමිවන ප්‍රතිලාභයන්ට අමතරව ජීවිත රක්ෂණ සැලසුමට අදාළ ප්‍රතිලාභ ද හිමිවීම හේතුවෙන්, අනාගතය පිළිබඳ වැඩි විශ්වාසයකින් යුතුව මූල්‍ය සැලසුම් සකස් කර ගැනීමට මෙය මනා පිටුවහලක් වේ.

වයස අවුරුදු 18 සිට 70 දක්වා වන ඕනෑම අයෙකුට මෙම සැලසුමට එක්විය හැකි අතර, ආයෝජන කාලසීමාව වසර 3 සිට 5 දක්වා තෝරාගැනීමේ හැකියාව පවතී. මෙහි අවම ආයෝජන මුදල රුපියල් 50,000/- ක් වන අතර, සිය මූල්‍ය අනාගතය ශක්තිමත්ව සැලසුම් කිරීමට කැමති පුද්ගලයන්ට පහසුවෙන් මෙම සැලසුම සමඟ එක්වීමේ අවස්ථාව සණස ලයිෆ් විසින් සලසා දී ඇත.

තවද මෙම නව සැලසුම හඳුන්වාදීමට සමගාමීව, 2026 ජූලි 15 වන දින, සණස ලයිෆ් රක්ෂණ සමාගම විසින් මුළු දිවයිනම අවරණය වන පරිදි සිය ශාඛා ජාලය එක්කරගනිමින් දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක්ද  සංවිධානය කර ඇත. එදින තම නගර සීමා ආවරණය වන පරිදි ශාඛාවන් විසින්, වෙළෙඳ මධ්‍යස්ථාන, ව්‍යාපාරික ආයතන  සහ පොදු ජනතාව වෙත Wealth Unlimited සැලසුම පිළිබඳ තොරතුරු දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

මෙම වැඩසටහන් මඟින් ජනතාවට Wealth Unlimited සැලසුමෙහි විශේෂාංග, ආයෝජන ප්‍රතිලාභ, ජීවිත රක්ෂණ ආවරණය සහ තම අවශ්‍යතාවන්ට සුදුසු  ආයෝජන සැලසුම් පිළිබඳ සණස ලයිෆ් වෘත්තීය උපදේශකයන් වෙතින් සෘජුවම උපදෙස් ලබාගැනීමේ අවස්ථාව හිමිවනු ඇත. එමෙන්ම එදිනම සැලසුමට එක්වීම සඳහා අවශ්‍ය මූලික තොරතුරු සහ උපදේශන සේවාවන්ද ලබාගැනීමේ හැකියාවද පවතී.

සෑම විටම ශ්‍රී ලාංකික ජනතාවගේ මූල්‍ය සුරක්ෂිතභාවය වෙනුවෙන් නවෝත්පාදනශීලී විසඳුම් හඳුන්වාදීමට සණස ලයිෆ් රක්ෂණ ආයතනය කැපවී සිටින අතර, Wealth Unlimited, ආයෝජනයේ වටිනාකම ඉහළ නංවා ගනිමින්, ජීවිතයේ අනපේක්ෂිත අවදානම්වලටද ආරක්ෂාව සලසන නව පරපුරේ මූල්‍යමය විසඳුමකි.

ඔබගේ අනාගතය වෙනුවෙන් අද ගන්නා නිවැරදි තීරණය, හෙට දවසේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට උපකාරී වන බැවින්  ජූලි 15 වන දින ඔබේ නගරයට පැමිණෙන සණස ලයිෆ් කණ්ඩායම හමුව  “Wealth Unlimited” පිළිබඳ දැනුවත් වී ඔබගේ මූල්‍ය අනාගතයට ශක්තිමත් පදනමක් ගොඩනගාගත හැක.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

thirteen − two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව