රාමසාන් උළෙලේ අරුත සමරමින් විශේෂ ඉෆ්තාර් සැමරුමක් SLT-MOBITEL වෙතින් දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් සිසුන්ට අත්වැලක්

Untitled

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය ප්‍රජා සත්කාර සහ සමාජ ක්‍රියාකාරකම්වල කොටසක් වශයෙන් ගම්පොළ Al-Misbahiyyah Arabic College හිදී විශේෂ ඉෆ්තාර් සැමරුම් උළෙලක් සංවිධානය කළේය.

මෑතකදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙම පාසලටත් එහි සිසුන්ටත් විශාල බලපෑමක් එල්ල විය. එබැවින් රමාසාන් උත්සව සමයේ පාසලේ ගුරු සිසු ප්‍රජාව සමඟ එක්ව ඉෆ්තාර් උත්සවය සැමරූ අතරම, ඔවුන්ට තම ජීවිත යථා තත්ත්වයට පත්කරගැනීමට අත්වැලක් වීම මෙම උත්සවයෙහි අරමුණ විය.




මෙම අවස්ථාවට Al-Misbahiyyah Arabic College හි විදුහල්පති ආශ්-ශීක් හිශාම් මුෆ්ති මහතා ප්‍රමුඛව එම පාසල් කමිටුවේ සාමාජිකයන් සහ සිසුන් 60 කට ආසන්න පිරිසක් සහභාගී වූහ. SLT-MOBITEL නියෝජනය කරමින් එහි ප්‍රාදේශීය කළමනාකරු ඉංජිනේරු එම්. ඒ. එම්. සියාම් මහතා ප්‍රමුඛ ගම්පොළ ප්‍රාදේශීය කාර්යාලයේ කණ්ඩායමද, SLT ප්‍රධාන කාර්යාලයේ නියෝජිතයන් පිරිසක්ද ඊට එක්ව සිටියහ.

මෙම වැඩසටහනේ කොටසක් වශයෙන් SLT-MOBITEL විසින් මෙම පාසල් දරුවන්ට වටිනා පාසල් උපකරණ තොගයක්ද පරිත්‍යාග කරන ලදී. අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සිසුන්ට සහ පාසලට අත්වැලක් වීම මෙහි අරමුණ විය.

මෙම උත්සවය ශුද්ධ වූ රාමසාන් මාසයේදී සහයෝගීත්වය හා සාමූහිකත්වය ඇතුළු ගුණධර්ම යළි තහවුරු කිරීම සඳහා ලැබුණු මහඟු අවස්ථාවක් වූ අතර, එය විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙන ප්‍රජාවන්ට අත්වැලක් වන අතරම සමාජය තුළ සමගිය ප්‍රවර්ධනය කිරීම සඳහා  SLT-MOBITEL  දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කළ මෙහෙවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

පූජනීය රාමසාන් උත්සවය වෙනුවෙන් SLT-MOBITEL සකල ලෝකවාසී ජනතාවට සාමය, සතුට හා සෞභාග්‍යය ප්‍රර්ථනා කර සිටී.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව