Prime Lands Residencies PLC සමාගම රන් සම්මානයෙන් පිදුම් ලබයි

Prime Land

Prime Lands Residencies PLC සමාගම පසුගියදා කොළඹදී පැවැත්වුණු ‘TAGS Awards 2024’ හිදී ‘ඉඩම් හා දේපළ සමාගම්’ කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. ආචාරධර්ම සුරකිමින්, තිරසර හා විනිවිදභාවයෙන් යුත් ව්‍යාපාරික භාවිතයන් සහ ඩිජිටල්කරණය මත අනාගතයට සරිලන ආයතනික වාර්තාකරණය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින්  විශිෂ්ටත්වය වෙනුවෙන් සිදු කරන කැපවීම අරඹයා සමාගම වෙත මෙම සම්මානය හිමි විය.
 



 

දිගින් දිගටම ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ඉදිරියෙන්ම සිටීමට Prime Lands Residencies PLC සමත් වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරයි. පසුගිය වසරේ TAGS සම්මාන උළෙලේදී රිදී සම්මානයක්(Silver Award) හිමි කරගත් Prime Lands Residencies PLC මෙවර එය රන් සම්මානයක්(Gold Award) බවට පත්කර ගැනීමට සමත් වී තිබේ.

“මේ රන් සම්මානය හිමි වීම, ආයතනික වාර්තාකරණය සහ විනිවිදභාවය සම්බන්ධයෙන් ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට අප සමත් වී ඇති බවට මනා සාක්ෂියක්. ආයතනික වාර්තාකරණය ඩිජිටල්කරණය වෙමින් පවතින යුගයක, Prime සමූහ ව්‍යාපාරයේ මූලික ගුණාංග වන වගවීම හා තිරසරත්වය වැනි ගුණාංග අඛණ්ඩව ආරක්ෂා කරගැනීමට අප සමත් වී තිබෙනවා.” Prime Lands Residencies PLC හි සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය පැවසුවා ය.

2023-24 මුල්‍ය වර්ෂයදී අභියෝගකාරී වෙළඳපොළ තත්වයන් හමුවේ පවා විශිෂ්ට මුල්‍ය ක්‍රියාකාරීත්වයක් වාර්තා කරමින් තම වර්ධනීය ප්‍රවණතාව අඛණ්ඩව පවත්වා ගැනීමට Prime Lands Residencies PLC සමත් විය. මෙම කාලය තුළදී මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය උදෙසා තමන් දක්වන කැපවීම යළි යළිත් තහවුරු කරමින් සමාගම විසින් The 43 By the Sea Dehiwala, The Colombo Border සහ The Seasons Colombo 08  ඇතුළු ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කරන ලදී.

‘TAGS Awards’ යනු මුල්‍ය හා මුල්‍ය නොවන තොරතුරු වාර්තාකරණයේදී විනිවිදභාවය (Transparency), වගවීම (Accountability), ආයතනික යහපාලනය (Governance) සහ තිරසරත්වය (Sustainability) යන ගුණාංග පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කරන සම්මාන උළෙලකි. මෙවර සම්මාන උළෙලට ගෞරවණීය ආරාධිතයන් රැසක් සහභාගී වූ අතර, එය විනිවිදභාවය හා ආයතනික පාලනය පිළිබඳ මූලධර්ම ආරක්ෂා කර ගනිමින් ආයතනික වාර්තාකරණය තුළ ඩිජිටල් තාක්ෂණික භාවිත පුළුල් කිරීමේ වැදගත්කම ඉහළ යමින් පවතින බවට මනා සාක්ෂියකි. 59 වන වරටත් පවත්වන ලද මෙම සම්මාන උළෙල සංවිධානය කරනු ලබන්නේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගිනි.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 3 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව