
ඉහළ වටිනාකමක් ඇති කෘෂි බෝග සංවිධානාත්මක ලෙස සොරකම් කිරීම ශ්‍රී ලංකාවේ කෘෂි ආ¾ථිකයට බරපතළ ත¾ජනයක් බවට පත්ව ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.
මෙම තත්ත්වය පාලනයකින් තොරව දිගින් දිගටම පැවතුණහොත් කෘෂික¾මාන්තයට නව ආයෝජන පැමිණීම අඩාල වී, මෙරට කෘෂි අපනයනවල තරගකාරීත්වය දු¾වල වීමත් අනෙක් අතට ගොවීන්ගේ සහ වතු සේවකයන්ගේ ජීවනෝපාය දැඩි අවදානමකට ලක්විය හැකි බවද සංගමය අනතුරු අඟවයි. එබැවින් බෝග සොරකම සාමාන්‍ය සොරකමක් ලෙස නොසලකා, රටේ ආ¾ථිකයට බලපාන බරපතළ ගැටලුවක් ලෙස සලකා කඩිනම් පියවර ගන්නැයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
ගම්මිරිස්, ඉඟුරු, එනසාල්, කුරුඳු, වැනිලා, අලිගැටපේර ඇතුළු ඉහළ වටිනාකමක් සහිත කෘෂි බෝග සොරකම් කිරීම රටේ බොහෝ වතුකර ප්‍රදේශවල සංවිධානාත්මක මට්ටමකට ව¾ධනය වීම තවදුරටත් හුදෙකලා හෝ පාලනය කල හැකි ගැටලුවක් ලෙස බැහැර කල හැකි මට්ටමකට ලඟා වී ඇති බව ක¾මාන්ත අංශ පවසයි. ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ සුළු පරිමාණ වගාකරුවන් පෙන්වා දෙන්නේ වසරක් පුරා දැරූ ශ්‍රමය සහ ආයෝජනය එක් රැයකින් අහිමි වන තත්ත්වයක් මේ අනතුර හමුවේ උද්ගත වී ඇති බවයි.
බෝග ආරක්ෂා කිරීම සඳහා ඇතැම් වැවිලි සමාගම්වලට වා¾ෂිකව රුපියල් මිලියන ගණනක් ආරක්ෂක කටයුතු වෙනුවෙන් වැය කිරීමට සිදුව ඇති අතර, එම අමතර පිරිවැය ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තරගකාරී මිල ගණන් පවත්වාගෙන යාමේ හැකියාවටද සෘජුව බලපා ඇත. සොරකම්වලින් ඇතිවන අවදානම සහ පාඩුව සලකා, ලැබෙන ප්‍රතිලාභය එම අවදානම දැරීමට තරම් ප්‍රමාණවත් නොවන බව නිගමනය කිරීමෙන් පසු ඉහළ වටිනාකමක් ඇති බෝග වගා ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් කළ ආයෝජන අත්හැර දැමීමට ගොවීන් සහ වතු කළමනාකරුවන් කටයුතු කර ඇති අවස්ථාද වා¾තා වී ඇතැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.
බෝග සොරකම් හේතුවෙන් සමස්ත ක්ෂේත්‍රයට සිදුවන පාඩුව රුපියල් මිලියන ගණනක් විය හැකි බවට ලංකා වැවිලිකරුවන්ගේ සංගමය ඇස්තමේන්තු කරයි. කෙසේ වෙතත්, සැබෑ පාඩුව නිවැරදිව තක්සේරු කිරීම සඳහා සිය සාමාජික ආයතනවලින් නිල වශයෙන් තහවුරු කළ දත්ත ලබාගැනීමට මේ වනවිට පියවර ගනිමින් සිටින බවද එම සංගමය සඳහන් කරයි.
දැනටමත් පැහැදිලි වී ඇති කරුණ වන්නේ සොරකම් කරන ලද අස්වැන්නේ වටිනාකමට පමණක් මෙම මූල්‍ය හානිය සීමා නොවන බවයි. ආරක්ෂාව සඳහා දැරීමට සිදුවන අමතර වියදම්, අහිමි වන ආදායම්, අඩාල වන ආයෝජන සහ රාජ්‍යයට අහිමි වන බදු ආදායම් ද මෙම පාඩුවේ කොටසක් බව සංගමය පෙන්වා දෙයි.
ගැටලුවේ පරිමාණය
මෙම බෝග සොරකම අහඹු ලෙස සිදු වන්නක් නොව, සංවිධානාත්මකව සහ සැලසුම් සහගතව සිදුකරන ක්‍රියාකාරකමක් බව වැවිලිකරුවන්ගේ සංගමයේ සාමාජිකයෝ පවසති.
විශේෂයෙන් පුර පසළොස්වක පොහොය ආසන්න දිනවල සොරකම් වැඩි වශයෙන් සිදුවන බව වා¾තා වේ. සඳ එළිය භාවිත කරමින් විදුලි පන්දම් නොමැතිව වගාබිම් තුළ ගමන් කිරීමට සහ අස්වැන්න නෙළීමට සොර කණ්ඩායම්වලට හැකිවීම ඊට හේතුව බව ඔවුහු කියති.
හොඳින් සංවිධානය වූ කණ්ඩායමකට පැය දෙක තුනක් ඇතුළත කුරුඳු වගා කොටසක් සම්පූ¾ණයෙන්ම ඉවත් කළ හැකි අතර, එක් වරකදී එනසාල් වගා බිමක අස්වැන්න මුලුමනින්ම නෙළාගෙන යාමටද හැකි බව වා¾තා වේ. එමෙන්ම එක් ගම්මිරිස් වැලකින් පමණක් අලුයමට පෙර කිලෝග්‍රෑම් 40ත් 50ත් අතර අස්වැන්න ප්‍රමාණයක් නෙළාගෙන යන අවස්ථාද වා¾තා වී ඇත.
මෙලෙස සොරකම් කරන ලද අස්වැන්න අවිධිමත් වෙළෙඳ හා සැපයුම් ජාලවලට ඇතුළත් වූ පසු එහි මූලාශ්‍රය හඳුනාගැනීම හෝ නැවත සොයාගැනීම ප්‍රායෝගිකව අපහසු බවද සංගමය පෙන්වා දෙයි.
එක් බෝගයක් මාස 3ක කාලයක් ආරක්ෂා කිරීම සඳහා වැවිලි සමාගමට වැය වන ආරක්ෂක වියදම පමණක් රුපියල් මිලියන 20කට ආසන්න වන බව වා¾තා වේ. මෙවැනි ආරක්ෂක වියදම් කෘෂිකා¾මික තරගකාරීත්වය මැනීම සඳහා රජය භාවිත කරන කිසිදු නිල ද¾ශකයකට ඇතුළත් නොවුවද, ඒවා නිෂ්පාදකයාට නිරන්තරයෙන් දැරීමට සිදුවන සැබෑ වියදම් බව සංගමය අවධාරණය කරයි.
වියට්නාමය, ඉන්දියාව සහ කෙන්යාව වැනි අඩු නිෂ්පාදන පිරිවැයක් සහිත රටවල් සමඟ දැනටමත් තරග කරන මෙරට වැවිලි සමාගම්වලට මෙම අමතර වියදම් තවදුරටත් දැඩි පීඩනයක් ඇති කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදේශීය වැවිලි සමාගම්වල ආදායම් පහළ යන අතර, රජයට ලැබිය යුතු බදු ආදායමද අහිමි වන බව වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
ආයෝජන තීරණවලට දැනටමත් සෘජු බලපෑම්
බෝග සොරකම් හේතුවෙන් ආයෝජක විශ්වාසය දැඩි ලෙස බිඳ වැටී ඇති බෝගයක් ලෙස ගම්මිරිස් වගාව හඳුනාගත හැකි බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.
ඉහළ අපනයන විභවයක් සහිත වටිනා බෝගයක් වන ගම්මිරිස් වගාව අත්හදා බැලීමේ මට්ටමින් ආරම්භ කළ වගාකරුවන් කිහිපදෙනකු, සිය වගාබිම්වල දිගින් දිගටම සිදුවූ සොරකම් හේතුවෙන් වගාව පුළුල් කිරීමේ සැලසුම් අත්හැර දමා ඇතැයි එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
එනසාල් වගාවටද මේ හා සමාන බලපෑමක් එල්ල වී තිබේ. හෙක්ටයාර 18ක එනසාල් වගා ව්‍යාපෘතියක් ආරම්භ කළ එක් වැවිලි සමාගමක් එහි පිරිවැය දරාගත නොහැකි මට්ටමක පවතින බව නිගමනය කිරීමට පෙර වසර කිහිපයක් පුරා මුරකරුවන් සහ ආරක්ෂක නිලධාරීන් යොදවමින් වගාව පවත්වාගෙන ගොස් තිබුණද, ඒ අනුව එම ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් නොකිරීමට සමාගම කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන ව¾ධනය කිරීම සහ කෘෂිකා¾මික ක්ෂේත්‍රයට නව ආයෝජන ආක¾ෂණය කරගැනීම රජයේ ප්‍රකාශිත අරමුණක් වුවද, වටිනා බෝග වගා කිරීම ගොවීන්ට හා ආයෝජකයන්ට දරාගත නොහැකි අවදානමක් බවට පත්ව ඇති තත්ත්වයක එම ඉලක්ක සපුරාගත නොහැකි බව වැවිලිකරුවන්ගේ සංගමය අවධාරණය කරයි.
බෝග ආරක්ෂාව පිළිබඳ භූමියේ පවතින සැබෑ ගැටලු විසඳීමෙන් තොරව කෘෂි අපනයන ව¾ධනය, වගා විවිධාංගීකරණය හෝ නව ආයෝජන පිළිබඳ ප්‍රතිපත්තිමය ඉලක්ක ප්‍රායෝගිකව ඉටුකරගත නොහැකි බවද සංගමයේ ස්ථාවරය වී තිබේ.
පවතින නීතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම
ශ්‍රී ලංකාවේ දැනට පවතින නීතිය යටතේ කෘෂි බෝග සොරකම් කිරීම අපරාධ වරදක් වුවද, ඒ සඳහා නියම කර ඇති දඬුවම්වල බරපතළකම එම සොරකම්වලින් සිදුවන ආ¾ථික හානියට කිසිසේත් සමපාත නොවන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පෙන්වා දෙයි.
බොහෝ අවස්ථාවලදී නියම කෙරෙන දඩ මුදල සොරකම් කළ බෝගවල සැබෑ වටිනාකමෙන් ඉතා සුළු කොටසක් පමණක් වන බැවින්, නැවත නැවතත් මෙම අපරාධවල නිරත වන පුද්ගලයන් වැළැක්වීමට එම දඬුවම් ප්‍රමාණවත් නොවන බව සංගමය වැඩිදුරටත් සඳහන් කරයි. අපරාධයෙන් ලැබෙන වාසියට වඩා දඬුවම අඩු වන විට නීතිය අක¾මන්‍ය වන බවද ඔවුහු අවධාරණය කරති.
මෙම ගැටලුවට තාක්ෂණික විසඳුම් යෙදීමට ගත් උත්සාහද මෙතෙක් අපේක්ෂිත ප්‍රතිඵල ලබාදී නොමැත. විදුලිය විසන්ධි වන අවස්ථාවල සී.සී.ටී.වී. කැමරා පද්ධති අක්‍රිය වන අතර, ඇඟිලි සලකුණු මත ක්‍රියාත්මක වන ප්‍රවේශ පාලන පද්ධති පවා මගහැර යාමේ සිදුවීම් වා¾තා වී ඇත.
යටිරෝපණයක් සහිතව වගා කරන බෝග සහ තද සුළං සහිත භූමි ප්‍රදේශවල ඩ්‍රෝන යානා භාවිතයටද ප්‍රායෝගික බාධා පවතී. බෝග ආරක්ෂා කිරීම සඳහා සවි කරන වැටවල්, විදුලි උපකරණ සහ අනෙකුත් ආරක්ෂක උපකරණ පවා සොරකම්කරුවන්ගේ ඉලක්ක බවට පත්ව ඇති බවද සංගමය පවසයි.
කඩිනම් ක්‍රියාමා¾ග ගන්නැයි ඉල්ලීමක්
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් කෘෂි බෝග සොරකම් සම්බන්ධයෙන් පවතින දඬුවම් සංශෝධනය කර, ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
සොරකම් කරන ලද බෝගවල සැබෑ වටිනාකමට සහ එමගින් ඇතිවන සමස්ත ආ¾ථික හානියට සරිලන පරිදි දඩ මුදල් සහ සිර දඬුවම් නියම කළ යුතු බවත්, නැවත එවැනි අපරාධවල නිරත වීම වැළැක්විය හැකි සැබෑ බියගැන්වීමක් නීතිය තුළ නි¾මාණය කළ යුතු බවත් සංගමය පෙන්වා දෙයි.
එමෙන්ම අවිධිමත් සැපයුම් හා වෙළෙඳ ජාල තුළ සංසරණය වන ඉහළ වටිනාකමක් සහිත කෘෂි නිෂ්පාදනවල මූලාශ්‍රය හඳුනාගත හැකි පසුවිපරම් ක්‍රමවේදයක් හඳුන්වා දිය යුතු බවද සංගමය යෝජනා කරයි. එවැනි පද්ධතියක් ක්‍රියාත්මක කළහොත් වගාබිමෙන් පිටතට ගෙන ගිය පසුවද සොරකම් කළ අස්වැන්න හඳුනාගෙන, ඊට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට හැකි වනු ඇත.
බෝග සොරකම ජාතික කෘෂිකා¾මික ප්‍රතිපත්තිය තුළ නිල වශයෙන් හඳුනාගත යුතු අතර, නීතිය ක්‍රියාත්මක කිරීම සහ බෝග ආරක්ෂාව සඳහා අවශ්‍ය මූල්‍ය හා මානව සම්පත් වෙන් කළ යුතු බවද වැවිලිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.
සුළු පරිමාණ වගාකරුවන්ට සහ වතු සමාගම්වලට සිදුව ඇති සැබෑ පාඩුව පිළිබඳ තහවුරු කළ දත්ත සිය සාමාජිකයන්ගෙන් රැස්කරමින් සිටින බවත්, එම දත්ත අදාළ රජයේ අමාත්‍යාංශ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.
“ඉහළ වටිනාකමක් ඇති කෘෂි බෝග අපනයනයේ ප්‍රබල රටක් බවට පත්වීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය දේශගුණය, භූමිය සහ කෘෂිකා¾මික දැනුම ශ්‍රී ලංකාව සතු නමුත් ගොවියකු මාස නවයක් පුරා වගාවක් වෙනුවෙන් මහන්සි වී, ආදායම ලැබීමට පෙර රාත්‍රියේ සියල්ල අහිමි වන තත්ත්වයක් යටතේ එවැනි අනාගතයක් ගොඩනැගිය නොහැකියි. මෙය සුළු අපහසුතාවක් නොවෙයි. ව්‍යුහාත්මක විසඳුමක් අවශ්‍ය ව්‍යුහාත්මක ගැටලුවක්,” යැයි ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයකු පැවසීය.


