Mercedes-Benz සහ SUV Jeep රථවලට විශේෂ ලීසිං විසඳුම් ලබා දීම සඳහා HNB, DIMO සමඟ එක් වෙයි

Image 01 (2)

 




 

 

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය පොළී අනුපාත සහ ප‍්‍රතිලාභ සමඟින් විශේෂ ලීසිං පැකේජ ලබා දීමට Mercedes-Benz සහ Jeep රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් එකම සමාගම වන Diesel & Motor Engineering PLC (DIMO) සමඟ නැවතත් අත්වැල් බැඳ ගෙන ඇත.

මෙම සහයෝගීතාවය DIMO විසින් අලෙවි කරන සියලූම අළුත්/මුල් හිමිකාරීත්වය සහිත Mercedes-Benz මෝටර් රථ, වාහන මෙන්ම SUVs Jeep රථ සඳහා ද අදාල වෙයි. HNB සහ DIMO අතර පවතින මෙම දිගුකාලීන සහයෝගීතාවයේ ඇතුලත් නව කොන්දේසි සහිත ගිවිසුමට අත්සන් කිරීම HNB ටවර්හිදී HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා සහ DIMO සමූහයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී – සුඛෝපභෝගී වාහන සමූහ, රාජීව් පණ්ඩිතගේ යන මහත්වරුන් විසින් සිදු කරන ලදී.

‘‘HNB සහ DIMO අතර පවතින මෙම දිගුකාලීන සබඳතාවයට හොඳ ඉතිහාසයක් තිබෙන අතර එමගින් අපගේ ගනුදෙනුකාරභවතුන්ට ලෝකයේ හොඳම මෝටර් රථ වෙළෙඳපොලේ අඩුම මිල ගණන්වලට මිලදී ගැනීමට අප අවසථාව ලබා දී තිබෙනවා. HNB සහ DIMO ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය හා නම්‍යශීලී ලීසිං විසඳුම්, සහනදායී පොළී අනුපාත හා විශේෂ රක්ෂණ පැකේජ ලබා දීමෙන් මේ වසරේදී අප අපගේ ප‍්‍රතිලාභ පරාසය පුළුල් කර තිබෙනවා. එමෙන්ම මෝටර් රථවලට ප‍්‍රිය කරන අපගේ පාරිභෝගිකයින්ට ඔවුන් සිහින මැවූ වාහනය මිලදී ගැනීමේ හැකියාව අප ලබා දෙනවා.’’ යනුවෙන් HNB පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේය.

මීට අමතරව HNB විසින් DIMO ගනුදෙනුකරුවන්ට ප‍්‍රකාශයට පත් කර ඇති ලීසිං අනුපාතයට වඩා 0.25%කට වඩා අඩු මිලක් සමඟ ලීසිං වටිනාකමින් 50%ක අවශේෂ වටිනාකමක් ලබා දෙනු ඇත. ‘පොළිය පමණයි’ යන විකල්පය සහිත තමාගේ ආදායමට සරිලන පරිදි වාරිකය සකස්කර ගැනීමේ හැකියාව (Structured Leases) ඇති පාරිභෝගිකයින් සඳහා බැංකුව විසින් දැනට පවත්නා පොළී අනුපාතය ලබා දෙනු ඇත.

‘‘HNB සමඟ ඇති අපගේ දිගු කාලීන හවුල්කාරීත්වය තුළින් අපගේ ගනුදෙනුකාරභවතුන්ට පුළුල් පරාසයක ප‍්‍රතිලාභ ලබා දෙන බව සනාථ කර තිබෙනවා. වෙළෙඳපොලේ වඩාත් දැරිය හැකි හා වාසිදායක ලීසිං විසඳුම් ලබා ගැනීමට හැකි වීමට අමතරව HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් විශේෂ පැකේජ පවා ලබා ගැනීමට DIMO ගනුදෙනුකරුවන්ට හැකි වනවා. තවද අපගේ අලෙවියෙන් පසු විශිෂ්ට සේවාව සමඟ ගනුදෙනුකාරභවතුන්ට ඔවුන්ගේ සිහින වාහනය සඳහා අයෝජනය කිරීමට මේ තුළින් අසමසම අවස්ථාවක් තිබෙනවා.’’ යනුවෙන් DIMO සමූහයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී – සුඛෝපභෝගී වාහන, රාජීව් පණ්ඩිතගේ මහතා පැවසුවේය.

මෙම ප‍්‍රවර්ධනයේදී HNB ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 4.5ක නොමිලේ ජීවිත රක්ෂණාවරණයක් හිමිවන අතරම HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් වෙතින් වට්ටම් සහිත මාසික වාරික සහ HNB ලීසිං වෙතින් විශේෂ වට්ටම් හා ප‍්‍රතිලාභ සහිත නොමිලේ ණය පතක් ද ගනුදෙනුකරුවන්ට ලබා දෙයි.

පාරිභෝගික මධ්‍යස්ථාන 252ක් දීපව්‍යාප්තව පවත්වාගෙන යන HNB ඩිජිටල් බැංකුකරණයේ නව ආදර්ශයක් ඉදිරියට ගෙන යාමේ ප‍්‍රයත්නය උදෙසා දෙස් විදෙස් පිළිගැනීමක් ලබා ඇති ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත් තාක්ෂණික නවෝත්පාදන බැංකුවකි. මෑතකදී එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ද HNB ශ්‍රේණිගත කරන ලදී. Fitch Ratings (ලංකා) සමාගම විසින් බැංකුවට ජාතික දිගු කාලීන AA- (lka) ශ්‍රේණිගත කිරීමක් ලබා දී ඇත.

තවද 2020 ග්ලෝබල් ෆයිනෑන්ස් සම්මාන උළෙලේදී විශිෂ්ටතම වත්කම් භාරකාරත්ව (Best Sub-Custodian) බැංකුව ලෙස HNB සම්මානයට පාත‍්‍ර වූ අතර සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය, ක‍්‍රියාවලීන් සහ මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු කිරීම් ආදී නිර්ණායක සැලකිල්ලට ගනිමින් ඒෂියන් බෑන්කර් සම්මාන උළෙලේදී 2020 සඳහා ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 11වන වරටත් HNB සම්මානයට පාත‍්‍ර වීමට කැපී පෙනේ.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව