
ගාල්ල මහින්ද විද්යාලයේ ආදි ශිෂ්ය සහෝදරත්වය ශක්තිමත් කරමින්, තරුණ ආදි මහින්දීයයන් විද්යාලයේ අනාගත අභිවෘද්ධියට දායක කර ගැනීම අරමුණු කර ගනිමින් ‘UNI Night 26’ වැඩසටහන, මහින්ද සමාජය (Mahinda Club) විසින් පසුගියදා පිටකෝට්ටේ, සෝලියස් හෝටල් පරිශ්රයේදී උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබීය.
මහින්ද විද්යාලයේ ආදි විද්යාර්ථයින් සහ දිවයින පුරා විශ්වවිද්යාල හා උසස් අධ්යාපන ආයතනවල අධ්යාපනය ලබන ආදි මහින්දීයයන් එකම වේදිකාවකට එක් කරමින් පැවැත්වූ මෙම වැඩසටහන, පරම්පරා අතර සබඳතා ශක්තිමත් කිරීම, දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ තරුණ ආදි ශිෂ්ය ප්රජාව විද්යාලයේ ඉදිරි ගමනට සක්රීයව සම්බන්ධ කර ගැනීම සඳහා වූ ඉතා වැදගත් අවස්ථාවක් විය.
විද්යාලයේ කීර්තිමත් ආදි ශිෂ්යයින් වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය වෛද්ය ආනන්ද විජේවික්රම සහ ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න යන මහත්වරුන් මෙම අවස්ථාවට ප්රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ. මෙම වැඩසටහනට සමගාමීව, මහින්ද සමාජයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ප්රධාන අරධිතයින් සහ විද්යාලයේ විදුහල්පති ජනක පේදුරුහේවා මහතා හා මහින්ද සමාජයේ සභාපති කසුන් සුරිආරච්චි මහතාගේ ප්රධානත්වයෙන් සිදු කිරීම ද විශේෂත්වයක් විය. මෙම වෙබ් අඩවිය ඔස්සේ මහින්ද සමාජයේ කටයුතු සහ විද්යාලයේ අභිවෘද්ධිය උදෙසා ක්රියාත්මක වන වැඩසටහන් පිළිබඳ තොරතුරු වඩාත් පුළුල් ලෙස සන්නිවේදනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
ශ්රී ලංකාව පුරා විශ්වවිද්යාල හා උසස් අධ්යාපන ආයතනවල අධ්යාපනය ලබන ආදි මහින්දීයයන් විශාල පිරිසක් සහභාගී වූ ‘UNI Night 26’ වැඩසටහනේදී පුද්ගල සාර්ථකත්වය, අනාගත අරමුණු සහ ජීවිතයේ ඉදිරි ගමන පිළිබඳ අවධානය යොමු කරමින් අභිප්රේරණාත්මක දේශන මාලාවක් ද පැවැත්විණි. එමඟින් සහභාගී වූ තරුණ පිරිසට තම අනාගතය පිළිබඳ නව දැක්මක් ඇති කර ගැනීමටත්, විවිධ ක්ෂේත්රවල අත්දැකීම් සහිත ආදි මහින්දීයයන්ගෙන් වටිනා උපදෙස් ලබා ගැනීමටත් අවස්ථාව උදා විය.
වැඩසටහන අවසානයේදී විශ්වවිද්යාල සිසුන්ට සිය අදහස් ඉදිරිපත් කිරීමටත්, දේශකයන් සහ ජ්යෙෂ්ඨ ආදි විද්යාර්ථයින් සමඟ සෘජුව අදහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සලසා තිබිණි. මෙම අන්තර්ක්රියාකාරී සැසිය හරහා තරුණ ආදි මහින්දීයයන් අතර අන්යෝන්ය සබඳතා වර්ධනය කර ගැනීමටත්, අධ්යාපනික හා වෘත්තීය ක්ෂේත්රයන්හි ඉදිරි අවස්ථා පිළිබඳ දැනුම පුළුල් කර ගැනීමටත් හැකි විය.
විද්යාලයේ කීර්තිමත් ආදි ශිෂ්යයන් සහ විවිධ ක්ෂේත්ර නියෝජනය කරන ප්රවීණයෝ රැසක් මෙම අවස්ථාවට සෙසු ආරාධිතයන් ලෙස එක්ව සිටියහ. ඒ අතර අභියාචනාධිකරණ විනිසුරු ආදිත්ය පටබැඳි, සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ, මහාචාර්ය ශ්යාමන් රජීන්ද්රජිත්, මහාචාර්ය මාලිංග අමරසිංහ, මහාචාර්ය බිහේෂ් ඉන්දික සම්පත්, ජනාධිපති නීතිඥ පාලිත කුමාරසිංහ, ආචාර්ය චිත්රාල් අඹවත්ත, ආචාර්ය පියල් ආරියනන්ද, විශ්රාමික මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, විශ්රාමික මේජර් ජෙනරාල් ගාමිණී විද්යානන්ද, විශ්රාමික මේජර් ජෙනරාල් තිරුනවුක්කරසු, විශ්රාමික රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ, විශ්රාමික ගෘප් කපිතාන් චන්දන අමරසිංහ, නියෝජ්ය පොලිස්පති ශානි අබේසේකර, හිටපු ප්රවීණ ක්රිකට් ක්රීඩක උපුල් චන්දන සහ ප්රවීණ සිනමා අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු විද්වත්හු සහ වෘත්තිකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
වසර 30ක අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන මහින්ද සමාජය, මහින්ද විද්යාලයේ අනාගත අභිවෘද්ධිය උදෙසා වසරක් පාසා විවිධ සමාජ සත්කාරක සහ සංවර්ධන වැඩසටහන් රැසක් ක්රියාත්මක කරයි. ඒ අතර ත්යාග ප්රදානෝත්සව සඳහා අනුග්රහය ලබාදීම, නේවාසිකාගාරය ප්රතිසංස්කරණය, විද්යාලයේ බස් රථ ලබා දීම, වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් පැවැත්වීම, පුස්තකාලයට පොත් පරිත්යාග කිරීම, ශිෂ්යත්ව පිරිනැමීම, ක්රීඩා වෛද්ය කඳවුරු සංවිධානය කිරීම සහ විවිධ ක්රීඩා සංවර්ධන කටයුතු සඳහා මූල්යමය අනුග්රහය හා පරිත්යාග ලබාදීම ප්රමුඛ වේ.
එම අඛණ්ඩ මෙහෙවරේ නව පියවරක් ලෙස මෙවර ප්රථම වරට සංවිධානය කළ ‘UNI Night 26’ වැඩසටහන, මහින්ද විද්යාලයේ ආදි ශිෂ්ය ප්රජාව අතර සහයෝගීතාව තවදුරටත් තහවුරු කිරීමටත්, විශ්වවිද්යාල හා උසස් අධ්යාපන ක්ෂේත්රවල නිරත තරුණ ආදි මහින්දීයයන්ගේ ශක්තිය විද්යාලයේ අනාගත සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීමටත් වැදගත් වේදිකාවක් බවට පත්විය.
මහින්ද සමාජයේ 30 වසරක ගමන්මඟ තුළ ගොඩනැඟුණු සහෝදරත්වය, කැපවීම සහ සමාජ වගකීම නව පරපුර වෙත දායාද කරමින්, මහින්ද විද්යාලයේ උන්නතිය වෙනුවෙන් එකමුතුව ක්රියා කිරීමේ අරමුණ තවදුරටත් ඉදිරියට ගෙන යාමට මහින්ද සමාජය ඉදිරියටත් කැපවීමෙන් කටයුතු කරයි.


