
ශ්‍රී ලංකාවේ ටයිල් නිර්මාණ ක්ෂේත්‍රයේ දශක පහක ගමනක් සනිටුහන් කරන LANKATILES, සිය 61 වැනි ප්‍රදර්ශනාගාරය ගල්කිස්සේදී විවෘත කරමින් පාරිභෝගිකයන් වෙත තවත් සමීප වීමේ සිය ගමනේ නව පියවරක් තැබීය.
නාගරික ජීවන රටාව සහ දිගු කලක් පුරා ගොඩනැගුණු ගෘහ නිර්මාණ අනන්‍යතාව එකිනෙකට මුසු වූ ගල්කිස්ස, කොළඹ නගරයට ආසන්නව පිහිටි සුවිශේෂී ප්‍රදේශයකි. එවැනි පසුබිමක විවෘත කෙරුණු නව LANKATILES ප්‍රදර්ශනාගාරය, නිවසක හෝ වාණිජ අවකාශයක සෑම මතුපිටක්ම තමන්ටම අනන්‍ය වූ නිර්මාණ ප්‍රකාශනයක් බවට පත් කරගැනීමට අවශ්‍ය තෝරාගැනීම් එකම තැනකින් ලබාදෙන නවීන නිර්මාණ අවකාශයක් ලෙස සකස් කර ඇත.
අංක 280 A, ගාලු පාර, ගල්කිස්ස යන ස්ථානයේ පිහිටි මෙම නව ප්‍රදර්ශනාගාරය, නිවාස හිමියන්ට මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පීන්, වාස්තු විද්‍යාඥයන්, ගොඩනැගිලි සංවර්ධකයන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ටද LANKATILES හි විවිධ නිර්මාණ එකතුවක් සමීපව අත්විඳීමට අවස්ථාව සලසා දෙයි.
නව ප්‍රදර්ශනාගාරයේ විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ගෘහ නිර්මාණ ශිල්පී ජයනාත් සිල්වා මහතා සහභාගී වූ අතර, LANKATILES කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා, සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා, ඉදිකිරීම්, නිර්මාණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර නියෝජනය කරන සම්භාවනීය ආරාධිතයන් රැසක් ද ඊට එක්ව සිටියහ.
LANKATILES හි නවීන floor සහ walltiles එකතුවලට අමතරව, Premium Double Fired Wall Tiles, විශාල ආකෘතිවලින් නිර්මාණය කෙරෙන Majestica එකතුව, Mosaics by LANKATILES සහ Cool Rooftop Tile® ඇතුළු සුවිශේෂී නිෂ්පාදන රැසක් මෙම ප්‍රදර්ශනාගාරයේදී පාරිභෝගිකයන්ට දැකබලා ගැනීමට හැකිය. ගෘහස්ථ අවකාශවල සිට බාහිර හා වාණිජ අවකාශ දක්වා විවිධ අවශ්‍යතා සඳහා ගැළපෙන නිර්මාණ විසඳුම් තෝරාගැනීමටද අවස්ථාව සලසයි.
මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් LANKATILES කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා සඳහන් කළේ,
‘‘ගල්කිස්ස නගරය, නාගරික සහ සුඛෝපභෝගී ජීවන රටාවන් එකට මුසුවන සුවිශේෂී අනන්‍යතාවයක් පවතින ප්‍රදේශයක් වන බැවින්, එම අනන්‍යතාවට ගැලපෙන පරිදි අපගේ 61 වන ප්‍රදර්ශනාගාරය නිර්මාණය කර තිබේ. එමගින්, නිවාස හිමියන්ට, වාස්තු විද්‍යාඥයින්ට, නිර්මාණකරුවන්ට සහ අභ්‍යන්තර හා බාහිර ගෘහස්ථ අවකාශයන්ට නව පෙනුමක් එක් කළ හැකි නිමාවන් රැසක් පහසුවෙන් අත්විඳීමට අවස්ථාව සැලසී ඇත. මෙලෙස LANKATILES හි අඛණ්ඩ ව්‍යාප්තියත් සමගින්, පාරිභෝගිකයින්ගේ සිතැඟි පරිදි ගෘහස්ථ අවකාශයන් නිර්මාණය කර ගැනීම සඳහා නවීනතම සහ විශ්වාසනීය නිෂ්පාදනයන් සමීප කරවීම අපගේ ප්‍රධානතම අරමුණයි.”
මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවේදී ප්‍රධාන ආරාධිතයා වශයෙන් අදහස් දක්වමින් වාස්තු විද්‍යා නිර්මාණ ශිල්පී ජයනාත් සිල්වා මහතා පැවසුවේ මෙවැන්නකි. ‘‘ගල්කිස්ස ප්‍රදේශයේ වාස්තු නිර්මාණයන් තුළ වෙරළබඩ පරිසරය සහ ජීවන රටාව සමඟ පවතින සුවිශේෂී සම්බන්ධතාවය සෑම විටෙකම පිළිබිඹු කෙරෙනවා. මෙවැනි නවීනතම නිමාවන් එකතුවකින් සමන්විත ප්‍රදර්ශනාගාරයක් මෙහි විවෘත කිරීම ඔස්සේ නිවාස හිමියන්ට සහ ඉදිකිරීම් නිර්මාණ ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට නැවුම් මුහුණුවරකින් යුත් අලුත් නිර්මාණ ඉදිරිපත් කිරීමට මනා අවකාශයක් සැලසෙනවා. නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය සහ විවිධාංගීකරණය වූ අවශ්‍යතාවන්ට ගැලපෙන නිෂ්පාදනයක් රැසක් සමගින් විවෘත වූ මෙම LANKATILES ප්‍රදර්ශනාගාරය ගල්කිස්ස ප්‍රදේශයට වැඩි වටිනාකමක් එකතු කරනු ලබනවා’’
ගල්කිස්ස ප්‍රදේශයේ සිය 61 වන ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමත් සමග LANKATILES ආයතනය, දිවයින පුරා පවතින ශක්තිමත් සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින් ගුණාත්මකභාවය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා දක්වන සිය කැපවීම පෙන්නුම් කරයි. පාරිභෝගිකයින්ට තම සිතැඟි පරිදි ගෘහ නිර්මාණයන් සැලසුම් කර ගැනීමට මහඟු සේවාවක් සපයමින්, දශක පහක් පුරාවට LANKATILES ගොඩනගා ගෙන ආ ගමන්මග තුළ මෙම නවතම ප්‍රදර්ශනාගාරය, තවත් එක් වැදගත් පරිච්ඡේදයක් සනිටුහන් කරනු නිසැකය.


