
ඉකුත් වසර තුළ ශ්‍රී ලංකාවේ දේශීය සයිබර් අපරාධ සිදුවීම් මිලියන 14කට වැඩි ප්‍රමාණයක් (14,960,244) සිදුවී ඇති බව පසුගියදා නිකුත් වූ නවතම Kaspersky ආරක්ෂණ වාර්තාව මගින් අනාවරණය වී තිබේ. මෙහි විශේෂම ලක්ෂණයක්වන්නේ, මෙම සයිබර් අපරාධ අතුරින් බහුතරයක් පෙන් ඩ්‍රයිව්, සීඩී, ඩීවීඩී ආදී ක්‍රම මගින් සිදුවී තිබීම ය. තව ද එම වාර්තාවට අනුව ගෝලීය සයිබර් අපරාධ දර්ශකයේ 48වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබීම ද කැපීපෙනෙන තත්ත්වයකි.
මෙසේ දත්ත හුවමාරු කරගන්නා පෙන් ඩ්‍රයිව්, සීඩී සහ ඩීවීඩී තැටි ආදිය බහුලව භාවිත කරන පරිසර ආශ්‍රිතව මෙසේ සයිබර් අපරාධ වර්ධනය වීම බරපතල අභියෝගයක් මතුකරන බව ද මෙම වාර්තාව වැඩිදුරටත් පෙන්වාදෙයි.
″ශ්‍රී ලංකාවේ පරිගණක පරිශීලකයින්ට මෙසේ දේශීය සයිබර් අපරාධවල දැවැන්ත අවදානමක් මතුව තිබෙනවා. අන්තර්ජාලය පාදක කරගත් සයිබර් අපරාධවලට අමතරව අන්තර්ජාලමය නොවන ක්‍රම හරහා සිදුවන සයිබර් අපරාධ මගින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ආයතන සහ සංවිධාන විශාල අවදානමකට මුහුණ පා සිටිනවා. විශේෂයෙන්ම රැකියා ස්ථාන සහ අධ්‍යාපන ආයතන ආශ්‍රිතව දත්ත හුවමාරුවීම බහුලව සිදුවන නිසා එම ආයතන මෙම අවදානමට විශාල වශයෙන් මුහුණපා සිටිනවා″, යනුවෙන් Kaspersky හි නැගීඑන ආසියානු වෙළෙඳපොළ අලෙවි ප්‍රධානී සෑම් යන් මහතා පැවසුවේය.
තවත් විශේෂිත කාරණයක් වන්නේ අන්තර්ජාල සයිබර් අපරාධ සඳහා අන්තර්ජාල සබඳතා පැවතිය යුතු වුව ද, මෙවැනි දේශීය සයිබර් අපරාධ සඳහා එවැනි අවශ්‍යතාවක් නොපැවතීම ය. එනම් පෙන් ඩ්‍රයිව් භාවිතයේදී සිදුවන දත්ත හුවමාරුවකදී වුව ද පරිගණක වෛරස හුවමාරුවීමක් සිදුවීමේ ඉඩ පවතී.
මෙවැනි සයිබර් අපරාධවලින් වැළැකී සිටීමට සාම්ප්‍රදායික පරිගණක ප්‍රතිවෛරසවලට එහා ගිය සූක්ෂම ආරක්ෂිත පද්ධතියක් පැවතීම අත්‍යවශ්‍ය වේ. Integrated firewalls, anti-rootkit technologies ආදී තාක්ෂණික ක්‍රමවේද මෙන්ම දත්ත හුවමාරු උපාංග ආශ්‍රිත දැඩි නියාමනයක් පවත්වාගැනීමට එවැනි ආරක්ෂිත පද්ධතියකට හැකිවිය යුතු ය.
ගෝලීය වශයෙන් ද සයිබර් අපරාධවල විශාල වර්ධන අවකාශයක් නිරීක්ෂණය කිරීමට Kaspersky සමත්ව තිබේ. 2025 වසර තුළ දෛනිකව සයිබර් අපරාධ සිදුවීම් ලක්ෂ 5ක් අනාවරණය කරගැනීමට හැකිව ඇති එය 2024 වසරට සාපේක්ෂව 7%ක වැඩිවීමකි. තව ද පරිගණක මුරපද මංකොල්ලකෑමේ සිදුවීම් 59%කින් ද, පරිගණක වෛරස සිදුවීම් 51%කින් ද ආදී වශයෙන් ඉහළ ගොස් තිබේ. එහිදී ආසියානු පැසිෆික් කලාපයේ මුරපද කොල්ලකෑමේ සිදුවීම් 132%කින් ද, පරිගණක වෛරස සිදුවීම් 32%කින් ද වැඩිවී තිබේ.
″ශ්‍රී ලංකාව තුළ සයිබර් අපරාධවල දක්නට ලැබෙන මෙම ප්‍රවණතා හේතුවෙන් ආයතන සහ සංවිධාන වඩාත් සැලසුම් සහගත සයිබර් ආරක්ෂණ ක්‍රමවේද කරා යොමුවීම වැදගත්. විශේෂයෙන්ම දත්ත හුවමාරු උපාංග ආශ්‍රිත දැඩි නියාමනයක් සහිත ආරක්ෂණ සැලසුම් කරා ගමන්කළ යුතුයි″, යන් මහතා වැඩිදුරටත් පැවසුවේය.
මීට අමතරව අනුගමනය කළ හැකි ආරක්ෂිත ක්‍රමවේද කිහිපයක් ද Kaspersky යෝජනා කරසිටියි. එනම්, තමන්ට අයත් නොවන පෙන් ඩ්‍රයිව් වැනි දත්ත හුවමාරු උපාංග පරිගණකයට සම්බන්ධ කිරීමෙන් වැළකී සිටීම, සියලුම ආරක්ෂණ මෘදුකාංග යාවත්කාලීන කරතිබීම සහ Kaspersky Premium වැනි උපරිම ආරක්ෂාවක් සලසන සයිබර් ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීම ආදිය ඒ අතර වේ.
″ශ්‍රී ලංකාව සිය ඩිජිටල් ගමන්මඟ ව්‍යාප්ත කරමින් සිටින මේ මොහොතේ සයිබර් අපරාධවල වැඩිවීමක් ද දැකගැනීමට හැකිවීම සාමාන්‍ය දෙයක්. එම යථාර්ථයට මුහුණ දීම සඳහා Kaspersky විසඳුම් රැසක් සපයා දී තිබෙනවා″, යනුවෙන් යන් මහතා ප්‍රකාශ කළේය.
සම්පූර්ණ Kaspersky ආරක්ෂණ වාර්තාව පරිශීලනය කිරීමට Securelist.com වෙත පිවිසෙන්න.


