
ලොව ප්‍රථම වතාවට වන හානියෙන් තොර බවට වූ ප්‍රමිති සහතිකය සහ ලොව පළමු වරට වන හානියෙන් තොර බවට සමාගම් සමූහයක් සඳහා ප්‍රමිති සහතිකයක් පිරිනැමීමට Control Union Sri Lanka ආයතනය සමත්විය. සමාගම් සමූහයක් වෙනුවෙන් වූ වන හානියෙන් තොරබවට වූ ප්‍රමිති සහතිකය හිමිකරගනු ලැබූයේ Samson Rubber Industries පුද්ගලික සමාගම විසිනි.
මෙහි විශේෂත්වය වන්නේ ජාත්‍යන්තර Control Union ආයතනය විසින් හඳුන්වාදෙන ලද වන හානියෙන් තොර බවට වූ ප්‍රමිති සහතික (DFS) ක්‍රියාරාමුව භාවිතයට ගත් පළමු රට ශ්‍රී ලංකාව බවට පත්වීම ය. මෙම ක්‍රියා රාමුවේ අරමුණ වන්නේ නිෂ්පාදන සමාගම් සහ සැපයුම් දාම මෙහෙයුම් සමාගම්වලට නවතම යුරෝපීය වන හානියෙන් තොර බවට වූ නියාමන සුදුසුකම් සපුරාලීමට සහාය වීමයි.
ලොව සෑම කලාපයකටම අයත් Control Union කණ්ඩායම් අතර වසරක් පුරා පැවති සහයෝගීතාවයකින් පසුව DFS ප්‍රමිති ක්‍රියාරාමුව සංවර්ධනය කරන ලද අතර එය 2025 මැද භාගයේදී එය හඳුන්වාදෙන ලදී. මෙම ප්‍රමිතිය යටතේ පළමු සහතිකය හපුගස්තැන්න වැවිලි සමාගමට නිකුත් කරන ලද අතර එය බ්‍රවුන්ස් වැවිලි සමාගම විසින් කළමනාකරණය කරනු ලබන රබර් වතු එකොළහක නීතිමය අවශ්‍යතා, සෞඛ්‍ය සහ ආරක්ෂාව, සේවක අයිතිවාසිකම් සහ වන විනාශයෙන් තොර සහ ඉඩම් භාවිත සත්‍යාපනය හරහා පූර්ණ අනුකූලතාව පිළිබඳ ප්‍රමිතියක් සපයයි.
Samson Rubber Industries පුද්ගලික සමාගම වෙත පිරිනමන ලද සමාගම් සමූහයක් සඳහා වූ ප්‍රමිති සහතිකය මගින් සමූහය යටතේ නිෂ්පාදන ක්‍රියාවලියට දායකවන කුඩා පරිමාණ රබර් ගොවියන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියට ද සහතිකයක් ලබාදීමට හැකිව තිබේ. එනම් පරිපාලන සහ මූල්‍ය වියදම් අවම කරගන්නා අතරතුර නිසි නියාමන ප්‍රමිතීන් අනුගමනය කිරීමට කුඩා පරිමාණ වගාකරුවන් ද හවුල්කරගැනීමට මේ හරහා අවකාශ උදාවී තිබේ.
″මෙය හපුගස්තැන්න වැවිලි සමාගම හෝ Samson Rubber සමාගමට හෝ පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රයටම වැදගත් සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීම නිවැරදියි. තිරසරභාවය සහ සැපයුම්දාම ඒකාග්‍රතාව පිළිබඳ ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කිරීමට ශ්‍රී ලාංකික නිෂ්පාදකයින් සතු සූදානම ඉන් මනාව පිළිබිඹු වෙනවා″, යනුවෙන් Control Union Sri Lanka ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් රණවක මහතා පැවසුවේය.
මෙහි තවත් විශේෂත්වයක් වන්නේ 2026 දෙසැම්බර් 30ට පසු ක්ෂුද්‍ර සහ කුඩා පරිමාණ සැපයුම්කරුවන් යුරෝපීය වෙළෙඳපොළට රබර්, කොකෝවා, කෝපි, පාම් තෙල්, සෝයා, දැව සහ ගවයින් සැපයීමේදී ඔවුන් සතුව වන හානියෙන් තොර බවට වූ යුරෝපා ප්‍රමිතිය පැවතීම අනිවාර්ය සාධකයක් වීම ය.
Control Union හි DFS රාමුව මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් සපයමින්, අදාළ අංශ සියල්ල එකම ප්‍රමිතියක් යටතේ ආවරණය වන පරිදි පැහැදිලි, ස්වාධීනව විගණනය කරන ලද අනුකූලතා මාර්ගයක් සපයයි. මෙම සහතිකකරණ ක්‍රියාවලියේදී ගොවිපොළ ක්‍රියාකාරකම් දක්වා කටයුතු අධීක්ෂණයට ලක්වන අතර, අදාළ භූගෝලීය දත්ත, අවදානම් තක්සේරුව සහ සම්පූර්ණ සැපයුම් දාම විනිවිදභාවය ද එහිදී සළකා බැලේ.
Control Union දැනට ලොව පුරා සිටින සේවාදායකයින්ට යුරෝපීය ප්‍රමිතියට-අනුකූල සැපයුම් දාම ගොඩනඟාගැනීමට සහායවන අතර මෙම වසර අවසානය වනවිට DFS සහතික සඳහා ඇති ඉල්ලුම සැලකිය යුතු ලෙස වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඊට අදාළ ලේඛන සැකසීම, විගණනය සහ පද්ධති සත්‍යාපනය සඳහා යම් කාලයක් අවශ්‍ය බැවින්, හැකි ඉක්මණින් එම ක්‍රියාවලිය ඇරඹීමට ද නිෂ්පාදකයින් සහ ගැනුම්කරුවන් දිරිමත් කෙරේ.


