John Keells Properties හී ජා-ඇළ ‘විමන්’ නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවාසය නැරඹීමට, Union බැංකුවේ ගනුදෙනුකාරභවතුන්ට අගනා අවස්ථාවක්

DSC04977 (LBN)

John Keells Properties සමාගම තම ජා-ඇළ පිහිටි විමන් නිවාස ව්‍යාපෘතිය සඳහා පහසුදායි නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීමට Union බැංකුව සමග සහයෝගීතවයකට එළඹ ඇත. මෙම සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, Union බැංකුවේ ගනුදෙනුකාර භවතුන් සඳහා විශේෂ උත්සවයක් කොළඹ 02, වොක්ෂෝල් වීදියේ පිහිටි, John Keells Properties හි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පසුගිය මාර්තු මස 06 වැනි වැනි දින පැවැත්විණි. එහිදී එම පරිශ්‍රයේ ඉදිකර ඇති ජා-ඇළ ‘විමන්’ මහල් නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවාසය නැරඹීමට මෙන්ම විමන් හි නිවාසයක් හිමි කරගැනීමේ අත්දැකීම පිළිබඳව එහි පළපුරුදු අලෙවි අංශය සමග සාකච්ඡා කිරීමට ද පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබිණි. John Keells Properties, Union බැංකුවේ සහයෝගීතාවය මත පිරිනමනු ලබන නවතම ණය යෝජනා පැකේජ හරහා අනාගත නිවාස හිමියන්ට තමන්ට ගැලපෙන අවශ්‍යතාවයන් ඉටු කරගැනීමට අවස්ථාව එළඹෙනු ඇත. ජා-ඇළ නගර මධ්‍යයේ අක්කර 6ක භූමි ප්‍රමාණයක විහිදෙන විමන් ව්‍යාපෘතිය නිවාස 418කින් සමන්විත වන අතර කුඩා නගරයක ජීවත්වීමේ ප්‍රබෝධය රඳවා ගනිමින්, කොළඹ නගරයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සුරක්ෂිත හා පදිංචිකරුවන් සඳහා හිතකාමී පරිසරයක් සලසා දී ඇත.

 



 

පාරිභෝගිකභවතුන් සමග සුහදව කතාබහ කරමින් මෙම අවස්ථාවට එක්වූ John Keells Properties හි විකුණුම් හා අලෙවි ප්‍රධානී සහ John Keells Group හි උප සභාපති නදීම් ශම්ස් මහතා මෙසේ පැවසීය. “ Union බැංකුව සමග සහයෝගීතවයකට එළඹෙමින් අප පාරිභෝගිකභවතුන් වෙනුවෙන් ආකර්ෂණීය වූ නිවාස ණය මූල්‍ය පහසුකම් ලබාදීමට හැකිවීම පිළිබඳව අප ඉතාමත් සතුටු වෙනවා. හරිත උයනක් කේන්ද්‍ර කරගනිමින් පිහිටි “විමන්” නිවාස ව්‍යාපෘතිය තුළ පිහිනුම් තටාකයක්, ව්‍යායාම් ශාලාවක්, භාවනා කළ හැකි ස්ථාන, ක්‍රීඩා අවකාශයක්, සමාජ ශාලාවක්, ළමා ක්‍රීඩා පිටියක්, බයිසිකල් පැදීම සහ ඇවිදීම සඳහා ඉඩ පහසුකම්, බහුකාර්ය එළිමහන් ක්‍රීඩාංගනයක් සමග මීට අමතරව විදුලි වාහන ආරෝපණය කිරීමේ පහසුකමද සලසා දී ඇත. මෙම සුවිශේෂී අංගයන් තම පදිංචිකරුවන්ට සාමකාමී පරිසරයක් ලබා දෙමින්, පවුල්වලට සමෘද්ධිමත් වීමට හා ඔවුන්ට හිතකාමී අවකාශයක් නිර්මාණය කර දෙයි. විශේෂයෙන්ම බලශක්ති කාර්යක්ෂමතාවය සහිතව ක්‍රියාත්මකවන සූර්ය බලශක්තියෙන් බල ගැන්වූ නිවාස, හරිත අවකාශයක් සමගින් ප්‍රශස්ත ප්‍රජාවක් බිහිකිරීමේ හැගීම, නවීන සුව පහසුව හා තිරසර ජීවන රටාවක් නිර්මාණය කිරීමේ John Keells Properties සමගම සතු කැපවීම හා අධිෂ්ඨානය එම අරමුණු තුළින් මැනෙවින් විදහා දක්වයි.’’

Union බැංකුවෙහි ජ්‍යෙෂ්ඨ උප සභාපති චායා ජයවර්ධන මේ සම්බන්ධව අදහස් දක්වමින් මෙසේ පැවසුවාය. “John Keells Properties සමග ඔවුන්ගේ නවතම ව්‍යාපෘතිය වන ජා-ඇළ පිහිටි විමන් සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම පිළිබඳව අප ඉතාමත් සතුටට පත්වෙනවා. ගැනුම්කරුවන්ට,  ආයෝජකයින්ට සහය වීමට Union බැංකුවේ අපි නිරතුරුවම කැපවී සිටිමු.  John Keells Properties එක්ව අපගේ ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතා වලට ගැලපෙන පරිදි නම්‍යශීලී මූල්‍ය සේවාවන් ලබා දීමට අපට හැකියාව ඇත.  එමෙන්ම අපගේ ගනුදෙනුකාරභවතුන් සඳහා මෙවැනි විශේෂ උත්සවයක් පවත්වමින් ‘විමන්’ මහල් නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවාසය නැරඹීමට අවස්ථාව සලසා දීම මහඟු අවස්ථාවක්.”

“විමන්” හි නිවාස පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමට John Keells Properties හි ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ඇති ‘විමන්’ මහල් නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ නිවාසය වෙත පැමිණ නැරඹීමට අවස්ථාව ඇති අතර ඔවුන්ට අවශ්‍ය සියලූම තොරතුරු එහිදී ලබාගත හැකිය. ජා-ඇළ විමන් නිවාස ව්‍යාපෘතිය පිළිබඳව සහ ඒ සඳහා පිරිනමනු ලබන නිවාස ණය යෝජනා පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීමට 0706 062 062 අංකය හරහා  හෝ John Keells Properties හි www.viman.lk දරණ වෙබ් අඩවියට පිවිසෙන්න.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව