මෙරට පරිසරයට එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට එරෙහිව සටන් කිරීමට SPM Eco Solutions, Coca-Cola Sri Lanka සමඟ එක් වෙයි

SPM Eco Image 04 (LBN)

තිරසාර පරිසරයක් දැයට දායාද කිරීම වෙනුවෙන් නිතරන්තරයෙන් වෙහෙසෙන සමාජ සේවා ව්‍යාපාරයක් වන SPM Eco Solutions ශ්‍රී ලංකාවේ පරිසරයට එකතු වන ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට එරෙහිව නැගී සීටීම වෙුනවෙන් Coca-Cola Sri Lanka සමඟ එක් වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පිරිසිදු නගරයක් – නිල්වන්  සයුරක්  වැඩසටහන සමඟ එක්ව The Island Climate Initiative විසින් සංවිධානය කරන ලද 2023 ප්ලාස්ටික් නවෝත්පාදන අභියෝගයේ ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වූ මෙම සහයෝගීතාව හඳුන්වා දිය හැකිය. ප්ලාස්ටික්වලින් තොර තිරසාර පරිසරයක් වෙනුවෙන් ජාතික නව්‍යකරණ ආයතනය, ජෝන් කීල්ස් X සහ වෙනසක් උදෙසා වූ MAS පදනම ද වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි.

 



 

මෙම හවුල්කාරීත්වයේ අරමුණ වන්නේ පරිසරයට එකතුවන ප්ලාස්ටික්වලට එරෙහිව සටන් කරන අතරම ආර්ථික වර්ධනය ඉහළ නංවන closed-loop පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා දේශීය ව්‍යාපාර, අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාල හා නිෂ්පාදකයින් සමඟ වන සහයෝගීතාව වර්ධනය කිරීමයි.

ඒ යටතේ මෙහිදී Coca-Cola Sri Lanka විසින් SPM Eco Solutions වෙත ඉතා වැදගත් අරමුදල් සැපයීමට කටයුතු කර ඇත්තේ තිරසාර විසඳුම් ප්‍රවර්ධනය තුලින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍යවලට එරෙහිව කටයුතු කිරීමේ අභියෝගය භාර ගනිමිනි. මෙම අරමුදල් තුළින් පරිසරයට එකතුවන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරමින් අගය එකතු කළ නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා භාවිත කරන අච්චු නිර්මාණය සහ නිෂ්පාදනය කිරීමට අරමුණු කොට ගෙන ඇත. මීට අමතරව මඩකලපුවේ පැවති ඔවුන්ගේ ව්‍යාපෘතීන්ට සහයෝගය දක්වමින් ඒ ආකාරයේ වැඩසටහන් සඳහා යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීමට මෙම අරමුදල් තුළින් SPM වෙත හැකියාව උදා වේ.

shredders සහ extruders වැනි යන්ත්‍රයන්ගෙන් සහ අවශ්‍ය යටිතල පහසකම්වලින් සමන්විත මෙම මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීම වෙනුවෙන් Coca-Cola හි සහයෝගය හිමි වන අතර ඒ තුළින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වටිනා නිෂ්පාදන බවට පත් කිරීම සඳහා වන ක්‍රියාවලිය තව දුරටත් ශක්තිමත් කරනු ඇත. තවද මෙම ක්‍රියාවලීන් හරහා මෙම සහයෝගීතා වැඩසටහන අපද්‍රව්‍ය හා පරිසරික හානිය අවම කිරීම අරමුණු කරගත් චක්‍රීය ආර්ථික මොඩලයක් ස්ථාපිත කිරීමටද දැයක වනු ඇත.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Coca-Cola Sri Lanka හි ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කළමනාකර අධ්‍යක්ෂ පන්කජ් සහා මහතා සඳහන් කර සිටියේ “ප්ලාස්ටික් නව්‍යකරණ අභියෝගයේ සිය විශිෂ්ටත්වය පෙන්නුම් කළ SPM Eco Solutions සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. පාරිසරික තිරසාරත්වය වෙනුවෙන් Coca-Cola හි කැපවීම සමඟ මනාව ගැලපෙන මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාව තුළ චක්‍රීය ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ දැක්ම හා ඉලක්කයන් සමඟ එක්වන සංවිධානයන් හා ආයතන වෙත සහයෝගය ලබා දීම සඳහා අප දිරිගන්වනු ලබනවා. පරිසරය වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ඇති කිරීමට මෙන්ම වඩාත් තිරසර අනාගතයකකට දායක වීම වෙනුවෙන් SPM Eco Solutions සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වනවා.” යනුවෙනි.

ප්ලාස්ටික් දූෂණයට එරෙහිව නැගී සිටීම වෙනුවෙන් සිය ඒකාබද්ධ කැපවීම අවධාරණය කරන SPM Eco Solutions ආයතනය ඒ වෙනුවෙන් අනුග්‍රහය ලබා දීම පිළිබඳව Coca-Cola Sri Lanka ආයතනයට සිය ස්තුතිය පුද කර සිටියි. එසේම ඒ සඳහා  මඟ පෙන්වන අරවින්ද මහතාටද ස්තුතිය පුද කර සිටින ඔවුන් ICI, USAID හි CCBO වැඩසටහන, NIA, JKX සහ වෙනසක් උදෙසා MAS පදනම යනාදී හවුල්කරුවන්ගේ සහයෝගී උත්සාහයන් සමඟින් ශ්‍රී ලංකාව තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දූෂණ ගැටළුවට පිළිතුරු සෙවීමට කැපවන SPM ඒ වෙනුවෙන් ඔවුන්ගේ අත්‍යවශ්‍ය කාර්යභාරයද මේ තුළින් ඉස්මතු කිරීමට සමත්ව සිටියි.

මෙම ආයතන දෙකටම තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය හා ධනාත්මක පාරිසරික බලපෑමක් ඇත කිරීම සම්බන්ධයෙන් පොදු අරමුණක් ඇති බැවින් මෙම හවුල්කාරීත්වය ශ්‍රී ලංකාවේ පවතින පාරිසරික අභියෝගයන්ට මුහුණ දීම සඳහා කැපී පෙනෙන ඉදිරි ගමනක් සනිටුහන් කරනු ඇත. Coca-Cola Sri Lanka සහ SPM Eco Solutions එක්ව පිරිසිදු හා හරිතවත් ශ්‍රී ලංකාවක් දැයට දායාද කරමින් අර්ථවත් වෙනසක් ඇති කිරීමට මෙම සහයෝගීතාවය හේතුවනු ඇත.

 


 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව