JEWELS 2026 සඳහා එක්වන ලෙස මෙරට මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරික GASL ආරාධනා කරයි

Image GASL (LBN)

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට ජාත්‍යන්තර වෙළඳපොළ ජයගැනීමට නව මාවතක් විවර කරමින්, ‘JEWELS 2026’ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සහ තරගාවලිය 2026 දෙසැම්බර් 4, 5 සහ 6 යන දිනවල කොළඹ නෙළුම් කුලුනේදී පැවැත්වීමට නියමිතය.

‘From Sri Lanka to the World’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා මැණික් විශේෂඥයින්ගේ සංගමය (Gemmologists Association of Sri Lanka – GASL) විසින් සංවිධානය කරනු ලබන ‘JEWELS 2026’ ප්‍රදර්ශනය හරහා මැණික් වෙළෙඳුන්, ස්වර්ණාභරණ ව්‍යාපාරිකයින්, නිර්මාණකරුවන්, නිෂ්පාදකයින්, මැණික් විශේෂඥයින්, අධ්‍යාපනඥයින් සහ නැගී එන ව්‍යාපාරිකයින් එකම වේදිකාවකට එක්වීමට නියමිතය.




2002 වසරේ ඛනිජ ප්‍රදර්ශනයක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන, 2008 වසරේදී JEWELS ලෙස නැවත හඳුන්වා දෙන ලදී. එතැන් සිට එය වෙළෙඳාම සහ අධ්‍යාපනය සමඟ ශිල්පීය විශිෂ්ටත්වය, තරගකාරීත්වය සහ ක්ෂේත්‍ර සංවර්ධනය ප්‍රවර්ධනය කරන සුවිශේෂී වැඩසටහනක් ලෙස වර්ධනය වී තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මැණික් විශේෂඥයින්ගේ සංගමයේ සභාපතිනි චතුරංගනි අර්ථනායක මහත්මිය මෙසේ සඳහන් කළාය. “ශ්‍රී ලංකාව ලොව පිළිගත් සුවිශේෂී මැණික් හා ස්වර්ණාභරණ උරුමයකට හිමිකම් කියනවා. JEWELS 2026 හරහා එම වටිනා උරුමය, වර්තමාන ක්ෂේත්‍රයේ දක්ෂතා සහ නවෝත්පාදනය සමඟ එක් කරමින් ලොවට ඉදිරිපත් කිරීමට අපට අවස්ථාව සැලසෙනවා.”

මේ අතර, GASL හි තේරී පත් වූ සභාපති සහ JEWELS 2026 හි සභාපති ෂෙහාන් දවුලගල මහතා සඳහන් කළේ, “JEWELS 2026 හරහා ව්‍යාපාරවලට තම හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට, නව වෙළෙඳපොළ සමඟ සම්බන්ධ වීමට සහ ක්ෂේත්‍රය තුළ අර්ථවත් ව්‍යාපාරික සබඳතා ගොඩනඟා ගැනීමට අවස්ථාව හිමි වෙනවා.” යනුවෙනි.

දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයින් සමඟ සබඳතා ගොඩනඟා ගැනීමටත්, සිය නිෂ්පාදන හා හැකියාවන් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ඉදිරිපත් කිරීමටත් JEWELS 2026 ව්‍යාපාරිකයින්ට අවස්ථාව සලසා දෙයි. මෙම අවස්ථාවට එක්වීම සඳහා ප්‍රදර්ශන කුටි කල්තියා වෙන් කර ගන්නා ලෙස GASL ක්ෂේත්‍රයේ සියලු ව්‍යාපාරිකයින්ට ආරාධනා කරයි.

ප්‍රදර්ශන කුටි ලියාපදිංචි කිරීමට සහ වැඩි විස්තර දැන ගැනීමට: www.jewelssrilanka.lk | WhatsApp: 076 699 3022



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව