Global Laurel Excellence Awardsහිදී Ishara Homes සම්මානයට පාත්‍ර වෙයි

IMAGE - 2

ශ්‍රී ලංකාවේ නේවාසික නිවාස සැළැසුම් හා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ දැක්වූ විශිෂ්ටත්වය අගයමින් Ishara Homes Pvt Ltd Global Laurel Excellence 2026 සම්මාන උළෙලේදී Sri Lanka’s Best House Design and Construction Company 2026 සම්මානයෙන් පිදුම් ලැබීය. වාස්තු විද්‍යාත්මක සැළැසුම්, ඉංජිනේරු විශේෂඥතාව සහ ඉදි කිරීම් හැකියාව ඒකාබද්ධ කරමින් පාරිභෝගික අවශ්‍යතාවලට ගැළැපෙන පුද්ගලානුබද්ධ කළ නිවාස විසඳුම් සැපැයීම වෙනුවෙන් Ishara Homes සිදු කර ඇති මෙහෙවර මෙම සම්මානය මගින් ඇගැයීමට ලක් කරයි. Ishara Homes Pvt Ltd නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු කසුන් ගයාෂාන්ගේ නායකත්වයෙන් සමාගම වාස්තු විද්‍යාත්මක සැළැසුම්, ව්‍යුහාත්මක ඉංජිනේරු සේවා, අභ්‍යන්තර සැළැසුම් සහ ඉදි කිරීම් ඇතුළු පුළුල් පරාසයක නේවාසික සංවර්ධන සේවා සපයයි. මූලික සංකල්ප නිර්මාණයේ සිට සැළැසුම්, ඉදි කිරීම් සහ ව්‍යාපෘති නිමාව දක්වා සියලු අදියර එකම ඒකාබද්ධ ක්‍රියාවලියක් යටතේ කළමනාකරණය කිරීම සමාගමේ විශේෂත්වයකි.




2025 සහ 2026 වසරවලදී Ishara Homes වෙත හිමි වූ සම්මාන සහ ඇගැයීම් මාලාවට මෙම නවතම සම්මානයද එක් වන අතර ශ්‍රී ලංකාවේ නේවාසික සැළැසුම් හා ඉදි කිරීම් ක්ෂේත්‍රය තුළ සමාගම ගොඩ නඟා ගෙන ඇති වර්ධනය වන ස්ථාවරත්වය එමඟින් පිළිබිඹු වේ. සුඛෝපභෝගී නිවාස සැළැසුම් හා ඉදි කිරීම් ක්ෂේත්‍රයේ වසර 14කට අධික පළපුරුද්දක් ඇති Ishara Homes ශ්‍රී ලංකාව පුරා නේවාසික ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත. නවීන, Modern Tropical සහ සුඛෝපභෝගී නිවාස ඇතුළු විවිධ වාස්තු විද්‍යාත්මක සංකල්ප එහි ව්‍යාපෘති කළඹට ඇතුළත් වේ. වාස්තු විද්‍යාඥයන්ගෙන්, ව්‍යුහාත්මක ඉංජිනේරුවන්ගෙන්, අභ්‍යන්තර සැළැසුම්කරුවන්ගෙන් සහ සිවිල් ඉංජිනේරුවන්ගෙන් සමන්විත බහු විෂය ක්ෂේත්‍ර විශේෂඥ කණ්ඩායමක් සමාගමේ කටයුතු සඳහා සහාය වෙයි. විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ තම නිවස සැළැසුම් කර ඉදි කිරීමට වෘත්තීයමය හා විශ්වාසනීය සේවා සැපැයීමද Ishara Homes සමාගමේ ප්‍රධාන සේවා අතර වේ. මෙම නවතම සම්මානයත් සමඟ Ishara Homesහි වෙළෙඳ නාම ප්‍රතිරූපය තව දුරටත් ශක්තිමත් වන අතර පාරිභෝගික අවශ්‍යතාවලට අනුව නිර්මාණය කළ නේවාසික සැළැසුම් සහ ඉදි කිරීම් විසඳුම් සපයමින් සිය ව්‍යාපෘති කළඹ තව දුරටත් පුළුල් කිරීමට සමාගම අපේක්ෂා කරයි. වැඩි දුර තොරතුරු www.isharahomes.com වෙබ් අඩවියෙන් ගත හැකිය.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව