IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

IRCSl_IASL Roadmap - 1 (LBN)

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව (IRCSL) සහ ශ්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) එක්ව ශ්‍රී ලංකාවේ රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වන ලදී. කොළඹ කිංග්ස්බරි හෝටලයේ බැල්මොරල් හිදී පැවති මෙම එළිදැක්වීමේ අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂාව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගරු ආනන්ද විජේපාල මහතාද එක් විය.

මෙහිදී ඉදිරිපත් කරනු ලැබූ යෝජනා හා අදහස් මෙරට රක්ෂණ කර්මාන්තයේ අනාගත දියුණු උදෙසා උපාය මාර්ගික සැලසුමක් ලෙස ක්‍රියාත්මක වනු ඇත. රක්ෂණ ක්ෂේත්‍රයේ ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය, සමානාත්මතාව හා දිගුකාලීන ජාතික දායකත්වය ඉහළ නැංවීම කෙරෙහි මෙම සැලසුම්වල ප්‍රමුඛ අවධානය යොමුව ඇත.



රජයේ උසස් නිලධාරීන්, නියාමන ආයතන, රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින්, රක්ෂණ සමාගම්, මූල්‍ය පාර්ශවකරුවන් සහ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඒ තුලින් මෙරට ආර්ථික හා සමාජීය ශක්තිමත්භාවය කෙරෙහි රක්ෂණ ක්ෂේත්‍රයේ වැදගත්කම පිළිබඳවද මනාව පැහැදිලි විය.

එසේම රටපුරා සියලු දෙනා වෙත රක්ෂණ පහසුකම් ලබාගැනීමේ අවස්ථාව උදා  කිරීම, මහජන විශ්වාසය හා රක්ෂණ ඔප්පු හිමියන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම, ඩිජිටල් සේවා හා නවෝත්පාදන ඉහළ නැංවීම, දත්ත යටිතල පහසුකම් සහ විනිවිදභාවය ඉහළ නැංවීම, ආර්ථික ශක්තිය හා අවදානම් කළමනාකාරණය වෙනුවෙන් සහාය ලබාදීම මෙන්ම සමස්ත ක්ෂේත්‍රයේ තරගකාරීත්වය හා තිරසාරත්වය වැඩිදියුණු කිරීම මෙම දියත් කිරීමෙහි අරමුණු වී තිබේ.

IRCSL හි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් රක්ෂණ කර්මාන්ත සංවර්ධන සැලසුම නිල වශයෙන් එළි දැක්වූ මෙම අවස්ථාවේදී ණය තොරතුරු කාර්යාංශය විසින් මධ්‍යගත රක්ෂණ දත්ත ගබඩාව පිළිබඳ පැහැදිලි කිරර්මක් සිදු කරන ලදී. එසේම මෝටර් රථ රක්ෂණ ඩිජිටල් කාඩ්පත එළි දැක්වීම, නව අනුකූලතා සහ ප්‍රධාන චක්‍රලේඛ පිළිබඳ දැනුවත් කිරීමේ සැසියක් මෙන්ම IRCSL ප්‍රවෘත්ති පත්‍රය එළිදැක්වීමද මෙම අවස්ථාවේ විශේෂත්වයක් විය.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව