HUTCH ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරතරය අවම කිරීමේ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, නව ග්‍රාමීය ප්‍රජාවන් රැසකට සම්බන්ධතා ලබාදෙයි

Capture

වසර ගණනාවක් පුරා විශ්වාසනීය සන්නිවේදන සම්බන්ධතාවයක් බලාපොරොත්තුවෙන් සිටි ග්‍රාමීය ප්‍රජාවන් සඳහා මෙය සැබෑ වෙනසක ආරම්භයකි. සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සහ තොරතුරු සෙවීම සඳහා දුර බැහැර ප්‍රදේශවලට ගමන් කිරීමට සිදු නොවේ. ගොවීන්ට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගැනීම සඳහා අවශ්‍ය වෙළඳපොළ මිල ගණන් සහ තොරතුරු නිසි වේලාවට ලබාගැනීමට හැකියාව ලැබී ඇත. නගරයේ අධ්‍යාපනය ලබන තම දරුවන් වෙත මුදල් යැවීම සඳහා දුර බැහැර ගමන් කළ දෙමාපියන්ට මෙන්ම, මීට පෙර අන්තර්ජාල වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට නොහැකි වූ කුඩා ව්‍යාපාරිකයන්ට ද, මෙම සම්බන්ධතාව නව දොරටුවක් විවර කර තිබේ.

HUTCH සමාගම සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL)  එක්ව නව සන්නිවේදන කුළුණු ස්ථාපිත කරමින් ‘ගමට සන්නිවේදනය’ යන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව පුරා පිහිටි දුෂ්කර හා සන්නිවේදන පහසුකම් නොතිබූ ග්‍රාමීය ප්‍රදේශ වෙත සිය සේවා ආවරණය පුළුල් කොට ඇත.




මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රථම වතාවට මහනුවර දිස්ත්‍රික්කයේ වැරැල්ලගම, පේළාව මුරුතලාව, හල්ලොළුව සහ තවත් ප්‍රදේශ 10කට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ කුමාරඑළිය, ජයගම, පහළගම, තලාව ඇතුළුව තවත් ප්‍රදේශ 02කට ද නව සන්නිවේදන පහසුකම් හිමි වී තිබේ. ඊට අමතරව, බදුල්ල, කළුතර, කෑගල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල නව ප්‍රදේශ 14ක් වෙත ද HUTCH සමාගම විසින් මෙලෙස සන්නිවේදන සබඳතා ලබා දී තිබේ.

HUTCH සහ TRCSL එක්ව ගෙන යන මෙම වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලංකාවේ broadband ආවරණය තවත් වර්ග කිලෝමීටර් 300කට ආසන්න භූමි ප්‍රමාණයක් දක්වා පුළුල් කර ඇති අතර ඒ සමඟම 10,000කට අධික පිරිසකට broadband සේවාව වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ද හිමිව තිබේ. මෙහි දී ජනතාව වාසය කරන ප්‍රදේශය කුමක් වුවද, ස්ථාපිත කරන සෑම නව කුළුණක් ඔස්සේම සමාන ඩිජිටල් අවස්ථා වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබා දෙමින් ඔවුන්ව තවත් එක් පියවරකින් ඉදිරියට සමීප කරයි.

HUTCH සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෞමිත්‍ර ගුප්තා මහතා ප්‍රකාශ කළේ දුෂ්කර ප්‍රදේශයක කුළුණක් ඉදිකිරීම කිසිවිටෙකත් පහසු කටයුත්තක් නොවන බවයි. මෙහිදී භූමි ප්‍රදේශයේ ස්වභාවය, ප්‍රවාහන හා සැපයුම් කටයුතු සහ  විදුලි සැපයුම යන සියල්ලම විවිධ අභියෝග මතු කරන නමුත් ඒ කිසිවක් අපගේ කැපවීම වෙනස් නොකරන බව ඔහු පෙන්වා දෙයි. ඩිජිටල් පරතරය අවම කිරීම යනු අප ඉඳහිට සිදු කරන දෙයක් නොවන බවත් එය අප අඛණ්ඩව ඉටු කරන වගකීමක් බවත් අවධාරණය කළ ඔහු කියා සිටියේ මෙම සුවිශේෂී ප්‍රයත්නයට නායකත්වය දීම සඳහා අපගේ ආයෝජනයන් තවදුරටත් ඉහළ නංවා ඇති බවයි.

එමෙන්ම දිස්ත්‍රික්ක පුරා හඳුනාගත් තවත් දුෂ්කර හා පහසුකම් නොමැති ප්‍රදේශ සඳහා නව කුළුනු, යටිතල පහසුකම් ඉදිකිරීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවත්, මෙම වසරේ ඉදිරි කාලය තුළ එම ව්‍යාපෘති සිදු කිරීමට නියමිත බවත් HUTCH සමාගම පෙන්වා දෙයි. තවද 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක දක්වා වර්ධනය කිරීමේ ඉලක්කයට සවියක් වෙමින්, විශ්වීය සන්නිවේදන සබඳතාවක් උදෙසා ‘ගමට සන්නිවේදනය’ යන වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට HUTCH නිරන්තරයෙන් කැපවී සිටියි.


ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව