ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට HUTCH සහ Browns EV සමාගම් එක්ව විදුලි වාහන මිලදී ගැනීමේ දී සහ ChargeUP මධ්‍යස්ථාන හරහා ආරෝපණය කිරීමේ දී වට්ටම් ලබාදෙන Loyalty වැඩසටහනක් හඳුන්වා දෙයි

IMG_4557.JPG (LBN)

 HUTCH සහ Browns EV සමාගම් එක්ව නව පියවරක් තබමින්, HUTCH Cheer Points හරහා ශ්‍රී ලංකාවේ විදුලි වාහන ක්ෂේත්‍රය සඳහා ප්‍රථම වරට වට්ටම් සහිත Loyalty වැඩසටහනක් හඳුන්වා දී තිබේ. මෙම වැඩසටහනට අනුව, Silver සිට Diamond දක්වා වූ සාමාජිකත්ව මට්ටම් වලට අදාළව, Wuling Cloud, Wuling Binguo, BAW E7 සහ BAW E7 Pro ඇතුළු තෝරාගත් විදුලි වාහන මාදිලි මිලදී ගැනීමේ දී Cheer Points භාවිත කරමින් මෙම විශේෂ වට්ටම් හිමිකර ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ඇත. Brown & Company PLC හි විදුලි වාහන අංශය වන Browns EV, ශ්‍රී ලංකාවේ Wuling සහ BAW යන විදුලි වාහන සන්නාමයන්හි බලයලත් අලෙවි නියෝජිතයා ලෙස කටයුතු කරයි.




HUTCH සමාගම, දිවයින පුරා පිහිටි ChargeUP මධ්‍යස්ථානවලින් විදුලි වාහන ආරෝපණ කිරීමේ දී Cashback දීමනා පිරිනමමින් එම විදුලි වාහන හිමිකරුවන්ට අමතර ප්‍රතිලාභ හිමිකර දීමට ද මෙහිදී පියවර ගෙන තිබීම සුවිශේෂත්වයකි. ඒ සඳහා ChargeUP ජංගම යෙදුමට පිවිසීමෙන් මෙම පහසුකම ලබා ගත හැකිය. මෙම සහයෝගීතාවය, ශීඝ්‍රයෙන් වර්ධනය වන Cheer Points වැඩසටහනේ තවත් එක් වැදගත් පියවරකි. තිරසාර ගමනාගමනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සිදු කරන ලද මෙම වැඩසටහන මඟින් පාරිභෝගිකයන්ගේ ජීවන රටාව, විනෝදාස්වාදය සහ සිල්ලර අලෙවිසැල් ජාලයට පමණක් සීමා වී තිබූ ප්‍රතිලාභ හා වට්ටම් පිරිනැමීම, වාහන සහ ප්‍රවාහන ක්ෂේත්‍රය දක්වා ද ව්‍යාප්ත කිරීම සිදු කර තිබේ.

Browns EV හි විධායක අධ්‍යක්ෂ පවිත්‍රා ජයසේකර මහත්මිය ප්‍රකාශ කර සිටියේ, “HUTCH සමඟ ඇති කරගත් මෙම සහයෝගීතාව තුළින් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන් වැඩි පිරිසකට විදුලි ප්‍රවාහන විසඳුම් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව සැලසෙන බවයි”. එමෙන්ම පාරිභෝගික Loyalty වැඩසටහන සමඟ විදුලි වාහන හිමිකර ගැනීමේ අවස්ථාව ඒකාබද්ධ තුළින් පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ රැසක් හිමිවන අර්ථවත් යෝජනාවක් ඉදිරිපත් කිරීමට හැකි වී ඇති බව ඇය වැඩිදුරටත් පෙන්වා දුනි.

HUTCH ශ්‍රී ලංකා හි ප්‍රධාන අලෙවිකරණ නිලධාරී හම්දි හසන් මහතා පැවසූයේ තිරසාරභාවය යනු අපගේ පාරිභෝගිකයින්ගේ දෛනික ජීවිතයේ ක්‍රියාකාරීත්වයට සැබෑ වටිනාකමක් ලබා දෙන සංකල්පයක් බවයි. විදුලි වාහන සඳහා Cheer Points භාවිත කිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසීම තුළ, ශ්‍රී ලංකාවේ ගෘහස්ථ පාරිභෝගිකයන්ට තිරසාර ප්‍රවාහන විසඳුම් වෙත යොමුවීමට සහය ලබා දෙන බවත් එය ඔවුන්ගේ ගෘහස්ථ වියදම් ඉතිරි කර ගැනීමට උපකාරී වන අතරම වඩාත් හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට ද එය ඉතාමත් දායක වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම උපායමාර්ගික පියවර මගින් HUTCH හි මව් සමාගම වන CK Hutchison Holdings හි පුළුල් තිරසාර දැක්ම මනාව පිළිඹිමු වේ. සිය ගෝලීය මෙහෙයුම් පුරා පාරිසරික වගකීම් තහවුරු කරමින් CK Hutchison සමාගම, දේශගුණික ක්‍රියාකාරකම්, කාබන් විමෝචනය අවම කිරීම සහ සම්පත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි නිරන්තර අවධානය යොමු කරයි. එම ගෝලීය අරමුණ ශ්‍රී ලංකාව තුළ ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින්, Browns EV සහ ChargeUP සමඟ ඇති කරගත් මෙම සුවිශේෂී හවුල්කාරිත්වය හරහා විදුලි වාහන  භාවිතය සහ ඒවා ආරෝපණය කිරීම පාරිභෝගිකයන්ට වඩාත් පහසු මෙන්ම වාසිදායක තත්ත්වයකට පත්කිරීමට HUTCH කටයුතු යොදා තිබේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව