
Home Lands Skyline සමාගම විසින් කොළඹ 05, තුම්මුල්ල ප්‍රදේශයේ සංවර්ධනය කරනු ලබන, අති සුඛෝපභෝගී ද්විත්ව කුළුණු සහිත සුවිශේෂී උස් මහල් නේවාසික සංකීර්ණයක් වන ‘Pentara Residencies’ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් ඉංජිනේරු සමාගම විසින් පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරුණා.
කොළඹ නගරයේ ඉදිරියට එන ප්‍රමුඛතම නේවාසික සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් වූ කැපවීම ප්‍රදර්ශනය කරමින්, CHEC සමාගමේ සහ Home Lands Skyline සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ව්‍යාපෘති උපදේශකයින්, ආයෝජකයින් මෙන්ම ආරාධිත අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම ව්‍යාපෘතියේ නිල ඉදිකිරීම් සහකරු ලෙස, CHEC සමාගම සිය ඉංජිනේරුමය ශක්තිය, උස් මහල් ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්රයේ සතු සුවිශේෂී ප්‍රවීණත්වය සහ මහා පරිමාණ ව්‍යාපෘති සාර්ථකව නිම කිරීමේ මෙහෙයුම් හැකියාව මේ සඳහා දායක කරනු ඇත. ව්‍යාපෘතියේ පවතින තාක්ෂණික සංකීර්ණත්වය සහ කොළඹ නගරයේ ප්‍රධානතම නාගරික කලාපයක එය පිහිටා තිබීම සැලකිල්ලට ගත් කල, Pentara Residencies ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට CHEC සමාගමේ දායකත්වය අතිශයින්ම තීරණාත්මක වේ.
Home Lands Skyline සමාගමේ ‘Pentara Residencies’ නිවාස සංකීර්ණය කොළඹ නගරයේ ප්‍රධාන පරිපාලන සහ නේවාසික දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති අතර, එය කොළඹ නගර මධ්‍යයේ සිට කිලෝමීටර 4ක් පමණ ද, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කිලෝමීටර 35ක් පමණ ද, සහ කොළඹ වරාය බහාලුම් පර්යන්තයේ සිට කිලෝමීටර 7.4ක් පමණ ද වන කෙටි දුරකින් පිහිටා ඇත.
Pentara Residencies යනු මහල් 31කින් සහ 41කින් යුත් ද්විත්ව කුළුණුවලින් සමන්විත, ආසන්න වශයෙන් වර්ග මීටර 87,000ක මුළු දළ බිම් ප්‍රමාණයකින් යුත් අති සුඛෝපභෝගී නේවාසික සංවර්ධන ව්‍යාපෘතියකි.
මෙලෙස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම ව්‍යාපෘතියේ ඉදිරි ගමන සනිටුහන් කරන වැදගත් පියවරක් වන අතර, එය CHEC සමාගම සහ Home Lands Skyline සමාගම ඇතුළු සමස්ත ව්‍යාපෘති කණ්ඩායම අතර පවතින ශක්තිමත් සහයෝගීතාව මැනවින් පිළිඹිබු කරයි. එමෙන්ම, කොළඹ නගරයේ දිනෙන් දින වෙනස් වන නාගරික භූ දර්ශනයට සාධනීය දායකත්වයක් සපයන උසස් ප්‍රමිතියෙන් යුත් නේවාසික ව්‍යාපෘතියක් සාර්ථකව නිම කිරීමට පාර්ශවකරුවන් තුළ ඇති විශ්වාසය ද මින් මතුකර පෙන්වයි.
මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ (CHEC) කළමනාකාර අධ්යක්ෂ Wang Gang මහතා ප්‍රකාශ කර සිටියේ “Home Lands Skyline සමාගමේ Pentara Residencies යනු කොළඹ නගරයේ ඉදිවන සුවිශේෂී උස් මහල් නේවාසික ව්‍යාපෘතියක් වන අතර, එහි ඉදිකිරීම් සහකරු ලෙස කටයුතු කිරීමට ලැබීම CHEC සමාගම ලැබූ ගෞරවයක් බවයි. මෙවැනි මහා පරිමාණ ව්‍යාපෘතියක් සඳහා ශක්තිමත් ඉංජිනේරුමය සම්බන්ධීකරණයක්, කළමනාකරණයක් මෙන්ම ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ නොසැලෙන කැපවීමක් අත්‍යවශ්‍ය වෙනවා. Home Lands Skyline සමාගම සමඟ අප ඇති කරගෙන තිබෙන හවුල්කාරිත්වය ගොඩනැඟී ඇත්තේ උසස් ඉදිකිරීම් ප්‍රමිතීන්ට අනුකූල වෙමින්, කොළඹ නේවාසික ක්ෂේත්රය තුළ දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කරන ව්‍යාපෘතියක් දායාද කිරීමේ පොදු අරමුණ මතයි.”
මෙම ඉදිකිරීම් කටයුතු ආරම්භ වීමත් සමඟ කාර්මික සම්බන්ධතා පුළුල් වීම, දේශීය සැපයුම්කරුවන්ගේ සහභාගීත්වය ඉහළ යාම සහ නව රැකියා අවස්ථා උත්පාදනය වීම හරහා කලාපීය ආර්ථික ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, නගරයට උසස් තත්ත්වයේ සිරස් නේවාසික යටිතල පහසුකම් එක් කිරීම මඟින් නවීන නාගරික මධ්‍යස්ථානයක් ලෙස කොළඹ නගරය සතු ස්ථානය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
CHEC සමාගම මේ සඳහා දායක වීම, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් සහ යටිතල පහසුකම් ක්ෂේත්රයන්හි සංවර්ධනය වෙනුවෙන් එම සමාගම දක්වන අඛණ්ඩ දායකත්වය නැවත වරක් සනාථ කරන්නකි. සංකීර්ණ හා මහා පරිමාණ ව්‍යාපෘතීන් සාර්ථකව නිම කිරීමේ පුළුල් අත්දැකීම් සමුදායක් සතු CHEC සමාගම, ජාත්‍යන්තර ඉදිකිරීම් ප්රමිතීන්, තාක්ෂණික විනය සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය ආරක්ෂා කරමින් Pentara Residencies ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට මැනවින් සුදුසුකම් ලබා ඇත.
මෙම ව්‍යාපෘතිය තුළින් පිළිඹිබු වන්නේ කොළඹ නගරයේ නේවාසික වර්ධනයේ මීළඟ අදියර සඳහා දායක වීමට CHEC සහ Home Lands Skyline සමාගම් සතු පොදු දැක්මයි. මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසු, Pentara Residencies නිවාස සංකීර්ණය කොළඹ 05 ප්‍රදේශයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්වනු ඇත.


