විශේෂ ලීසිං පහසුකම් මඟින් GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා HNB සහ ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් අත්වැල් බැඳගනී

Davied peries (LBN)

සුවිශේෂී ලීසිං විසඳුම් සමඟින් ශ්‍රී ලංකාව තුළ GWM වාහන මිලදී ගැනීම පහසු කිරීම සඳහා හැටන් නැෂනල් බැංකුව ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ උපායමාර්ගික හවුල්කාරිත්වයකට පසුගියදා එළඹුණේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා මෙසේ පැවසුවේය. “විශ්වාසදායක මූල්‍ය ආයතනයක් ලෙස, අපගේ ගනුදෙනුකරුවන් නඟා සිටුවීමට අපි සැමවිටම කැපවී සිටිනවා. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම සමඟ අපගේ හවුල්කාරිත්වය හරහා, තරඟකාරී ලීසිං විසඳුම් සහ ශක්තිමත් මූල්‍ය ආරක්ෂාවක් තුළින් විශ්වාසයෙන් යුතුව GWM වාහන හිමිකර ගැනීමට ගනුදෙනුකරුවන්ට ඉතා හොඳ අවස්ථා උදා කර දෙනවා.”




ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සමාගම හරහා GWM වාහන මිලදී ගන්නා ගනුදෙනුකරුවන් සඳහා ආකර්ෂණීය ලීසිං පොලී අනුපාත, විධිමත් අනුමත කිරීමේ ක්‍රියාවලීන් සහ දිවයින පුරා පවතින HNB පාරිභෝගික ඒකක හරහා ලබා දෙන උපදේශන සහාය භුක්ති විඳිය හැකිය.

එමෙන්ම මේ යටතේ HNB General Insurance හරහා පිරිනමන වට්ටම් සහිත වාහන රක්ෂණ වාරික ද පාරිභෝගිකයින්ට භුක්ති විඳිය හැකි අතර, එමඟින් වැඩි ඉතිරියක් සහ කණගාටුවකින් තොරව ආරක්ෂාව පිළිබඳව මානසික සැනසිල්ල ද අත්කර ගත හැකිය. තවද HNB වෙතින් GWM වාහන මිලදී ගෙන ලීසිං පහසුකම් ලබා ගන්නා සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන් සඳහා HNB ඇෂුවරන්ස් නොමිලේ ජීවිත රක්ෂණ ආවරණයක් ද ලබා දෙනු ඇත.

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගමේ විකුණුම් සහ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී යසන්ත අබේකෝන් මහතා මෙම හවුල්කාරිත්වය පිළිබඳව සිය අදහස් මෙසේ බෙදා ගත්තේය. ‘’නව ඉංජිනේරු තාක්ෂණය, නවීන මෝස්තර සහ උසස් තත්ත්වයේ ප්‍රමිතීන් සඳහා ගෝලීය වශයෙන් පිළිගත් මෝටර් රථ හඳුන්වා දෙමින්, මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාවට GWM වාහන ගෙන ඒමට හැකිවීම ගැන අපි ආඩම්බර වෙනවා. HNB හරහා නම්‍යශීලී ලීසිං විසඳුම් ලබාදීම තුළින් ජාත්‍යන්තර මට්ටමේ වාහන හිමිකර ගැනීමට පාරිභෝගිකයින් දිරිමත් කිරීමට අපට හැකි වෙනවා.’’

ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් (පුද්) සමාගම මෙම දීමනාවට අමතරව පාරිභෝගිකයන්ට විශේෂ වාසි කිහිපයක් ලබා දෙනු ඇත. මීට HNB වෙතින් ලබා දෙන සැපයුම් ගිවිසුම (Supply Agreement) ඉදිරිපත් කිරීමෙන් සහ පාරිභෝගිකයාගේ මූලික ගෙවීම සිදු කිරීමෙන් පසු, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචිය නොමිලේම සිදු කර දීම ඇතුළත් වේ. තවද, පාරිභෝගිකයින්ට ශ්‍රම ගාස්තු රහිත සේවා වාර දෙකක් ද හිමි වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව