HNB, Data Freedom සමඟින් බාධාවකින් තොරව ඩිජිටල් බැංකුකරණ සේවාවන් සඳහා සම්බන්ධ වීමේ හැකියාව සහතික කරයි

Image 01 (LBN)

ශ‍්‍රී ලංකාවේ වඩාත් ඩිජිටල් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සෑම ගනුදෙනුකරුවකුටම පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ඩිජිටල් බැංකුකරණ අත්දැකීමක් ලබා දීම සඳහා Data Freedom හඳුන්වා දී ඇත. මේ යටතේ කිසිඳු ගාස්තුවකින් තොරව HNB හි ඩිජිටල් බැංකුකරණ සේවාවන් වෙත ඇතුළත් වීමට ගනුදෙනුකරුවන්ට අවස්ථාව උදා වේ. ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමඟ එක් වෙමින් ශ‍්‍රී ලාංකේය බැංකු ඉතිහාසයේ ප‍්‍රථම වට හඳුන්වා දෙනු ලැබූ මෙම අද්විතීය සේවාව තුළින් HNB හි ඩිජිටල් බැංකු යෙදවුම, ඩිජිටල් බැංකු වෙබ් අඩවිය, SOLO app, SOLO Merchant app, SOLO Merchant app වෙබ් අඩවිය, SOLO වෙබ් අඩවිය සහ ආයතනික වෙබ් අඩවිය ඇතුළු සියලූ ඩිජිටල් වේදිකා වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීමේ හැකියාව ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත.

 



 

බැංකු ක්ෂේත‍්‍රයේ මෙම සුවිශේෂී සංධිස්ථානය සනිටුහන් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB සහකාර සාමාන්‍යාධිකාරී ඩිජිටල් ව්‍යාපාර චම්මික වීරසිංහ මහතා සඳහන් කර සිටියේ ‘‘ඩිජිටල් බැංකු සේවා භාවිත කරන අපගේ ගනුදෙනුකරුවන්ට Data Freedom හඳුන්වාදීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. මෙම නවතම හන්වාදීම තුළින් සුවිසල් පරිවර්තනයක් ඇති කිරීම හා ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීම වෙනුවෙන් අප සිදු කරන කැපවීම මනාව පිළිබිඹු වනවා. බැංකු සේවාවන් සලසා ගැනීම සඳහා පහසුවෙන් ප‍්‍රවේශ වීමට මෙන්ම බාධාවකින් තොරව ඔවුන්ගේ ඩිජිටල් බැංකු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට අපි උත්සාහ කරනවා.’’ යනුවෙනි.

HNB ගනුදෙනුකරුවන් හට තමන්ගේ ගිණුමෙහි ප‍්‍රමාණවත් ශේෂයක් නොමැතිවීම හෝ ණය සීමාව ඉක්මවා යාම වැනි හේතු නිසා දත්ත සම්බන්ධතා ලබා ගැනීමට නොහැකි වුවද සිය ඩිජිටල් ගිණුම් වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව උදා වන අතරම ඕනෑම HNB ඩිජිටල් වේදිකාවක් වෙත පිවිසීම තුළින් පහසුවෙන් සිය දුරකතන ගිණුම රීලෝඞ් කර ගැනීමේ හැකියාවද ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමඟ වන මෙම සහයෝගීතාවය තුළින් අවස්ථාව හිමි වේ.

මෙහිදී අදහස් දැක්වූ SLT-Mobitel පාරිභෝගික සේවා ප‍්‍රධානී අසංක ජයවර්ධන මහතා සඳහන් කර සිටියේ ‘‘ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් බැංකුකරණ ක්ෂේත‍්‍රයට නව අරුතක් එක් කළ Data Freedom වැඩසටහන හඳුන්වා දීම වෙනුවෙන් HNB සමඟ එක්වීමට ලැබීම අප ලද භාග්‍යයක්. මෙරට ඩිජිටල් බැංකුකරණ සේවාව ඉදිරියට ගෙන යාම සඳහා ආයතන දෙකෙහිම කැපවීම මේ තුළින් මනාව ප‍්‍රදර්ශනය වනවා. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සැපයුම්කරු ලෙස මූල්‍ය සේවාවන් ප‍්‍රවර්ධන කිරීම වෙනුවෙන් මෙම හවුල්කාරීත්වය සඳහා බෙහෙවින් කැප වන අප, සියලූ දෙනාට ප‍්‍රවේශ විය හැකි බැංකුකරණ අත්දැකීමක් ලබා දෙමින් ජනතාව තුළ ඩිජිටල් භාවිතයේ නව ප‍්‍රමිතියක් නිර්මාණය කිරීමට අරමුණු කොට ගෙන තිබෙනවා.’’ යනුවෙනි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව