හෙල්ත්ගාඩ් ජාලය පුළුල් කරමින් නව ශාඛාවක් ගල්කිස්සේදී විවෘත කෙරේ

Image 02 (LBN)

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමාගමේ සුව සේවා අංශයට අයත්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය හා සුවතා පාරිභෝගික සේවා ජාලය වන හෙල්ත්ගාඩ්, තම 17 වන ශාඛාව ගල්කිස්ස නගරයේදී විවෘත කරමින් සිය ව්‍යාපාරික ජාලය තවදුරටත් ශක්තිමත් කර තිබේ. පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත්, විශ්වාසනීය ඖෂධීය සේවාවන් පොදු ජනතාවට වඩාත් සමීපව සහ පහසුවෙන් ලබාදීමට හෙල්ත්ගාඩ් සමාගම දක්වන අඛණ්ඩ කැපවීම මෙමගින් මනාව පෙන්නුම් කරයි-




හෙල්ත්ගාඩ් කළමනාකාරීත්වය සහ එම ශාඛාවේ කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම නව ශාඛාව විවෘත කිරීමේ උත්සවය, සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් සහ සමූහයේ ප්‍රධාන මානව සම්පත් හා ආයතනික සන්නිවේදන නිලධාරිනී මිෂෙල් සේනානායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පාරිභෝගිකයින්ට ගුණාත්මක ඖෂධ සහ සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන වඩාත් පහසුවෙන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමට මෙන්ම, ඔවුන්ට වඩාත් හිතකාමී සහ ගැලපෙන සේවාවක් සැපයීම අරමුණු කරගත් හෙල්ත්ගාඩ් හි ව්‍යාපාරික සැලසුම්වල තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස මෙම නව ශාඛාව හැඳින්විය හැකිය.

මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධානතම අංගය වන්නේ, එක් එක් පාරිභෝගිකයාගේ සුවිශේෂී අවශ්‍යතාවලට මුල්තැන දෙමින් ක්‍රියාත්මක වන හෙල්ත්ගාඩ් ආයතනයටම අනන්‍ය වූ ‘Purple Service’ සේවා ආකෘතියයි. එමගින් පාරිභෝගිකයින්ට අවශ්‍ය උපදෙස්, සුහදශීලී සේවාව සහ ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ඉහළ ප්‍රමිතියක් සහතික කරමින්, විශ්වාසය හා පහසුව සපිරි සුවිශේෂී සේවා අත්දැකීමක් ලබාදීමට හෙල්ත්ගාඩ් සමාගම සමත්ව ඇත.

නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමින් හෙල්ත්ගාඩ් ෆාමසි ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ෆර්මාන් නිසාර් මහතා සඳහන් කළේ, “ගල්කිස්ස නගරය වෙත අපගේ ව්‍යාපාරික ජාලය ව්‍යාප්ත කිරීම තුළින් පැහැදිලි වන්නේ, ගුණාත්මක සුව සේවාවන් පොදු ජනතාව වෙත වඩාත් සමීප කරවීම සඳහා අප දක්වන අඛණ්ඩ කැපවීමයි. පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය සහ අපටම අනන්‍ය වූ ‘Purple Service’ සේවා ආකෘතිය ඔස්සේ, සෑම හෙල්ත්ගාඩ් ශාඛාවකින්ම විශ්වාසනීය මෙන්ම එක් එක් පුද්ගලයාට ගැළපෙන සුවිශේෂී ෆාමසි අත්දැකීමක් ලබාදීම අපගේ අරමුණයි.” යනුවෙනි.

ශ්‍රී ලංකාවේ ඖෂධ අලෙවි ක්ෂේත්‍රයේ විශ්වාසනීය නාමයක් දිනා සිටින හෙල්ත්ගාඩ්, සිය උසස් නිෂ්පාදන ප්‍රමිතීන් සහ විශිෂ්ට පාරිභෝගික සේවාව එලෙසම පවත්වා ගනිමින් සිය ශාඛා ජාලය ශක්තිමත් කිරීමට නිරන්තරයෙන් අවධානය යොමු කරයි. ගල්කිස්ස නගරයේ විවෘත කරන ලද මෙම නව ශාඛාව එම කැපවීම තවදුරටත් සනාථ කරයි- තවද මෙමගින් සන්නාමයටම අනන්‍ය වූ සේවා අත්දැකීම තවත් පාරිභෝගිකයින් රැසකට සමීප කිරීමට මෙන්ම, ශ්‍රී ලංකාව පුරා ගුණාත්මක සුව සේවාවන් පහසුවෙන් ළඟා කරදීමේ දිගුකාලීන දැක්ම සාක්ෂාත් කර ගැනීමටද මනා දායකත්වයක් ලැබෙනු ඇත.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව