
‘Bring Your Best Cake’ දකුණු වෙරළ තීරය ප්‍රීතිමත් උත්සව බිමක් බවට පත් කරයි
කේක් රසයට මෙන්ම මුහුදු වෙරළේ සුන්දරයත්වට කැමැත්තත් දක්වන ඔබ වෙනුවෙන්ම මුහුදු වෙරළේ සිට ප්‍රීතිමත් අත්දැකීමක් උරුම කර ගැනීමේ අවස්ථාවක් Yazu at the Beach විසින් හිමි කර දී ඇත. එළඹෙන නොවැම්බර් 26 වැනි දින ප.ව 1 සිට 6 දක්වා ගාල්ල Radisson Blu Resort හිදී පැවැත්වීමට නියමිත ‘Bring Your Best Cake’ වැඩසටහන තුලින් මෙම සුවිශේෂී අත්දැකීම ඔබට හිමිකර ගත හැකිය.
සාමාන්‍ය කේක් කැපීමේ උත්සවයකට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක් උදා කර දෙන මෙහිදී ඔබ කැමතිම කේක් රසයක් අන් අය සමඟ බෙදා හදා ගනිමින්, මුහුදු සුළඟේ පහස සහ හිතමිතුරන්ගේ ඇසුර මැද රසවත් සැඳෑවක් ගත කිරීමට ඔබට ආරාධනා කරයි. ඔබ නිවසේදී සාදාගත් හෝ වෙනත් ඕනෑම තැනකින් මිලදීගත් කේක් මෙම සැමරුම සඳහා යොදා ගත හැකිය.
මෙම සැමරුමට සීමාවකින් තොරව රසවත් කෙටි කෑම, තේ සහ කෝපි මෙන්ම සජීවී කේක් මිශ්‍ර කිරීමේ අවස්ථාවක්, වෙරළබඩ DJ සංගීතය සහ සජීවී සංගීතය ඇතුළත් වේ. තවද, පස්වරු 5.30 සිට 6.30 දක්වා තෝරාගත් පාන වර්ග සඳහා buy-one-get-one-free විශේෂ දීමනාවක්ද අමුත්තන්ට හිමි වේ. එක් අයෙකු සඳහා ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 1,500ක් වන අතර, මෙය ශ්‘ම විලාසිතාවට ජීවිතයේ මිහිරි පැත්ත විඳගැනීමට කෙරෙන සුන්දර ආරාධනයකි.
සැමරුම කේක් සහ රසවත් අයිසිං වලට වඩා එහා ගිය මෙම සැමරුම මෙම වසර මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ සිය පළමු ආරම්භය සිදු කළ දා සිට, Yazu at the Beach ගාලු පුරවරයේ දිනෙන් දින ඉහළ යමින් පවතින ජීවන රටා අත්දැකීමක් සහ නවමු රසයක් එක් කරමින් සිටියි. ඉන්දියාවේ ප්‍රසිද්ධ Pan-Asian හෝටල් සන්නාමයේ පළමු ජාත්‍යන්තර ශාඛාව වන Yazu අපූරු නිර්මාණශීලී ආහාර වර්ග, විචිත්‍රවත් විනෝදාස්වාදය සහ සමාජීය අත්දැකීම් දකුණු වෙරළට හඳුන්වා දී ඇත.
ජපන් ආභාෂය ලත් ජනප්‍රිය ආහාර සහ කැන්ටනීස් (Cantonese) විශේෂ ආහාර වර්ගවල සිට නිර්මාණශීලී පාන වර්ග සහ මනාව සැලසුම් කළ භෝජන අත්දැකීම් දක්වා, Yazu අවන්හලක් හුදෙක් ආහාර ගන්නා ස්ථානයක් පමණක් නොව විනෝදාස්වාද මධ්‍යස්ථානයක් බවදටද ප්‍රදර්ශනය කරමින් සිටියි. ආහාර, සංගීතය සහ මිනිසුන් එකට එක් කරන ඔවුන්ගේ මෙම නවමු ප්‍රවේශය, සාමාන්‍ය රාත්‍රී සාදයකට එහා ගිය සුවිශේෂී අත්දැකීම් නිර්මාණය කරනු නිසැකය.
තමන්ගේ සතුටක් අන් අය සමඟ බෙදාගත හැකි සුවිශේෂී අවස්ථාවක් ලෙස ‘Bring Your Best Cake’ හඳුන්වා දිය හැකිය. සාම්ප්‍රදායික රාමුවෙන් බැහැරව, මුහුදු වෙරළද සැමරුමේම කොටසක් බවට පත් කරමින් සුන්දර පරිසරයක මිනිසුන් එකට එක් කිරීම සඳහා මෙම වැඩසටහන නිර්මාණය කර ඇත.
නිර්මාණශීලී අත්දැකීම්වලින් පිරුණු සිය ඉදිරි වැඩසටහන් මාලාව සමඟින්, ගාල්ලේ සමාජීය වටපිටාව නැවත අත්විඳීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට නවමු හේතු ලබා දීමට Yazu අඛණ්ඩව කටයුතු කරයි.
ඔබගේ ආදරණීයයන් සමඟ සතුට බෙදා හදා ගැනීමට මේ සුවිශේෂී ඉඩකඩ අදම වෙන් කර ගන්න +94 70 748 6486 අංකය අමතන්න. Yazu සමඟින් අසමසම අත්දැකීමක් විඳගන්න.


