Galaxy Watch4 කාණ්ඩය සමඟින් තමන්ගේ පෞරුෂය නිරූපණය කිරීම

Webp.net-resizeimage




 

වත්මන් ජීවන රටාව තුළ අප අඳින ඇඳුම්-පැළඳුම්, මිලදී ගනු ලබන devices වල සිට අප ජීවත් වන වටාපිටාව දක්වා වූ විවිධාකාර තේරීම් තිබුණද ඒවායේ දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ ඒවා තුළින් තමාවම නිරූපණය කිරීමයිx මෙම තෝරාගැනීම්වලදී අපගේ පෞරුෂත්වයට මුල් තැන දීම හා ප‍්‍රමුඛත්වය දීම ඉතා වැදගත් වේ.

එවැනි නව ප‍්‍රවණතා අනුගමනය කරමින් අද වන විට Smartwatches තමාව නිරූපණය කිරීමේ ප‍්‍රධාන අංගයක් බවට පත්ව ඇත්තේ තවත් එක් device එකක් ලෙස එහි කාර්යභාරය ඉක්මවා යන device එකක් ලෙස වීම කැපී පෙනේ. සැම්සුන් Electronics’ Galaxy Watch4 කාණ්ඩයට ද මෙය එසේමය. එහි වෘත්තාකාර හැඩය Galaxy Watch කාණ්ඩයටම සුවිශේෂී වූ අනන්‍යතාවයකි. එම සුවිශේෂී අනන්‍යතාවයත් පාරිභෝගිකයාට ගැලපෙන පරිදි වෙනස් කළ හැකි ඔරලෝසු මුහුණත් තුළින් අද්විතීය ලෙස තමාව නිරූපණය කිරීමත් සහිතව එන Galaxy Watch4 සැබවින්ම නවීන පන්නයේ පරිශීලකයින් සඳහාම නිර්මාණය කර ඇත.

Galaxy Watch4 නිර්මාණය කළ ආකාරය

වෘත්තාකාර හැඩය යනු සැම්සුන් Galaxy Watch හි පළමු අනන්‍යතාවයයි. බොහෝ සාම්ප‍්‍රදායික ඔරලෝසුවලට සමාන සරල මෙම වෘත්තාකාර හැඩය ආරම්භයේ සිටම Galaxy Watch කාණ්ඩයට ඇතුළත් කර ඇති මූලික අංගයකි. Galaxy Watch4 සහ Galaxy Watch4 Classic යන ද්විත්වයටම එයටම සුවිශේෂී වූ (consistent identity) ඇත.

සැම්සුන් නිර්මාණකරුවන් මූලික ඔරලෝසුවක ඇති සියලූම ගුණාංග සහිතව සංකීර්ණ බවින් තොර හෝ සිත් ඇද ගන්නා සුළු සැබවින්ම වෙනස් වූ නිෂ්පාදනයක් සංවර්ධනය කිරීම සඳහා මෙම පරිශීලක-හිතකාමී ආකෘතිය නිර්මාණය කිරීමට වෙහෙස මහන්සි වී කටයුතු කළේය. අනවශ්‍ය අංග සියල්ල ඉවත් කිරීමෙන් සහ මෙම device එකේ සැබෑ වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරීමෙන් දිගුකල් පවතින බවින් යුතුව  ඕනෑම පරිශීලකයෙකුගේ අතට හොඳින් ගැලපෙන ඔරලෝසු මෝස්තරයක් නිර්මාණය කිරීමට Galaxy Watch කාණ්ඩයේ නිර්මාණකරුවන් සමත් වී තිබේ.

Seamless Aesthetic, Seamless Fit

Galaxy Watch4 ශ්‍රේණියේ straps ඔරලෝසුව සමඟ හොඳින් සම්බන්ධ වී තිබේ. එහි screen එක වඩාත් හොඳින් කැපී පෙනීම සඳහා හැඩය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙමින් රවුමක් ආකාරයට සැම්සුන් හි නිර්මාණකරුවන් මෙය නිර්මාණය කර ඇත. Galaxy Watch4 හැඩය ඔබේ අතට අලංකාරයක් එක් කරනවා පමණක් නොව එය පරිශීලකයින්ගේ අතට හොඳින් සවිවන වන පරිදි නිර්මාණය කර තිබේ. මෙම හැඩකාර හා නම්‍යශීලී නිර්මාණය පරිශීලකයින් පැළඳි විට ඔවුන්ට වඩාත් සුව පහසු බවක් ලබා දෙයි.

Effective Materials

පරිශීලකයාගේ අපේක්ෂාව සපුරාලීමට එනම් අලංකාරය මෙන්ම ක‍්‍රියාකාරීත්වය සැලකිල්ලට ගෙන Galaxy Watch4 කාණ්ඩයේ straps නිෂ්පාදනය කිරීමට සැම්සුන් නිර්මාණකරුවන් විශේෂයෙන් අවධානය යොමු කොට තිබේ. එහි ප‍්‍රතිඵලයක් ලෙස එම straps පිටත කොටස සම් වලින් සහ ඇතුලත කොටස දහඩියට ඔරොත්තු දෙන ආකාරයේ Fluoroelastomer (FKM) වලින් යුතුව Hybrid Leather Band එකක් ලෙස ඉතා සූක්ෂම නිර්මාණය කර තිබීම සුවිශේෂී වේ. මෙම straps වල බාහිර සහ අභ්‍යන්තර පැති එකිනෙකට වෙනස් materials වලින් සාදා ඇති අතර, ඒවා ගැලපෙන වර්ණවලින් යුතුව නිමවා ඇත.

Your Style, Your Way

Galaxy Watch4 කාණ්ඩය කළු සහ රිදී යන වර්ණ දෙකකින් ඔබට මිලදී ගත හැකිය. ඔබට තෝරා ගැනීමට ඔරලෝසු මුහුණත් සහ විශේෂාංග සමඟින් Galaxy Watch4 මඟින් ඔබගේ පෞරුෂයට සහ ඔබගේ ජීවන රටාවට ගැලපෙන ඔරලෝසු මුහුණතක් සකසා ගැනීමට ඔබට හැකියාව ලබා දෙයි.

දැන් ඔබට නව ඔරලෝසු මුහුණත් හතරකින් තෝරා ගැනීමට හැකියාව ඇති නිසා ඔබගේ අත දෙස බැලීමෙන් ඔබ වැඩිපුරම පරීක්ෂා කිරීමට කැමති ඕනෑම තොරතුරක් ඔබට දැනගත හැකිය. ඔබ ඔබගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ උනන්දුවක් දක්වන්නෙකු නම් හෝ ඔබගේ සෞඛ්‍ය දත්ත ගැන අවධානයෙන් සිටීමට අවශ්‍ය නම් Galaxy Watch4 හි නව Info Brick ඔරලෝසු මුහුණත ඔබට කැමති පරිදි සකසා ගත හැකිය. එසේත් නැත්නම් දේශගුණය පිළිබඳ තොරතුරු බලා ගැනීමට හැකි ඔරලෝසු මුහුණතක්, සාමාන්‍ය ඔරලෝසු මුහුණතක් හෝ Galaxy Z Fold3 සහ Galaxy Z Flip3 සහාය දක්වන සජීවී wallpapers ඔබට තෝරාගත හැකිය. මේ සියල්ල ඔබට ගැලපෙන පරිදි සකස් කරගත හැකි වීම කැපී පෙනේ.

A Gift for Oneself

Galaxy Watch4 යනු smartwatch එකකින් ඔබ්බට ගිය සැබවින්ම අපගේ සැබෑ වටිනාකම් පිළිබිඹු කරන තමාටම ලබා දිය තිළිණයක් ලෙස පෙන්වා දිය හැකිය. පෞද්ගලිකත්වයට ගැලපෙන පරිදි නිර්මාණය කර ඇති Galaxy Watch4 පරිශීලකයාගේ එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු පහසු කරන ආදරණීය සහකරුවකු ලෙස ක‍්‍රියාකරන අතර ඔවුන් යන  ඕනෑම තැනක ඔවුන් සමඟ රැගෙන යාමට ද හැකිය.

ලබා ගත හැකි ක‍්‍රම

පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් පාරිභෝගිකයින්ට Galaxy Watch4 ඔබට මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Softlogic Max, Singer, Singhagiri සහ Damro මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් සහ Online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ලබා ගත හැකිය.

ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය  ඕනෑම වේලාවක ලබා දීමට අප සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.

Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.




 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව